වැව් 12000න් මිරිදිය ධීවර කර්මාන්තයට ප්‍රයෝජනයට ගන්නේ තවමත් 6%යි

ලංකාවේ කුඩා වැව් 12000ක් පමණ තිබෙන බවත් එයින් සියයට 06ක් පමණ මේ වන විට මිරිදිය ධීවරකර්මාන්තය සදහා පාවිච්චි කෙරෙන බවත්  රජයයන් මිරිදිය ධීවර කර්මාන්තයට වැඩි අවධානයක් යොමු කර වගා පාදක මිරිදිය කර්මාන්තය වැඩි දියුණු කිරීමට පියවර ගත යුතු බවත් කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙශ්ඨ මහාචාර්ය උපාලි අමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ තිරසර අභ්‍යන්තර ජලාශ ධීවර කර්මාන්තය සදහා ප්‍රතිපත්තිමය යෝජනා ගොණු කෙරෙන මහජන කොමිසම පොලොන්නරුවේ දී ‍රැස් වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසුවේ මේ වන විට රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනාවල බොහොමයක් ජනතා අභිලාශයන් උදෙසා පහළ සිට ඉහළට කරුණු විමසීමෙන් සිදු කළ ඒ ව නොවන බවත් ඉහළ සිටින කාගේ හෝ සිතේ ඇති වූ අදහසක් පමණක් බවයි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය උපාලි අමරසිංහ මහතා මෙසේ ද කීය.

“කෝලයේ ජලයෙන් සියයට 97ක් මුහුදු ජලය.සියයට 3යි මිරිදිය ජලය ඉනුත් වැඩි ප්‍රමාණයක් අයිස් ග්ලැසියර් ලෙස.අපට පරිහරණය කරන්න පුළුවන් ජලය තියෙන්නේ දශම බින්දුවයි එකයි.නමුත් මේ තුළ මත්ශ්‍ය විශේෂ 30 000ක් විතර ඉන්නවා.මසුන්ගෙන් සියයට හතලිස් ගණනක් ම ඉන්නේ මිරිදියේ.අරතරම් විශාල ජල ප්‍රමාණයක් මුහුදේ තිබුණාට.ඒ නිසා මේ මිරිදිය මත්ශ්‍ය ගහණය ඉතාම වැදගත් වෙනවා.නමුත් මුහුදු ධීවර කර්මාන්තය තියෙන රටවල් වැඩි පුරම අවධානය දීලා තියෙන්නේ කරදිය ධීවර කර්මාන්තයට.

නමුත් පෝෂන සුරක්ෂිතතාව ගත්තොත් අනෙකුත් සියලුම සත්ව ආහාරවලට වඩා මිරිදිය මසුන්ගේ ප්‍රෝටීන් වැනි පෝෂ්‍ය පදාර්ථ ඉතාමත් ඉහල මට්ටමක පවතිනවා.ඒ නිසා රජජයන් මීට වඩා වැඩි ප්‍රමුඛතාවක් මිරිදිය ධීවර කර්මාන්තය සදහා දියයුතුයි.දැනට රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා මිරිදිය ධීවර කර්මාන්තය නගා සි‍ටුවීමට.නමුත් දැනට තියෙන මිරිදිය කර්මාන්තය දැනට තියෙන මට්ටමට වඩා තුන්ගුණයක් වැඩි කරන්න තමයි අපේක්ෂාව.මේ සදහා එක එක ආකාරයේ ක්‍රමෝපායන් යෝජනා කරලා තියෙනවා.

සමහර යෝජනා ප්‍රායෝගික නොවන බව පෙනෙන්නේ.වඩා කැපවීමක් තියෙනවා නම් ව්‍යාප්ති අංශය දියුණු කරනවා නම් වගා පාදක ධීවර කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරන්න ඕන.දැනට ලංකාවේ තියෙන කුඩා වැව් 12000න් සියයට 6ක් වගේ ප්‍රමාණයක් තමයි මේ සදහා යොදා ගන්නේ.

