නිවී ගිය ගුරු තරුව

දුරුත්තේ සීතලත් සමග උදා වු ඉකුත් ජනවාරි 12 වෙනි දින අප සියලූ දෙනාට අසන්නට ලැබුණේ ඉතාමත් සංවේග ජනක ආරංචියකි. ඒ මුලූ මහත් රටම ආදරය කළ ඒ අපූරු මිනිසාගේ නික්ම යාම පිළිබදවය. ඒ ආරංචිය මෙරට මුලු රංගන භූමියම සසල කරවන්නට සමත් වු බව නිසැකය. ඒ තරමට ඔහුගේ රංගනය, ගායනය, අධ්‍යක්ෂණය ප‍්‍රතිභාපුර්ණය. ප‍්‍රතිභාපුර්ණ කලාකරුවන් අප කලා ක්ෂේත‍්‍රයේ සිටින්නේ අතලොස්සකි. ඒ අතලොස්ස අතර ආචාර්ය ජයලත් මනෝරත්නයන් ඉදිරියෙන්ම සිටින්නේය.

කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝ්රත්න නම් ඒ සොදුරු මිනිසා නුවරඑළිය, දෙහිපේ ගම්මානයේදී 1948 ජුනි 12 දා උපත ලබා දෙහිපේ ප‍්‍රාථමික විද්‍යාලයෙන් සහ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර ලැබුවෙකි. පාසල් වියේ පටන්ම රංගනයට හා ගායනයට දස්කම් දැක් වු ඔහු සුනිල් ශ‍්‍රියානන්දයන්ගේ අස්පගුඩුං වේදිකා නාට්‍යයේ රගපෑවේ 1966 වසරේදීය. එය ඔහුගේ රංගනයේ ආගමනය විය. ඉන් අනතුරුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලූ වී ශාස්ත‍්‍රවේදී උපාධිය ලැබු ජයලත් මනෝරත්නයන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් සෙවණේ හැදී වැඩුණේ සිය රංගන හැකියාවන් ඔප මට්ටම් කර ගනිමිනි. ඒ අනුව එහිදි ඔහුට සරච්චන්ද්‍රයන්ගේ පේමතී ජායතී සෝකෝ වේදිකා නාට්‍යයෙන් සිංහබාහු, මනමේ, මහාසාර, චුලෝදර මහෝදර, මකරා, නරි බෑනා, රතු හැට්ටකාරී ආදි වේදිකා නාට්‍ය රැසක රගපෑමේ අවස්ථාව උදා විය.

මේ අතරතුර ඔහු ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලූව ආචාර්ය උපාධිය ලබා ගත්තේය. එමෙන්ම ගුවන් විදුලි ශිල්පියෙකු ලෙසින්ද ගුවන් විදුලියේ වැඩසටහන් රැසකට සිය දායකත්වය ලබා දුන් ජයලත් මනෝරත්නයන් ටෙලි නාට්‍ය රංගනයට පිවිසියේ පරාක‍්‍රම නිරිඇල්ලයන්ගේ ඇබැද්දිය ටෙලි නාට්‍යයෙනි. ඒ අනුව දු දරුවෝ, ගජමන් නෝනා, කන්දේ ගෙදර, සකිසද එලියස්, සද අමාවකයි, සෙදෝනා, ගල් පිළිමය හා බොල් පිළිමය ආදි පුංචි තිරයේ ටෙලි නාට්‍ය 40 කට වැඩි සංඛ්‍යාවක රංගන හැකියාවන් මතු කළේය.

හදයා චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි මනෝරත්නයන් තිලක හා තිලකා සිරිබෝ අයියා, මුහුදු ලිහිණි, සාරාංගා, හිමගිර, සප්ත කන්‍යා, අතුරු මිතුරු, සුරිය අරණ, පුංචි සුරංගනාවි, හෝ ගානා පොකුණ, භේරුණ්ඩ පක්ෂියා, ගිනි කිරිල්ලී, ගෝල්, මිස් ජෙනිස් ආදි සිනමා පට රැසකට සක‍්‍රීය දායකත්වය ලබා දෙමින් අපූරු රංගන හැකියාවන් ප‍්‍රකට කළේය.

ඉන් නොනවැතුණු ඔහ සෙක්කු ගෙදර, තුන්පත් රටාවක ලස්සන, ගුරු තරුව, සෙල්ලම් නිරිදු, පුත‍්‍ර සමාගම, තලමල පිපිලා, සදගිර, බුරුවා මහත්තයා, ලෝකය තනියායක් හා අන්දරේලා යන නාට්‍ය අධ්‍යක්ෂණය කළේය. එමෙන්ම වැහි එනතුරු, පියසේන සහ කුමාරිකාව, තලමල පිපිලා, ආදි පොත් කිහිපයක්ද ලිව්වේය. මේ සියල්ලන්ගෙන්ම ඔහු ප‍්‍රකට කළේ ඔහුගේ අති මහත් ප‍්‍රතිභාපුර්ණ හැකියාවන්ය.

භූ ගෝල විෂය ඉගන්වන පිරිවෙන් ගුරුවරයෙකු ලෙස වෘත්තිය ජිවිතය ආරම්භ කළ මනෝරත්නයන් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, වරාය කොමිසම, පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන මණ්ඩලය යන ස්ථාන වලත් අපුරු මතකයන් සමගින් කටයුතු කළ පුද්ගලයෙකි.

නිර්ව්‍යාජ සිනහවෙන් නිරතුරුව සැරසී සිටින ආචාර්ය ජයලත් මනෝරත්නයන් හොදම නලූවා, හොදම අධ්‍යක්ෂක, හොදම රචනය සදහා රාජ්‍ය නාට්‍ය උළේලේදී සම්මාන දිනා ගත් අතර සරසවි සම්මාන, ජනාධිපති සිනමා සම්මාන ආදි සම්මාන රැුසකට පාත‍්‍ර වුයේ ඔහුගේ සහජයෙන්ම එන අති විශිෂ්ඨ රංගන කුසලතා නිසාවෙනි.
මේ අපුරු සොදුරු මිනිසා හෙට (15) දින බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදි ජිවිත රග මඩළින් සමුගෙන යන්නේ අමතක නොවන රංගනයන් රැසක් පේ‍්‍රක්ෂක සිත් තුල තබමිනි.

ආචාර්ය ජයලත් මනෝරත්නයනි, ඔබට නිවන් සුව!

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….