සමාවෙන්න මම නොකියාම යන්න ගියාට…..

(නල්ලතන්නියේ කොටි දෙනගේ අවසන් ලියවිල්ල)

මම ඉපදුනේ ඇත සිරිපා හිම පේන මානයේ.මට මතකයි අම්මා මාව කුඩා කලේ හදපු හැටි.හරිම පරිස්සමින්.අපි හිටියේ ගල් ගුහාවක.ඒක නම් හරිම ආරක්ෂිත තැනක්.අම්මා දඩයම් විතරක් නෙමෙයි තව බොහෝ දේ පුංචි මට කියලා දුන්නා.මාස දහයක් වගේ වෙන කොට තමයි මට ඉන්න “වසමක්” ඒ කියන්නේ මටම වෙන්වුණු ප්‍රදේශයක් අම්මා පෙන්නුවේ.

තවත් මාස දෙක තුනක් යන කොට මම තනියම ඒ වසමේ පදිංචියට ගියා.අම්මා අවසාන වේලාවෙත් කිව්වේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න කියලා.මිනිස් වාසයක් අසලටවත් යන්න එපා කිව්වා.ඒත් ප්‍රශ්න දෙකක් ආවා.එකක් තමයි අපිට තියෙන ආහාර සේරම මිනිස්සු මදු තියලා අල්ලන් ගිය එක.පුංචි සත්තු නැත්තටම නැති වුණා.ඒ කියන්නේ අපිට කැම නැති වුණා.එතකොට අපිට කැම හොයාගෙන මිනිස් වාසස්ථාන අසලට යන්න වුණා.මොකද ගෘහාශ්‍රිතව කුඩා සතුන් හිටිය නිසා.

දෙවැනි එක තමයි,වනාන්තර කපා ගෙන කැලය මැදට ජනාවාස ආපු එක.අපිට යන්න තැනක් නැති වුණා.

මදු ගැනත් අම්මා මට කියලා දුන්නා.නපුරැ මිනිස්සු මදු තියන හැටි.මදු වර්ග අම්මා මට කිව්වා.අපේ ඉතාම දුර්ලබ කළු කොටි ලොකුඅප්පච්චි කෙනෙක් හා කළු ලොකු අම්මා කෙනෙකුත් මදුවලට බිලි වුණා කියලා අම්මා කිව්වා.

මදු ගැන අපි වෙනුවෙන් ඉන්න වනජීවී එක මුකුත්ම කරන්නේ නැද්ද කියලා මම දවසක් අම්මාගෙන් හැව්වා.හැබැයි අම්මා කිව්වේ වෙනස්ම කතාවක්.එතන ඉන්නවා කිව්වා ඉතාම හොඳ අය.ඒ වුනත් එතන බලය තියෙන්නේ තක්කඩින්ට කියලයි අම්මා කිව්වේ.ඔවුන් අතර ඉන්න දෙවිවරැවගේ මහත්වරැ ගැන අම්මා හැමදාම මතක් කළා.හැබැයි ඒ අයට තැනක් නැහැ කිව්වා.

මම ඇහුවා මදු ගැන පරිසරවේදියෝ ද මොක්කු ද මොකද කරන්නේ කියලා.ඒ අය මේ ගැන කතා කරනවා එහෙත් වනජීවීය නිහඬයි කියලා තමයි අම්මා කිව්වේ……

කතාව දිග වැඩි වෙන හින්දා මම ඊයේ රෑ සිද්ධියෙන් පටන් ගන්නම්.ඒක අම්මා කිව්ව ජාතියේම මන්දක්.මන්ද තිබුනේ

තේ වත්තේ ඉසව්වක.වත්ත අයිති මහත්තයා නම් පරිසරයට ආදරය කරන කෙනෙක් කියලා තමයි අම්මා කියලා තිබුනේ.නමුත් මන්ද නම් බෙල්ලෙන් පහළට ගිහින් ඉණ ගාවින් හිර වුණා.හෝරා දෙක තුනක් යනකොට එළිය වැටුනා.යන්න තිබුන එකම ආරක්ෂිත තැන ඒ ගහ විතරයි.මම එකට ගොඩ වුණා.

ප්‍රවෘත්තිවලට කිව්වේ මම මන්ද කඩාගෙන ගිහින් කියලා.නමුත් මදු කතාව ඊට වෙනස්.

බොහෝ ගම්මාන ආශ්‍රිතව බොහෝ මදු තියන්නේ ඔය ආකාරයට කොට කැබැල්ලක් සමග.එතකොට ඒක ඇද ගෙන යන සතා ගිය පාර සොයා ගැනීම පහසු වෙනවා.මමත් හසු වුණේ එවැනි මන්දකට.සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට අපේ අය 60ක් පමණ මේ ආකාර මදුවලට හසු වෙනවා.ඒ කියන්නේ මිය යනවා.ඉතාම කලාතුරකින් තමයි අපිව බේර ගන්න හැකි වෙන්නේ.ඒකට බලපාන කාරණා ගණනාවක් තියෙනවා.ඒ සේරම මැද නිවැරදි කළමනාකරණයත් වැදගත්.හැබැයි ඒක නැති වුනොත් අපි ඒ මන්දේම මිය යනවා.

මෙතනදී වුනෙත් එක.

