යුක්රේනය ආක්‍රමණය කළොත් රුසියාව වෙත දරුණු ඵලවිපාක – ජෝ බයිඩන්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ හමුදාව යුක්රේනය ආක්‍රමණය කිරීමක් සිදුකළහොත් රුසියාව වෙත දරුණු ඵලවිපාක වෙත මුහුණ දීමට සිදුවනු ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අගවයි.

පසුගියදා දුරකථනය හරහා පූටින් අමතමින් බයිඩන් මේ බව පවසා තිබේ. මෙවැනි ආක්‍රමණයක් හේතුවෙන් ජනතාව වෙත බොහෝ හානි සිදුවිය හැකිබවත්, එය රුසියාවේ තත්වය බිඳහෙලීමට හේතුවක් වෙනු ඇතැයිද බයිඩමෙහිදී පූටින් වෙත පැවසූ බවත් සඳහන් වෙයි.

ඒ අනුව දෙදෙනාම ඉදිරි දිනෙකදී යුක්රේනය සම්බන්ධයෙන් වන එකගතාවකට පැමිණීමට මෙහිදී එකගවී තිබෙන බවත් සදහන් වෙයි.

Related posts