පුවත් ළුලදරයි – දික්ඔය කසල ප්‍රශ්නයට විසදුම්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල පවතින කසල ප්‍රශ්නය විසදිම සදහා කසල කළමණාකරන රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාගේ හා වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ සහය මත ක්‍රමවත් වැඩ පිලිවෙලක් ඉදිරියේදි ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසයි.

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල දිනෙන් දින උග්‍රවන කසල ගොඩ ගැසිම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර එම තත්වයන් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක්ද හට ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි එම කසල ප්‍රශ්නය පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එස්. බාලචන්ද්‍රන් මහතා මම නගර සභාවේ සභාපතිධුරයට පත් වෙන්න පෙර සිටම මෙම කසල ප්‍රශ්නය පැවතුනා වසර සියයක් පමන ප්‍රදේශයේ එකතුවන කසල බැහැර කරන ස්ථානයේ කසල බැහැර කිරිමට විරුද්ධව එම ප්‍රදේශයේ පිරිසක් 2012 වර්ෂයේදි විවිධ උද්ගෝෂන කරමින් පසුව අධිකරණයේ නඩු පවරා එම ස්ථානයේ කසල බැහැර කිරිමට එරෙහිව වාරණ නියෝගයක් ගෙන තිබෙනවා.

එම ස්ථානයේ කසල දහනය කිරිම සදහා දහකයක්ද (පොරනුවක්) තිබුනද හිටපු සභාපතිවරයෙක් එය කඩා දමා එම ස්ථානය පිටස්තර අයට ලබා දිමත් සමග එම ස්ථානය නගර සභාවට අහිමි වුනා එමෙන්ම හැටන් කැම්ප්වැලි ප්‍රදේශයේද නගර සභාවේ ඉඩමක් කසල දැමිමට වෙන් කර තිබුනත් එම ස්ථානයද හිටපු සභාපතිවරයෙක් නගර සභාවේ නිලධාරින්ට බේදා දිමෙන් එම ස්ථානයත් අහිමි වුනා.

එම තත්වයන් මත නගර සභා බල ප්‍රදේශයේ කසල බැහැර කිරිමට නිසි ස්ථානයක් නොමැති විමයි අද තියෙන විශාල ප්‍රශ්නය පසු ගිය කාලයේ කසල බැහැර කිරිමට තිබු ස්ථාන පිටස්තර අයට දෙන විට මේ නගරයේ ජනතාව එයට විරෝධයක් දැක්විමට ඉදිරිපත් වෙලා නැහැ එදා එසේ මේ ජනතාව ඉදිරිපත් වුනානම් අද මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙත් නැහැ.

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයට අයත්ව තිබි පසු ගිය සිමා නිර්ණයන් කිරිමේදි දුබුරුගිරිය, ආරියගම,ගාමිනි පුර, වීරතුංග පුර, පොන්නගර් යන ප්‍රදේශවල කොටස් අඹගමුව හා නොර්වුඩ් ප්‍රාදේහීය සභාවලට අයත් වුවත් එම කොටස්වල කසලද එකතු කිරිමට සිදුව ඇත්තේ අපිටයි.

මෙම සියලු කරුනු මත මෙහි කසල ප්‍රශ්නය දිනේ දින උග්‍ර වෙනවා එත් නගර සභාවක් ලෙස මෙයට විසදුම් සෙවිමට අපි පියවර ගන්නවා එහි එක් පියවරක් ලෙස බදු ක්‍රමය යටතේ රොසැල්ල ප්‍රදේශයේ කදු මුදුනක ඉඩමක් ලබා ගත්තා එත් එහි කසල දමනවාට එම ප්‍රදේශයේ පිරිසක් විරුද්ධ විමත් සමග එයත් අත් හැර දැමිමට සිදු වුනා.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන කාලයේ සිටම මේ කසල හේතුවෙන් සිදුවන අගතිය පිලිබදව දැනගෙන සිටියා එම නිසායි මෙවර කසල කළමණාකරනය සදහාම වෙනම රාජ්‍ය අමත්‍යධුරයක් ඇති කර එම තනතුර සදහා නාලක ගොඩහේවා මහතා පත් කර තියෙන්නේ.

එම තත්වයන් මත ඉදිරියේදි  ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා සමග නාලක ගොඩහේවා මහතා හමුවි හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ කසල ප්‍රශ්නය පිලිබදව සකච්චා කර මෙයට විසදුමක් ලබා ගැනිමට හැකි වෙනු ඇතැයි මා විස්වාස කරනවා.

කෙසේ වුවත් මෙම කසල ප්‍රශ්නය නගර සභාවට පමනක් තනිව විසදන්න බැහැ අපි කොයි තරම් උත්සහා කලත් ප්‍රදේශයේ ජනතාවගේ සහය නැතිනම් මෙය කරන්න බැහැ එම නිසා මේ සදහා ජනතා සහය අවශ්‍යයි එම නිසා ප්‍රදේශයේ ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ අඩු තරමින් කසල වෙන්කර දිමට හෝ පියවර ගන්න කියලයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….