ලංකාවේ මදු තියන්නේ සැහෙන්න කාලයක ඉදන්.ඒ ගැන පරිසරවේදීයෝ වනජීවි දෙපාර්තමේන්තුවට ගිහිල්ලා කියලා තියෙනවා.පත්තරවලට ලියලා තියෙනවා.වෙනත් ලේඛන වශයෙන් එළි දක්වා තිබෙනවා,නමුත් අදටත් ඒ ගැන සබුද්ධික මැදිහත්වීමක් නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් සිද්ධ වෙලා නැහැ කියන එක තමයි අදත් මුළු රටම දැක්කේ.

මට දැන් හොඳටම වෙහෙසයි.මේ මගේ කතාවේ අන්තිම ටික.කරැණාකරලා අපි වෙනුවෙන් කියවන්න.අපිට වෙන කියන්න කෙනෙක් නැහැ……

කොටියෙක් වැඩියෙන්ම බය මිනිසුන්ට.මන්දටත් වඩා අපි බය මිනිස්සුන්ට.ඒ වේලාවේ මාව වට කරන් සිය ගණනක් හිටියා.මම එකට බයයි.ඒ වුනත් එන්න එන්නම මිනිස්සු මාව වට කර ගත්තා.මම හිටියේ වකුගඩු ආකර්මණ්‍ය මට්ටමට ආසන්නව.එහෙත් නිවැරදි ඉරියව්වකින් තමයි මම ගස මත හිටියේ.යට පැත්තට බර නොයෙන්න.ගහෙන් පැන්නොත් ලී කැල්ල හිර වෙලා මම එල්ලා මැරෙන බව දන්න නිසාම තමයි මම ඒ අයුරින් හිටියේ.

වනජීවී එක ආවේ ඒ වේලාවේ.ඔවුන් වටේ ඉන්න ජනතාව ඉවත් කරන්න හැදුවා.එහෙත් ඔවුන්ට එක කර ගන්න බැරි

වුණා.ඒ සඳහා අවශ්‍ය තරම් පිරිස් බලයක් පැමිණි අයට තිබුනෙත් නැහැ.සමහර අයට එක එච්චර වැදගත් කියලා හිතුනෙත් නැහැ.

ඔවුන් ඊට පස්සේ එළියට ගත්තේ තුවක්කුවක්.මම එකටත් බය වුණා.මොකද අපේ දෙනියායේ මන්දකට හසු වුණු ඉතාම දුර්ලබ අපේ කළු ලොකු අම්මා හිටියෙත් ගිනිසිරියා ගහක මන්දත් එක්ක.ඒ වේලාවේ එතන හිටපු කෙනෙක් අපේ කළු ලොකු අම්මාට වෙඩිල්ලක් තිබ්බා.ලොකුඅම්මා ඒ බයට ගහෙන් පහළට පැන්නා.

මැරැණේ එතකොට.ඒ නිසා අපි තුවක්කුවලට බයයි.

පස්සේ තමයි ඒ සිහි නැති කරන තුවක්කුව කියලා තේරැණේ.මම හිටියා කලබල නොකර.ඒ වගේම පස්සට බර නොදි.නමුත් ඉතාම දුර ඉදන් තමයි සිහිනැති කරන පතුරම විද්දේ.ඒක ඉතාම මෝඩ වැඩක්.මොකද අපි වගේ පොඩි සතෙකුට ඒ විදියට නෙමෙයි විදින්නේ.වැරදිලාවත් ඇහැකට වගේ වැදුනොත් ඔක්කෝම ඉවරයි.ඒ නිසා ළං වෙන්න ඕනා.නමුත් ඒ ගැන වගේ වගක් නැතුව උන්දෑ විද්දා.ඇහැ ගාවින් ගිහින් ඒක ගහට වැදුනා.ඒත් මම නිවැරදි ඉරියව්වෙන් හිටියා.දෙවැනි ඒක වැදුනා.

ඊළඟ ප්‍රශ්නේ ආවේ මාත්‍රාවේ.මොකද මගේ බර වයස ශරීර සෞඛ්‍ය මානසික ආතතිය ඒ සේරම බලලා තමයි මාත්‍රාව තිරණය කරන්න ඕනා.මම හිතන්නේ උන්දෑට එකත් වැරදුනා.මාව පල්ලේහාට ගත්තේ ඉතාම අවදිමත් විදියට.ඒ මන්දටම කබයක් සවි කරලා.මෙහෙම වේලාවට ගන්න අර බල්ලන්ට ඇවිද්දවන විට දාන විලි දෙකේ සම් පටියක්වත් තිබුනා නම් මම අදත් ඉන්නවා.වැළගෙඩියක් බානවා වගේ හැම තැනම වැදි වැදි මම පහළට ආවේ.ඔලුවම දෙතුන් පාරක් වැදුනා.මන්ද තවත් තද වුණා.වැස්ස නිසා සිතළත් වැඩි වුණා.පුදුම වැඩේ කියන්නේ මන්ද නොකපාම ඔවුන් මාව වාහනයට කුදලගෙන ආවා.එතකොට පරක්කු වැඩි.

මේවා මේ විදියට නොවුනා නම් අදත් මම ඉන්නවා.

කමක් නැහැ…..

දැන් මහන්සියි.මම ගිහින් එන්නම්……මගේ නෑයින්ට කියන්න මම ආයි එන්නේ නැහැ කියලා……

මීට නල්ලතන්නියේ කොටි දෙන

නයනක රන්වැල්ල – උපුටා ගැනීම මුහුණු පොත

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….