සවුදියේ ලාංකික ශ්‍රමිකයන් සියදිවි නසාගන්න තත්වයක ද?

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතරින් විශේෂයෙන් ම රැකියා සඳහා විදේශගත වූවන්ගේ ජීවිත සම්බන්ධයෙන් රජය වගකිව යුතු ය. මන්ද, රටට අත්‍යවශ්‍ය වන විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන ම මාර්ගය වන්නේ ඔවුන් වීමයි.

එහෙත්, මව්රටට ආයුබෝවන් කීමේ අරමුණින් රට තුළ කරන්නට පුළුවන් උපාධි පවා රටේ ජාතික ධනය වැය කරමින් විදේශ විශ්වවිද්‍යාලවලින් ලබාගැනීමට උත්සාහ කරන සිසුන් ආපසු සියරට ගෙන ඒමට දක්වන ලද සංදර්ශනාත්මක උනන්දුවට වඩා සම්පූර්ණයෙන් ම පරස්පර ප්‍රතිචාරයක් විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රජය දක්වනු පෙනේ. මෙය ඉතාමත් අසාධාරණ තත්වයකි.

මැද පෙරදිග රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු බොහෝ විදේශ ශ්‍රමිකයන් ඒ රටවල කොවිඩ්-19 රෝගීන් අතරින් බහුතරයයි. සවුදි අරාබියේ මේ වන විට රෝගීන් සංඛ්‍යාව 85,000 ඉක්මවා තිබෙන අතර, මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා තිබේ.

තම රටවල සේවය සඳහා ගෙන්වා ගන්නා ලද කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් මේ රටවල් වගවිය යුතු බව ඇත්ත ය. තමන්ගේ රටවල කම්කරුවන්ට උරුම කර දී තිබෙන අසාධාරණ ශ්‍රම තත්වයන් හේතුවෙන් ඔවුන් අතර රෝගය බහුල ලෙස පැතිරී ගොස් එම කම්කරුවන් බහුතරය මිය යමින් තිබියදී, රෝගීන් ටික ගුවන් යානාවල පටවා ඔවුන් පැමිණි රටවලට තල්ලු කර ඇඟ බේරාගැනීමට ඔවුන් කැමති ය. කුවේටය කළේ එයයි. එයට ඉඩ නොදිය යුතුය.

එහෙත්, මේ මිනිසුන් අපේ රටේ ජනතාවයි. මැද පෙරදිග රටවල කොවිඩ්-19 වැළඳී මිය යන මිනිසුන් වැඩි පිරිස ශ්‍රී ලාංකික දිළිඳු කම්කරුවන් වැනි පිරිස් ය.

ඔවුන් අතර රෝගය පැතිරී නොයන පරිදි සමාජ පරතරය පවත්වාගත හැකි පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව වැනි රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එම රටවල රාජ්‍ය නායකයන්ට බලපෑම් කළ යුතු ය. ශ්‍රී ලංකාවේ රජය එය කරන්නේ ද නැත.

එසේම, ශ්‍රී ලංකාව තුළ රෝගය පැතිරී නොයන අන්දමින්, එම රටවලදී කරන ලද විශ්වසනීය පීසීආර් පරීක්ෂණ වාර්තා හා නිරෝධායන ක්‍රියාමාර්ග මත පදනම්ව ශ්‍රී ලාංකික පුරවැසියන් ආපසු සිය රට රැගෙන ඒම වේගවත කළ යුතු ය.

ඒ සඳහා ඒ රටවල් සමග සාකච්ඡා කළ යුතු ය. එසේ කරනවා ද? විදෙස්ගත ශ්‍රමිකයන් ආපසු සියරට පැමිණි පසු ඔවුන් නිරෝධායනය කිරීම පිණිස යටිතල පහසුකම් වහා සංවර්ධනය කළ යුතු ය. මේ වන විට එය කරමින් තිබෙනවා ද?

සවුදි අරාබියේ දමාම් නගරයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සියදිවි නසාගෙන ඇති බව තානාපති ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අතරින් එක් අයෙකු සියදිවි නසාගෙන තිබෙන්නේ ඔහුගේ නවාතැනේ අසල්වැසියකු කොවිඩ්-19 නිසා මිය යාම හේතුවෙන් ඇති වූ මානසික අවපීඩනයක් හේතුවෙන් බව පෙනේ. අනෙක් තැනැත්තා දීර්ඝ කාලීනව පිළිකා රෝගී තත්වයකින් පීඩා විඳි අයෙකු බව කියැවේ. ඔහුට ලංකාවට ආපසු එන්නට උවමනාව තිබෙන්නට ඇත.

මෙම මරණ දෙක විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් වර්තමානයේ මුහුණ දී සිටින තත්වය සම්බන්ධයෙන් සංකේතාත්මකව ඉතා වැදගත් ය.

රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ය. ඒ සඳහා මහජනතාව රජයට බලපෑම් කළ යුතු ය.

praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….