වත්මන් ලාංකීය සමාජයේ නිර්මාණකරු – C.W.W කන්නන්ගර

ලංකාවේ ඉතිහාසය වශයෙන් බොහෝ විට කතා කරනු ලබන්නේ දේශපාලඥයන්ගේ හෝ වෙනත් බලවතුන්ගේ ක්රියාවන් සම්බන්දයෙනි. එහෙත් රටක ඉතිහාසය යනු හුදෙක් එහි බලවතුන්ගේ කතාව නොවේ. රටේ සාමාන්ය ජනතාවගේ ජීවිත තුලින් ඔවුන් ජීවත් වන සමාජය නිර්මාණය කරනු ලබයි. එම නිර්මාණය කරන්නන් අතර ජනතාවගේ අවබෝධය දියුණු කරන හා අනාගතයට මග පෙන්වන කොටසක් ජනතාව තුලින්ම පැන නගී. එමෙන්ම සාමාන්ය ජනතාවමත් ඔවුන්ගේ වැඩකටයුතු මගින් දෛනිකව තමන් අවට ඇති සමාජය ප්‍රතිනිර්මානය කරයි. මෙම කතාව තේරුම් නොගෙන රටේ ඉතිහාසය තේරුම් ගත නොහැකිය.

නූතන ඉතිහාසයේ නිර්මානය කිරීමෙහිලා විශාල බලපෑමක් ඇතිකල සමහර දකුණු ආසියානු නායකයෝ සිටිති. ඔවුන් අතර ඉන්දියාවේ ආචාර්ය බී. ආර්. අම්බෙත්කාර් මහතාත්, ඉන්දියාවේම කේරළ ප්රාන්තයේ ශ්රී නාරායන ගුරු නැමති ස්වාමිවරයාත්, ලංකාවේ C.W.W කන්නන්ගර මහතාත් නම් කල හැකිය. ඔවුන් අතර පවතින සමානකම නම් තමන් ජීවත් වූ සමාජයේ පහළම තත්වයක සිටි සමාජ කණ්ඩායම් නගා සිටුවීම සදහා ඔවුන් අතින් සිදුවූ විශාජ සේවාවන්ය.

බී. ආර්. අම්බෙත්කාර් මහතා ඉන්දියාවේ අංගසම්පූර්ණ නොසැලකිල්ලට භාජනයව සිටි එම රටේ සියයට විස්සක පමණ ජනගහනය වූ එකල ස්පර්ශයට-නුසුදුස්සන් (Untouchable) යනුවෙන් හැදින් වූ දැන් දලිත්වරු යනුවෙන් හදුන්වනු ලබන ජන කොට්ඨාෂයේ නගා සිටුවීම සදහා ප්රධානම පෙලේ නායකත්වයක් සැපයූ පුද්ගලයෙකි.

නාරායනගුරුස්වාමි නැමති කේරළ ප්‍රාන්තයයේ හින්දු ස්වාමිවරයා එම ප්‍රාන්තයයේ අඩුම සැලකිල්ලට භාජනය වූ රා පෙරන්නන්ගේ කුලය නගා සිටුවීම සදහා කරන ලද ඉමහත් සේවාව මගින් සමස්ථ කේරළ ප්රාන්තයේ පමණක් නොව ඉන්දීය සංස්කෘතිය කෙරෙහිම විශාල බලපෑමක් ඇති කල නායකයෙකි.

ලංකාවේක්ගඋගඋ කන්නන්ගර මහතාද ඔහුගේ සේවය කැප කලේ එදා සමාංජයේ අඩුම සැලකිල්ලට භාජනය වී තිබූ කුලහීනයැයි සලකනු ලැබූ බයියන්’ වශයෙන් හදුන්වනු ලැබූ ජන කොටස්වල තරුණයන් නගා සිටුවීම සදහාය.

