ඩෙංගු මැඩලීමට ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම්

ඩෙංගු වසංගතය මැඩලීම සඳහා සහයවීම වෙනුවෙන් ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට නවීන තාක්ෂණය පිළිබඳ  ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම් බව තාක්ෂණ හා නවෝත්පාදන  රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පැවසීය. පසුගියදා එම ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඹහු මෙම අදහස් පළ කළේය. එහි දී අමාත්‍යවරයා මෙසේ ද අදහස් පළ කළේය.

“නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයින් ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳව විශාල මහන්සියකින් සහ උනන්දුවකින් පර්යේෂණ  කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කළ අප යෝජනා කළා ඩෙංගු වසංගතය මැඩලීමට මේ ක්‍රමවේදය යොදා ගැනීම පිළිබඳව. ඒ සඳහා ඔවුන්ට සක්‍යතාව ඇති බැවින්  එයට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබෙනවා. ඩෙංගු වසංගතය වැනි තත්වයක් පාලනයට ඉහළින් ගොස් නිරීක්ෂණය කිරීම වැදගත් වෙනවා.

එහිදී  පාසල්, රාජ්‍ය ආයතන, විශාල ගොඩනැගිලි, හිස් ඉඩම් ආදිය තුළ ජලය එකතු වන ආකාරය පිළිබඳ නිරීක්ෂයට, ඡායාරූප වාර්තා ගැනීමට, මෙන්ම එය පාලනයට අදාල නිශ්චිත ස්ථාන වලට බෙහෙත් වැනි දේ ඉසීම හෝ ධූමායනය ආදී පිළියම් යෙදීමටත් හැකිවෙනවා. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉක්මනින්ම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ක්‍රමවේද නිර්මාණයට කටයුතු කරනවා.

රජයට අවශ්‍ය වන්නේ නූතන තාක්ෂණය උපරිම අයුරින් රටක් ලෙස භාවිතයට ගැනීමයි. ඒ සඳහා අභ්‍යන්තර තීන්දු ගැනීමේදීත්, ඒවා ප්‍රායෝගිකව ඉටුකර ගැනීමේදී අලුත් තාක්ෂණය යොදාගෙන එයින් උපරිම ඵලදායිතාවක් ලබා ගැනීමයි අපේ අරමුණ. අතිගරු ජනාධිපතිතුමා අපට උපදෙස් දී තිබෙනවා කෘෂිකර්මයට අදාළ ක්ෂේත්‍රයන්හි දී තාක්ෂණයට වැඩි නැඹුරුවක් දක්වා ඵලදායිතාව වැඩිකරගැනීමට අවධානය යොමුකරන ලෙසට.

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය මගින් දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් දීමට හැකි, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ද, භාවිතා කළ හැකි අලුත් තාක්ෂණයන් නිර්මාණය කර තිබෙනවා. ඹවුන්ට තවත් අවශ්‍ය සහයෝගය ලබා දී රට තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  වියදම අඩුකර ගනිමින් ඉහළ ඵලදායිතාවක් ලබාගැනීමටද හැකි වෙනවා. කිලෝ දහයක් පමණ ධාරිතාවකින් යුත් බරක් ගෙන යා හැකි ලෙසට ඩ්‍රෝන  තාක්ෂණයක් ඔවුන් නිර්මාණය කර තිබෙනවා. එය කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ තේ, වී, රබර් වැනි වගාවන්හි යොදවා  සාර්ථක ලෙස පර්යේෂණ අත්හදාබැලීම් සිදුකර තිබෙනවා. ඉදිරියටත් අපේම නව තාක්ණයන් ලෙස ඒවා සංවර්ධනය කිරීමට ද ඔවුන් පර්යේෂණ සිදු කරනවා.”

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි,  ආතර් සී. ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ  ජනරාල් සනත් පනාවැන්නගේ, පර්යේෂණ විද්‍යාඥයින් වන කවීන්ද්‍ර ජයවර්ධන, ජනක අඩස්සූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….