අපි කියන්නේ මේක සියයට 25ක් දක්වා වැඩි කරන්න පුළුවන්කමක් තියෙනවා නම් වඩාත් හොදයි.නැක්ඩා එකේ අපේක්ෂණ තියෙනවා සියයට 40ක් දක්වා වැඩි කරන්න.එහෙම කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.අපේ රටේ විශාල විභවයක් තියෙනවා මිරිදිය මත්ශ්‍ය නිෂාදනය වැඩි කරන්න.ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වැඩි කරන්න ඒ මගින් පුළුවන්.තව දෙයක් තමයි සාම්ප්‍රදායික දේවල් විතරයි කරන්නේ අද තිළාපියාට තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නේ.නමුත් කාෆ්ලාගේ මාංශවලින් වඩාත් හිතකර හා වෙනස් ආකාරයේ නිෂ්පාදන දියුණු කළ යුතුයි.

පසු අස්වනු නිෂ්පාදන වැඩි දියුණු කළ යුතුයි.මම යෝජනා කරලා තියෙනවා කාෆ්ලාගෙන් “සුරිමි “වගේ නිෂ්පාදනයක්.වෙනත් ඕනෑම රසයක් ඒ නිෂාදනයට කවන්න පුලුවන්.කකුලුවන් ගේ රසය,ඉස්සන්ගේ රසය දැල්ලන්ගේ රසය වගේ රස ඕනෑඅම එකක් එකතු කරන්න පුළුවන්.ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙනවා ඒ සදහා.මේ සදහා අවශ්‍ය කරන පර්යේෂණ සිදු කරලා නිෂ්පාදන වැඩි දියුණු කළ යුතුයි.

දැන් බොහෝ මිරිදිය ජලාශවල ප්‍රශ්නයක් ඇති වෙමින් තියෙනවා ටැන්කි සුද්දා බෝවෙනවා. අනිත් මාලු විනාශ කරනවා කියලා.නමුත් මේ ටැන්කි සුද්ගාගෙන් ගන්න කොලර්ජන්  අපට පුලුවන් ආක්‍රමනික සතුන් සම්පතක් ලෙස පාවිච්චි කරන්න පුලුවන්.

මෙක්සිකෝවල කෝලර්ජන් පාවිච්චි කරන්න මේ ටැන්කි සුද්දා ගන්නවා.අපේ රටේත් පර්යේෂණ කෙරිලා තියෙනවා.මේ කොලර්ජන් එක කාන්තාවන්ගේ රූපලාවන්‍ය දෙවල්වලට,ආහාර කර්මාන්තයට,ෆාමසීස් වලට ගේනවා.මේකට විශාල මුදලක් අපි වාර්ෂිකව වැය කරනවා.අපේ රටේ ඕනතරම් කෝලර්ජන් තියෙනවා.

මේක එක්ස්ට්‍රෑක් කරනවා නම් කවුරු හරි කොම්පැනියක් පටන් ගන්නවා නම් ටැන්කි සුද්දා අල්ලලා කොලර්ජන් ගන්නවා.මන්නාවා කියන මාලුවත් එහෙමයි.එයාගේ කොටස්වලින් ‍ෆිශ් බෝල්ස් කියලා සුප් එකේ අවශ්‍ය සංගඨක හදනවා. තායිලන්තයේ ඉතා ම ජනප්‍රියයි.

ඉහල මිලකට අලෙවි කරන්න පුලුවන්.අවශ්‍ය වෙන්නේ මේ පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීමයි.” මෙම අවස්ථාවට කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය කුලරත්න මහතා ඇතුළු පිරිසක් ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිලධාරින් පිරිසක් ද සහභාගීවූහ. පොලොන්නරුව මිරිදිය ධීවර සහයෝගිතා සංවිධානය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුනි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….