මෙම ශේෂ්ඨ පුද්ගලයන් තිදෙනාගේම මූලික දර්ශණය වූයේ මෙසේ පීඩිත තත්වයට පත් කල හැකි පුද්ගලයන් නගා සිටුවීමේ ප්රධානම මාධ්ය වන්නේ ඔවුන්ගේ දරුවන්ට අධ්යාපනය ලබාදීම මගින යන්නය. බී. ආර්. අම්බෙත්කාර් මහතාගේ සටන්පාඨය වූයේි’ඉගෙන ගන්න රැ උද්ඝෝෂණය කරන්න රැ සංවිධානය වෙන්න’’ යනුවෙනි. නාරායනගුරු ස්වාමිගේ දර්ශණය වූයේ දරුවන්ගේ අධ්යාපනය කාන්තාවන්ගේ අධ්යාපනය හා දුගියාගේ දියුණුවට බාධාවක් වූ බේබදුකම නැති කිරීම මෙන්ම ඔවුන් තුල වූ භය හා ලැජ්ජාව නැතිකිරීමය. C.W.W. කන්නන්ගර මහතාගේ දර්ශණය වූයේ අධ්යාපනයක් ලබා දෙන අතරම එය සමාජයේ ඉහල යැයි සැලකූ කණ්ඩායම් වල අය සමග තරග කිරීමට හැකි තත්වයකට දුගී දරුවන් පත්කිරීමේ අරමුණය.

C. W. W. කන්නන්ගර මහතා ඉතාම දුගී පසුබිමකින් ඇතිවූ අයෙකි. ඔහුගේ තරුණ කාලයේදී ඔහුගේ පියා මියගොස් තිබූ අතර තමා කුඩා දරුවකු හැටියට හැදී වැඩුනේ මැටි ගැසූ ගෙයක බවත්, ආහාර වශයෙන් ගන්නට ලැබුනේ බත් හා පොල් සම්බෝල බවත් ප්‍රසිද්ධියේම පසුකාලයකදී කීවේය. දුප්පත්කම පිළිබදව හොද අවබෝධයක් ඇති තමාට වෙනත් අය විසින් දුප්පත්කම ගැන කියාදීමට අවශ්ය නැතයි ඔහු ප්‍රකාශ කලේ මේ අනුවය.

බාල කාලයේදී ඔහු ජීවත් වූ ප්‍රදේශයේ පැවති මිෂනාරී පාසලකට ගිය ඔහු එහි මුල් පන්තිවල සෑම විෂයක් සම්බන්දයෙන්ම වැඩිම ලකුණුගත් ළමයා බවට පත් විය. මෙම පාසලේ ත්යාග ප්‍රධානෝත්සවයක් සදහා ආරාධිතයෙකු වශයෙන් පැමිණ සිටි ගාල්ලේ රිච්මන්ඩ් විද්යාලයේ අධ්යක්ෂකවරයා මෙම දරුවා මෙසේ ත්යාග ලබනවා දැක සතුටට පත් වී ඔහු යමින් සිටි පාසලේ මුල් ගුරුවරයා සමග කතාකොට, තමන්ගේ පාසලට දරුවා බදවා ගැනීමට වැඩකටයුතු සලස්වා ගත්තේය. මිෂනාරීවරයෙකු වූ එම පූජකතුමාද මෙම දරුවාගේ සුභ සිද්ධිය සදහා අවශ්ය වන සියලු කටයුතු ඉතා රහසිගතව කරදෙමින් දරුවාට මෙම ඉහළ පන්තිවල ළමයින් සහභාගි වූ පාසල තුල ජීවත්වීමට හැකි අවස්ථාව සලසා දෙන ලදී. එම පාසලේදීද සියලුම විෂයන් සම්බන්දයෙන් මුල් තෑගි හිමිකරගත් ඔහු පාසලේ ක්රිකට් කණ්ඩායමේද නායකයා බවට පත්විය. පසුව ඒ කාලයේදී ප්රධාන විභාගයක් ලෙස සැලකූ ක්රේම්බ්රිජ් මැක්ට්රිකියුලේෂන් යන විභාගයට පෙනීසිට එහිද ඉතා දක්ෂ ලෙස සමත්කම් දැක්වූයේය. ඉන්පසු ඔහුට ආධාර කල පූජකවරයාගේ ඉල්ලීම මත එම පූජකවරයා ජිවත්වන තුරු ඔහු ඉගෙනගත් පාසලේ ළමයින්ටත් උගන්වන ලෙස කරන ලද ඉල්ලීමට ගරුකරමින් ඔහු ගුරු වෘතියේ යෙදුනේය.
දක්ෂකම්වලින් හා නායකත්ව ගතිගුණයන් වලින් සමන්විත වූ මෙම තරුණයා වැඩි කලක් නොගොස් ජනප්රිය හා සුප්රකට පුද්ගලයෙකු බවට පත් වූ අතර පසුව රාජ්යමන්ත්රණ සභාfව් සාමාජිකයෙකු බවටද පත්විය. එහිදී ඔහුට භාර වූ විෂය වූයේ අධ්යාපන ක්ෂේ්රත්රයයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….