ලංකාවේ කෘෂි අස්වැන්නෙන් විශාල කොටසක් භුක්ති විදින්නේ වන සතුන්

ලංකාවේ කෘෂි අස්වැන්නෙන් විශාල කොටසක් භුක්ති විදින්නේ වන සතුන් යැයි මිට වසර දෙකකට මේ පිළබද සොයා බැලු නිරික්ෂණ කණ්ඩායම් අනාවරණය කරගන තිබිණි.

ඊට අමතර එළවළු හා පළතුරු අස්වැන්නෙන් විශාල කොටසක් ප්‍රවාහණයේදි හා අලෙවියේදී විනාශවිමෙන් එළවළු හා පළතුරු මිළ විශාල ලෙස ඉහළ යයි. වන සතුන්ගෙන් වගා හානිය පිළිබද මැසිවිළි නැගුනේ වියළි කලාපය සහ උතුරු මැද පලාත්වලිණි.

නමුත් බස්නාහාර පළාතේ කළුතරට අළුතින් පැමිණි ආගන්තුක වන සතුන් නිසා තමන්ට ගොවිතැන් කටයුතු එපාවී ඇතැයි කළුතර දිස්ත්‍රික්කයේ ගොවින් සහ ගෙවතු වගා කරුවන් කියති.

මෑතක සිට ප්‍රදේශයට පැමිණ ඇති මොණර රංචු,රිලා රංචු සහ වදුරන් ගම් – බිම් වල වගා හානි කරන බව ගොවින් සහ ගෙවතු වගා කරුවන් කියති. දශක දෙකකට පමණ ඈත අතිතයේ ප්‍ර‍දේශයේ ගම්-බිම් වලට නොපැමිණි වන සතුන් මේ වනවිට මිනිස් වාසය සහිත ප්‍රදේශවලට පැමිණීමත් සමග වන සතුන්ට ද විශාල ලෙස හානි සිදුවන බව පරිසර වේදින් කියති.වසර ගණනාවක සිට ගොඩමඩ කුඹුරු වගාකලද මේ වනවිට වන සතුන්ගෙන් සිදුවන හානිය නිසා බොහෝ ගොවින් ගොවිතැන් කටයුතු අතහැර දමා ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් කියති.

මේ වනවිට වන සතුන්ගෙන් සිදුවන හානිය නිසා බෝහෝ ගොවින් ගොවිතැන් කටයුතු අතහැර දමා ඇතැයි ගොවි සංවිධානනියෝජිතයින් කියති. දිස්ත්‍රික්කයේ වන ගහනය අඩුවීමත් සමග ප්‍රදේශයට ආවේණි හාවා,මීමින්නා,ඉත්තෑව,දඩුලේනා වැනි සතුන් විශාල ලෙස ගම්බිම් වල වගාවන් ආහාර ලෙස ගැනීමට පුරුදු ව සිටිති.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයට ආගන්තුක මොණරා විශාල වශයෙන් රංචු ලෙස වී ගොවිතැන ටත් ගෙවතු වගාවටත් හානිකිරිමට පටන්ගෙන තිබේ.

මේ වන විට කිරිවදින ගොයම ආරක්ෂා කර ගැනීමට කුඹුරු යාය මතින් දැල් ඇදීමට ගොවින්ට සිදුව තිබේ. වල් ඌරන් විශාල රංචු ලෙස පැමිණ කුඹුරු විනාශ කරන නිසා නීති විරෝධී ලෙස විදුලි රැහැන් ඇද ජීවිත රුසක් එයට බිලිවූ අවස්ථා පසුගිය කාලයේ අසන්නට ලැබිණි.

මෙ‍සේ ගොයම ආරක්ෂා කරගන්නට විවිධ උපක්‍රම යෙදුවද සියල්ල අසාර්ථක යැයි ගොවි සංවිධාන නියෝජිතයෝ කියති.වගා ආරක්ෂාව සදහා ලබාදී ඇති ගිනි අවි ආපසු ලබා ගැනීමත් සමග බෝහෝ ප්‍රදේශවල දේශියව සකස් කළ බදින තුවක්කු වන සතුන් දඩයමට යොදා ගෙන තිබියදී අත් අඩංගුවට ගෙන තිබිණි.

පාලින්ද නුවර,බුලත් සිංහල, වල්ලාවිට හා මිල්ලනිය ආදී ප්‍රදේශවල මේ දිනවල විශාල ලෙස වල් ඌරන් ගෙන් කිරි වදින ගොයමට හානි සිදුවන බව ගොවින් කියති.

කළුතර දිස්ත්‍රික්කයට ආගන්තුක සත්වයෙකු වූ මොනරා මෑතක සිට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක රංචු වශයෙන් සැරිසරති.මෙසේ ගම්-බිම් වලට පැමිණෙන මොණරුන්ගේ හානිය ඉතා විශාල යැයි ගොවින් කියති.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න සමුහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….