ථෙතිහාසික නිදහන්ගලත් විනාශයට

මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ථෙතිහාසික තන්තිරිමලය බෝගොඩ ප්‍රදේශයේ පිහිටි පරිසර සංවේදි කලාපයක වන නිදහන්ගල උච්චවේලි ඇතුළු රජයේ රක්ෂිත රැසක් කැලෑ පාළුවන් පිරිසක් එක්ව එළිපෙහෙලි කර අත්පත්කර ගැනීමට සූදානම් වන බවත් මේ වනවිට එම පිරිස පෞද්ගලිකව මුදල් ගෙවා ගූගල් තාක්ෂණය ඔස්සේ මැන ස්ථාන පවා ඔවුන් වෙන්කර ඇති අයුරු දැකගත හැකිවිය.

තන්තිරිමලය පොලිස්වසමේ 367 දෙමටමල්වැව ග්‍රාමනිලධාරි කොට්ටාශයේ උච්චවේලි රක්ෂිතය නිදහන්ගල පුරාවිද්‍යා රක්ෂිතය ඇතුළු විශාල වනගහනයක් සහිත පරිසර සංවේදි කලාපයේ අක්කර විස්සකට අධික භූමියක් කිසියම් පිරිසක් විසින් සිය හිතුමතයට මැනීම් සිදුකර අත්පත්කර ගැනීමට යන බවට ගම්මුන් කළ දැන්වීමකට අනුව එහි ගියහ.

පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයක් වන එම ප්‍රදේශය පුරා පුරාවිද්‍යාත්මක නටඹුන් විශාල ලෙස දක්නට ලැබුණු අතර නිදන් සොරුන් විසින් නිදන් ලබාගත් ස්ථාන රැසක් විශාල ගල්පර්වතයේ දක්නට ලැබුණි.

රාජ්‍ය ආයත කිහිපයක්ම මුදලට යටවෙමින් කැලෑව විනාශ කිරිමේ නිර්දේශ ලබාදීමට සූදානමින් සිටියත් එම ප්‍රදේශයන් වන අලින් ඇතුළු දුර්ලබ පක්ෂින් රැසක් හා වනසතුන් විශාල වශයෙන් ගැවසෙනා ප්‍රදේශයක් බව ගම්මුන් සාක්ෂි සහිතව පෙන්විමට කටයුතු කළහ.

ප්‍රදේශයේ වැඩවසනා චීවරධාරියෙකු නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමග කිට්ටු සබධතා පවත්වන කැලෑ පාළුවන් පිරිස තන්තිරිමලය බෝගොඩ ප්‍රදේශය ඇතුළු ස්ථාන රැසක කැලෑ එළි පෙහෙලි කරමින් දැඩි පරිසර හානියක් සිදුකරනා බවත් පිරිසකගේ උත්සාහය භූවිද්‍යා හා පතල් කාර්යංශයේ පුරාවිද්‍යා වනජීවි වන සංරක්ෂන නිලධාරින් සතුටු කර ඉඩම් අල්ලාගෙන මහපරිමාන ගල්කොරි පැවත්වීම බව ඔවුන් අනාවරණය කළහ.

භූවිද්‍යා පතල් කාර්යංශයේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙකු ව්‍යාජ නම් යොදා ගනිමින් මහා පරිමාන ගල්කොරි තැනින් තැන ආරම්භ කරමින් පරිසරය දැනටමත් විනාශ කරනා බව ඔවුන් පැවසූහ.

පරිසර සංවේදි කාලපයක් වන මෙම ප්‍රදේශය වන සංහාරයකයන්ගෙන් බේරාදෙන ලෙස අහිංසක ගම්වැසියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය.බුදුන්වහස්සේ දේශනා කරපු ධර්මයේ සදහන් වනවා පරිසරය රැකගන්න කියලා නමුත් චීවරධාරියෙකු කැලෑ කපන්න පරිසරය විනාශ වෙන ආකාරයට කළුගල් කඩන්න ගෝල බාලයන්ට අවසර අරගෙන දෙන්න වෙහෙසෙනවා.

