ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය සම්බන්ධව පැමිණිල්ල පිලිබද කිසිදු විමර්ශනයක් සිදුවී නැහැ – ලංකා ගුරු සංගමය

යහපාලන ආණ්ඩුව සමයේ ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය ඔස්සේ රුපියල් මිලියන 500ක මුදලක් රටට අහිමිකරමින් සිදුවු වංචා සහගත ව්‍යාපෘතින් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත්කර ඇතත් ඒ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු සමයේ කිසිදු විමර්ශනයක් සිදුනොවුණු බවත් වර්ථමාන රජය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වැරදි සිදුකල පුද්ලයන්ගෙන් එම මුදල් අයකර ගැනීමට කටයුතු කලයුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

පසුගිය සමයේ සිදුවු මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් තමන් ඇතුළු සංගමය උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන්ට මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට පැමිණිලි ඉදිරිපත් කලත් එම වංචාවන් යටපත් කරමින් ඔවුන් කටයුතු කලබව සභාපතිවරයා අනාවරණය කලේය.

සිදුව ඇති මහාපරිමාන මුදල් වංචාවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් අනාවරණය කල ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා.ලගම පාසල හොදම පාසල ව්‍යපෘතියට අනුව මිලියන පහට අඩු ව්‍යාපෘති 2025ක් සදහා රුපියල් මිලියන 5604.18 වෙන්කෙරුණා.

මේ ව්‍යාපෘතිය සිදුකරන්න ඕන මධ්‍යම ආණ්ඩුව මගින්.නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා එම ව්‍යාපෘති පළාත් සභාවටට පවරගත්තා.

මේ ව්‍යාපෘතිවල විදුලි අළුත් වැඩියා සනීපාරක්ෂක කටයුතු ඉහල දැමිම හා ගොඩනැගිලි ඉදිකිරිම වැනි කටයුතු සිදුවුණා.එහිදි ප්‍රශ්නගතම සිදුවිම තමයි තිරප්පනය මහනාම මහ විදුහලේ ඉදිකල ගොඩනැගිල්ල.

එහි ගොඩනැගිල්ලක් තියා මුල්ගලක්වත් නැතුවා මුදල් අරගෙන තියනවා.මේ මුදල් අරගෙන තියෙන්නේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ කොන්ත්‍රාත්කරුවෙකු.

අපේ සංගමය මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලිකල නමුත් ඒ සම්බන්ධ පරික්ෂන ක්‍රියාත්මක නෑ.මේ කොන්ත්‍රාත්වලින් කොමිස් ගත්ත දේශාපලඥයෝ වගේම රාජ්‍ය නිලධාරින් ඉන්නවා.ඔවුන් වැරදි කරලා අද කිසිම දඩුවමක් නැතුව ඉන්නවා.

ඒ වගේම උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරුන්ව සිටි සරත් ඒකනායක මහාචාර්ය තිස්ස විතාරන යන මහත්වරුන්ට ඒ පිළිබද පැවති සාකච්ඡා වලදි සංගමය පැමිණිලිකරා.

නමුත් එතුමන්ලා ඉතාම නිහඩව හිටියා.මේ සම්බන්ධයෙන් අපකල පැමිණිලිවලට අනුව 2018 මාර්තු මාසයේ රජයේ විගණකාධි දෙපාර්තුමේන්තුව සිදුකල නියදි පරික්ෂන වලින් අනතුරුව මහනාම විද්‍යාලයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකර නෑ කියලා අනාවරණය වුණා.

ගොඩනැගිලි ඉදිකිරිමේදි රජයට සිදුව තිබෙන අලාභයන් ඊට සම්බන්ධවුවන්ගෙන් අයකර ගැනිමට විගණකාධිපති දෙපාර්තුමේන්තුව නිර්දේශ කරලා තියනවා.නමුත් ඒ කිසිම දෙයක් පහුගිය ආණ්ඩු සමයේ සිදුවෙලා නෑ.

මේ නිකරුණේ විනාශවෙලා තියෙන්නේ අපේ රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ මුදල්.ඒ නිසා අපි වර්ථමාන රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා මේ වංචාවන් පිළිබදව සොයා බළලා වැරදිකරුවන්ට දඩුවම් කරන්න යනුවෙන් සභාපතිවරයා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….