මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ මාතර කොටවිල ප්‍රදේශයේ ඉදි වන නව අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනි

රුපියල් බිලියන එකයි දශම දෙකක් වියදම් කරලා ඉදි කර ඇති මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත් කළ යුතුයි.ගොඩනැගිලි ඉදි කර ඇති ආකාරය ඉතා හොදයි.මෙම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමට ඇති බාධාවන් ඉවත් කර ගෙන එය විවෘත කළ යුතුව තිබෙනවා.

විශේෂයෙන්ම නීතිඥවරුන් සදහා කාර්යාල පහසුකම් නැහැ.එය ගැටළුවක් බවට පත් ව තිබෙනවා.ඒ සදහා වහාම නිතීඥරුන් 195 දෙනෙකුට අවශ්‍ය කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීමට අවශ්‍ය ඉඩම ලබා දුන්නා.ඔවුන් මාස තුනක් තුළ කාර්යාල සංකීර්ණය ඉදි කර අවසන් කිරීමට එකග වෙලා තිබෙනවා.

මේ අධිකරණ සංකීර්ණයේ ඉතිරි වැඩ අවසන්  කර ජනතා අයිතියට කඩිනමින් පත් කළ යුතුයි.මාතර ජනතාවට අවශ්‍ය අනෙකුත් පහසුකම් මෙම ස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

අධිකරණයේ අවට ජනතාවට උපරිම ආකාරයේ ප්‍රයෝජන ලබා ගත හැකි ආකාරයෙන් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.මෙම අධිකරණ සංකීර්ණය ඉදි කරලා තියෙන්නේ ඉතා විශාල මුදලක් වියදම් කරලයි.ඒ නිසා ජනතා මුදල් වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දිය යුතුයි.

මෙහිදි මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

ප්‍රශ්නය-බන්ධනාගාර රැදවියන් සදහා පුහුණු මධ්‍යස්ථානයක් මේ වන විට මේ අසලින්ම ඉදි කිරීමට ආරම්භ කරලා තියෙනවා.නමුත් ඉදි කිරීම් සිදු වෙන්නේ නැහැ

පිළිතුර-නව බන්ධනාගාරයක් සදහා අවශ්‍ය අක්කර  හයක බිම් ප්‍රමාණයක් ලබා දී තිබෙනවා 2021 අය වැය තුළින් තමයි මුදල් වෙන් කරන්න වෙන්නේ දැන් මෙතන බිලියන එකයි දශම දෙකක් වැය කරලා තියෙනවා බන්ධනාගාරයයි උසාවියයි සියල්ල ඉදි කරන්න ඕන පියවරින් පියවර ඒ වැඩ කටයුතු ඉටු කරලා දෙනවා .

ප්‍රශ්නය -යාබදව ඇති කුණු කන්ද නිසා මේ ප්‍රදේශයේ දුගද හමන තත්වයකට පත් වෙලා තිබෙනවා උසාවිය විවෘත කළායින් පසුවත් මෙම තත්වය එහි කටයුතු වලට බාධාවක් නේද

පිළිතුර -ඔවු බාධාවක් තමයි නමුත් මේ කුණු ප්‍රශ්නය මාතර විතරක් නෙමෙයි අපි ඉන්න බදුල්ලේත් මේ ප්‍රශ්නය තියෙනවා මේක මුළු ලංකාවේම තිබෙන ප්‍රශ්නයක් අපේ රජය මගින් ඉදිරියේදී කැලි කසල කළමණාකරණය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරනවා විද්‍යාත්මක ලෙස මේ කැළි කසළ ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි ඒ සදහා ජාතික සැලැස්මක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ,අමාත්‍යාංශයේ ලේකම් ජේ .ජේ රත්නසිරි , මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් දසනායක මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාව සදහා එක් විය.

මාතර අධිකරණ සංකීර්ණයේ රාජකාරී සදහා සහභාගි වන නීතිඥවරුන්ට අවශ්‍ය කාර්යාල පහසුකම් ලබාදීමට අවශ්‍ය නීතිඥ සංකීර්ණය මාස තුනක් වැනි කාලයක් තුළ නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදි අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර ඒ සදහා අවශ්‍ය ඉඩම් නිසි පරිදි නිතිඥ සංගමය වෙත පවරා දෙන ලෙසද උපදෙස් ලබා දුන්නේය.

නව අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන්ව ඇති බැවින් කළ යුතුව ඇති ඉතිරි සුළු වැඩ කොටස ද කඩිනමින් අවසන් කිරීමටත් අධිතරණ සංකීර්ණය හැකි උපරිම ඉකිමනින් ජනතා අයිතියට පත් කිරීමටත්  මෙහිදි තීරණය විය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….