පුළුවන් නම් මරල පෙන්නන්න බලන්න රාළහාමි

කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයෙදි පොලිසිය තමයි සාමකාමී උද්ඝෝෂණයකට අත තියන්නෙ. එහෙම තියලා පොලිසියෙම එකෙක් තමයි කියන්නෙ “අත තියපන් බලන්න. මරනව තෝව” කියලා. මෙහෙම කියන්නෙ මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙක්. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක්. පොලිස් නිලඇඳුම නැතිනම් එවැනි ලොකු ටෝක් දෙන්න කිසිම හැකියාවක් නැති මිනිහෙක්.

මේ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනැ. මේක වහසි බසක් නෙමෙයි. පොලිසිය එහෙම තමයි. මේ කරන්නෙ මරණ තර්ජනයක්. පොලිසිය මරණ තර්ජනවලින් නවතින්නෙ නැති ඉතිහාසයක් ගැන අපි දන්නවා. රාජ්‍ය බලය පාවිච්චි කරලා පොලිසිය මිනීමරලා තියෙනවා.

මේක ඉතාම පැහැදිලිව සාපරාධී ලෙස මරණ තර්ජන කිරීමක්. මෙම නිලධාරියා ඒ තර්ජනය පුන පුනා කරනවා. ඒ සම්බන්ධ නීතිය මෙතනදි අදාළයි. මරණ තර්ජන මානසික වධහිංසනයක්. මානසිකව කරනු ලබන මෙවැනි ක්‍රියා වධහිංසන බව පැහැදිලි කරන නඩු තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් ලබාදී තිබෙනවා.

මෙවැනි මෝඩ පොලිස් නිලධාරීන්ට අපට කියන්නට තිබෙන්නේ සරල කාරණයකි. සාමකාමී උද්ඝෝෂණ කරගන්නට මිනිසුන්ට ඉඩහරින්න. නිරෝධායන නීතිවලට මුවාවෙමින්, නිරෝධායන නීති කඩකරමින් සාමකාමී උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට මැදිහත් නොවන්න. ඔවුන් උද්ඝෝෂණ කරන්නේ තමන්ට දුන් බලාපොරොත්තු බරපතල අන්දමින් කඩා බිඳ දැමූ අසාර්ථක පාලනයකට එරෙහිවයි. එවැනි දේශපාලකයන් පිරිසක් වෙනුවෙන් කඩේ යාමට ගොස් තමන්ගේත්, තම දරු පවුලේත් ජීවිත අඳුරු කර නොගන්න.

දේශපාලනිකව ගත්තොත්, මෙතනදී පොලිසිය කිසියම් උද්ඝෝෂණකරුවකු මැරුවොත් එයින් රජයට, ආණ්ඩුවට සිදුවෙන්නෙ දැවැන්ත හානියක්. මේ මොහොතේ රටේ තිබෙන්නෙ කලකිරීමේ, අසහනයේ, පීඩනයේ, මර්දනයේ දරුණු කැකෑරීමක්. ඒ පීඩනය කොහේ හරි තැනකින් පුපුරා ගියොත් කොවිඩ් මර්දන නීතිවලට බැරිවෙයි මහජන විරෝධය පාලනය කරන්න.

සරත් වීරසේකරට පොලිසිය කළමනාකරණය කරගන්න බැරිවුණොත්, ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවට පළා යන එක තවත් ඉක්මන් වෙන්න පුළුවන්. දාලා යන්න හරි කැමැත්තෙන් ඇති. ඒත්, ඒව හරියන්නෙ නැහැ. පොරකාලා ගත්තා නම් කරන්න ඕනැ. කරන්න බැරිනම් වගවෙන්නත් ඕනැ. ජනතාව උද්ඝෝෂණ කරන්නෙ කරනවා කියපු ඒවා වෙනුවට වෙන ඒවා කරන නිසා. ඒ ගැන ජනතාවට පිළිතුරු සපයන්න ඕනැ.

praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….