ජීවත් වෙන්න අවශ්‍යම නීතිය

මොකද්ද මේ ජීවත් වෙන්න අවශ්යම නීතිය?

” විශ්ව ආකර්ශන නීතිය” මෙම නීතිය ඔබ බොහෝ දුරට අසා ඇති නමුත් එය ක්‍රියාත්මක කරන පුද්ගලයෝ සිටින්නේ ඉතා අල්ප වශයෙනි. විශ්ව ආකර්ශන නීතිය නැතහොත් LAW OF ATTRACTION යන නීතිය අපගේ ජීවිතයට බෙහෙවින් බලපාන නීතියක් මෙම නීතිය අනුගමනය කරමින් අප අපගේ ජීවිතය ගෙවනවානම් බොහෝදුරට ජීවිතයට සතුට පමනක් අතවනනු ඇත.

ආකර්ශන නීතියෙන් කෙරෙන්නේ ධනාත්මක හෝ නිෂේධාත්මක සිතුවිලි පුද්ගලයෙකුගේ ජීවිතයට ධනාත්මකව හෝ සෘණාත්මක ලෙස අත්දැකීම් ගෙන එනු ඇතයි විශ්වස කිරීමයි. මිනිසාගේ සිතුවිලි වල පිරිසිදුභාවය ඔස්සෙ  එම ආකර්ශන නීතිය බැදී ඇතිබව චින්තකයෝ පහදා දෙයි. මේ ඔස්සේ පුද්ගලයෙකුගේ ධනය,සෞඛ්‍ය හා අන්තර් සබදතා වැඩි දියුණුකර ගත හැකි බව ඔවුන් පවසයි.

මෙම නීතියෙන් නිර්මාණය කිරීමට වෙහෙස දරන්නේ මිනිසුන්ගේ නිෂේධාත්මක සිතුවිලි ඵලදායී ලෙස ධනාත්මක සිතුවිලි බවට පරිවර්තනය කිරීමයි.ඒ තුලින් ධනාත්මක චිත්තවීගී සංයෝජනය මගින තම ජීවිතයට අදාල අවස්තාවන ආකර්ෂණය කර ගැනීමට ඉඩ සලසා දීමයි.

මෙම නීතියට විද්‍යාත්මක පදනමක් නොමැති අතර මෙය අව්‍යාජ විද්‍යාවක් ලෙස සැලකේ.

මෙම විශ්ව ආකර්ශන නීතියේ ආරම්භය 19 වන සියවසේ මුල් භාගයේ ෆීනියාස් ක්විම්බිගේ ඉගැන්වීම් තුලින් ආරම්භ විය. නමුත් මෙය ඉතා ප්‍රචලිත වූයේ 20 වන ශතවර්ෂයේ වන අතර ඒ කාලයේ මේ සම්බන්දව බොහෝ අය පොත් ලියූ අතර මේ අතරින් වඩාත් ජනප්‍රිය වූ පොත් වූයේ නපෝලියන් හිල් විසින් රචිතසිතන්න හා වර්ධනය කරගන්න ’’ යන කෘතිය හා නෝමන් වින්සන්ට් විසින් රචිතධනාත්මක චින්තනයේ බලය යන කෘතීන්ය.

ඉන්පසුව නැවතත් 2006දී මෙය කරලියට එන අතර 2007දී මෙම නීතිය සම්බන්දයෙන් සිනමාපටයෙකුත් නිර්මාණය විය.

  • කොහොමද විශ්ව ආකර්ශන නීතිය අපි යොදාගන්නේ?
  • මුලින්ම අපි ලද දෙයින් සතුටු වීම කෙරෙහි අවධානය යොමු කලයුතු වෙනවා. ලෝකයේ මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු එකිනෙකාට චෝදනා කර ගනිමින් තමන්ට නැති දේවල් ගැන පසුතවෙමින් සෘණාත්මක චින්තනයක් පසුපස යන පුද්ගලයන්ය. එම නිසා තමනට ඇති දේවල් වලින් සතුටු වීම මෙම නීතියේ පළමු වැනි කාරනයයි.
  • අනෙක් කරුණ නම් තමන්ට අවශ්‍ය අරමුණු හොදින් හදුනාගනීම කලයුතු කිරීමයි.
  • ඉන්පසුව තමන්ට අවශ්‍ය තමන්ගේ ඉලක්කය වෙත යන්න ඕනෑ කරන ධනාත්මක චින්තනය සාදාගැනීමට සෑමවිටම අවශ්‍ය ඉලක්කය මෙනෙහි කිරීමයි.
  • අවසානයේ දී තමගේ බලපොරොත්තු ඉටුවූ පසු ඒ සදහා සහවූ පුද්ගලයන්ට හා තමන් තමන්ටම ස්තූතිවන්ත විය යුතුයි.

මෙම ක්‍රම ඔස්සේ අපට විශ්ව ආකර්ශන නීතිය අපගේ ජීවිතයට සම්බන්ධ කර ගත හැක.

විශ්ව ආකර්ශන නීතිය භාවිතා කරමින් ලෝකයේ ජනප්‍රිය වූ පුද්ගලයන් ලෙස,

  • විල් ස්මිත්(ඇමරිකානු නලුවෙක්)
  • ජේ සී(ඇමරිකානු ගායකයෙක්,නිශ්පාදකයෙක් හා ව්‍යවසායකයෙක්)
  • ලේඩි ගාගා(ඇමෙරිකානු ගායිකාවක්)
  • රසෙල් බ්‍රෑන්ඩ්(බ්‍රිතාන්‍ය නිවේදකයෙක් හා නලුවෙක්)

ලංකාවේ මෙය භාවිතා කර ප්‍රසිද්ධ වූ අය ලෙස, නීතීඥ, නිවේදිකා හා ලාංකීය විවහක රූ රැජින නදීපා රණසිංහ  මහත්මිය පෙන්වාදිය හැක.

නිවැරදි අරමුණු ඔස්සේ යමින් ධනාත්මක චින්තනය ප්‍රගුන කරමින් යන මෙම ආකර්ශන නීතිය අපගේ ජීවිතයට සමීප කරගත යුතු නොවේද? ප්‍රමාද නොවන්න! සතුටින් ජීවත් වීමේ එකම මග මෙයයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….