මේ දියණිවරුන් මේ ගුරුවරුන්ගෙන් උපරිම පල නෙලාගත යුතුයි – මේජර් ජෙනරාල් තුසිත සිල්වා

dailyreporter.lk

මෙම ප්‍රදේශයේ සම්පත් වන මෙම දියණිවරුන් වසර 13ක පාසල් කාලය තුල ඔබගේ අධ්‍යාපනය හා විවිධ කුසලතාවයන් ඔප් නැංවිමට පියවර ගත යුතුයි එයට ඔබට දායකත්වය ලබා දිමට විවිධ ජාතින් නියෝජනය කරන උපාධිධාරින්ගෙන් සමන්විත දක්ෂ ගුරු මඩුල්ලක් මෙම විදුහල සතුව පවතිනවා එම නිසා මේ දියණිවරුන් මේ ගුරුවරුන්ගෙන් උපරිම පල නෙලාගත යුතුයි.
මෙජර් ජෙනරාල් තුසිත සිල්වා මහතා මේ බව පවසන ලද්දේ හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා ජාතික පාසලේ වාර්ෂික තැගි ප්‍රධාන උත්සවය අමතමිනි.
මෙම තැගි ප්‍රධානය කිරිමේ උත්සවය හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පැවති අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මේජර් ජෙනරාල් තුසිත සිල්වා මහතා සමහර පාසල් දරුවන් අද වන විට ස්මාර්ට් ජංගම දුරකථනවලට ඇබ්බැහිවෙලා තිටයෙනවා ඒ තුලින් දරුවන්ගේ මනස විකෘති විමට ඉඩ තියෙනවා.
මා මේ දරුවන්ගෙන් ඉල්ලන්නේ දැනුමෙන් පරිපුර්ණ ගුණ ගරුක පිරිසක් ලෙස මේ දැයට බිහිවන ලෙසයි මේ රටට වැඩ දායක පිරිසක් ලෙස බිහිවන ඔබලාට මේ ලෝකයේ කොතනක හිටියත් හැටන් ගේබ්‍රියල් සිසුවියක් ලෙස සිටි බවත් ඔබලා සිහි තබා ගත යුතුයි.


මෙහිදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ විශේෂඥ අධිකරන වෛද්‍ය නිලධාරි ඉනෝකා රත්නායක මහත්මිය මෙම විදුහලෙන් දිදුලන දියමන්තියක් ලෙස ඔප මට්ටම් වන ඔබලා ඉදිරියේදි මේ රට නියෝජනය කරන්නේ මෙම විදුහලේ සන්නාමයක් ලෙසයි.
අද මේ විදුහලේ විශීෂ්ටයන් ලෙසයි ඔබලා තැගි ලබන්නේ මේ විශිෂ්ටත්වය දිගින් දිගටම පවත්වාගෙන යාමට ඔබලා කටයුතු කල යුතු මේ රටේ ඉහල තනතුරුවලට ඔබලා යායුතුයි මේ ගෝලිය ආර්ථිකය තුල ඔබලාගේ අනාගතය සකසා ගැනිමට පියවර ගත යුතුයි.
ඔබලාගේ දෙමාපියන් ඉතාමත් වෙසෙක් දරනවා ඔබලාගේ අනාගතය සාර්ථක කර දිමට ඔබලාට ඉගෙන ගැනිම සදහා එම දෙමාපියන් දැඩි කැපකිරිමක් කරනවා එමෙන්ම මේ ගුරුවරුන්ද ඔබලාගේ අනාගතය සාර්ථක කිරිම සදහා දැඩි වෙහෙසක් ගන්නවා එම නිසා මෙම සියල්ල හොදින් ධාරනය කර ගෙන තම දෙමාපියන් ගුරුවරුන් සතුටට පත් කිරිමටත් ඔබලාගේ අනාගය සාර්ථක කර ගැනිමටත් ඔබලා හොදින් අධ්‍යාපනය හැදැරිමට පියවර ගත යුතුයි.
මෙහිදි එම විදුහලේ විදුහල්පතනි දයා වීරතුංග මහත්මිය ඇතුළු තවත් කිප දෙනකුම කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….