මේ කරන ක්‍රියාවන් නිසා හැමදාම අපහසුතාවට පත්වෙන්නේ අපි පත්කරපු රජයේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු පිරිස.මේ අපරාධ එතුමන්ලා දන්නෙවත් නෑ.එතුමන්ලාගේ නම් විකුණ විකුණ කැලෑ විනාශ කරනවා.15ක විතර කණ්ඩායමක් එක්කහු වෙලා ඉන්නවා මේ සංවේදි පරිසර කළාපය මුළුමනින්ම විනාශ කරන්න.මේ නිදහන් ගල ආසන්නයෙන් තියෙන කැලෑවේ උකුස්සෝ කූඩු හදලා තියනවා.සැළලිහිනියෝ වලිකුකුල්ලු කුරුළු විශේෂ රැසක් ඉන්නවා.

කුරුල්ලන්ගෙ කිචි බිචි ශබ්දය පේනවනේ.ඊට අමතරව කැලෑවේ වන අලි විශාල රංචු ඉන්නවා.මුවෝ වල්ඌරෝ මීමින්නෝ ඉත්තෑවෝ හාවෝ විශාල වශයෙන් ගැවසෙනවා.මේ කැලෑවල් හිතුමතේ කපලා දැම්මම මේ පරිසරය සමතුලිත කරන සත්තු ඉන්නේ කොහෙද?

උච්චවේලි කන්දේ වනවාසීව භාවනා කරන හිමිනමක් ඉන්නවා.ඔය කැලෑ පර්වත සියල්ල විනාශ කරන්න තමයි දැන් අවසර ඉල්ලලා තියෙන්නේ.ඒ.ජී.ඒ නෝනට මේ අය බලපැම් කරලා බයකරගෙන වැඩ කරගන්නවා.

හරි විදියට පරිසර නියමයන් පිළිපදිමින් ගල් වලවල් පවත්වාගෙන යන ස්ථාන දෙකක් තුනක් තියනවා නමුත් අක්කර විස්සක් විතර වනසලා ගල් කොරි දාන්න ගියොත් මේ පරිසරයට මොනවා වෙයිද?දැනටත් වන අලි ගම්වදිද්දි කැලෑව ශුද්ධකරාම වන අලියෝ ඇවිල්ලා අපේ ගෙවල් වල පදිංචිවෙයි.

ජාවාරම්කාරයෝ සල්ලි හම්බකරගෙන හොද හොද පළාත්වල ජීවත් වෙයි.අපේ දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ යනුවෙන් ඔවුන් ප්‍රශ්න කළහ.තන්තිරිමලය දෙමටමල්ගම පුරාවිද්‍යා පරිසර සංවේදි කලාපයන් විනාශ වන අන්දමින් ඉඩම් කොල්ලකරුවන් ඉඩම් අත්පත්කර ගැනීමට උත්සහ කරද්දි රාජයේ නිලධාරියා වශයෙන් නිහඩව සිටින්නේ මන්දැයි මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් මංජරි සී මලවරආරච්චි මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඇය මෙසේ පැවසුවාය.

ඔය අනාවරණය කරනකම් මම එහෙම සිද්ධියක් වෙලා කියලා දන්නෑ.අපි කිසිම මැනීමක් සිදුකරලා නෑ රක්ෂිත කැලෑවේ.මගෙන් විශාල පිරිසක් ඉල්ලීම් ලිපි යොමුකරලා තියනවා.අනිත් රාජ්‍ය ආයතන තමන්ගේ වගකීම හරියට ඉටුකරමා මට කිසිම ප්‍රශ්නයක් නෑ රාජකාරි කරන්න.

මම කාටවත් බයේ රාජකාරි කරන්නෑ.මේ ඉඩම් සියල්ලම මල්අතු ඔය ජලාශයෙන් ඉඩම් අහිමිවන අයට දෙන්න තියන ඉඩම්.ඒවා කාටවත් දෙන්න විදියක්නෑ.මට මේ සතියේ ඒ ප්‍රදේශයට යන්න විදියක් නෑ.මම අනිවාර්යෙන්ම නිරික්ෂණ චාරිකාවක නිරතවෙනවා යනුවෙන් ප්‍රාදේශිය ලේකම්වරිය පැවසුවාය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….