සුළි කුණා‍ටු තත්ත්වයට මුහුණ දීමට පෙරසූදානමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා ඉදිරි සුළි කුණා‍ටු තත්ත්වයට මුහුණ දීම සඳහා සියලුම රාජ්‍ය ආයතන පෙරසූදානම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් මැදිරිගිරිය,ලංකාපුර හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල විශේෂයෙන් තාවකාලික ‍රැදවුම් මධ්‍යස්ථාන 09ක් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ අද (02) ඉදිරි සුළි කුණා‍ටු තත්ත්වයට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පෙර සූදානම පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.

“අපි මේ වන විට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කරලා තියෙනවා.අද දිනයේත් හෙට දිනයේත් රාත්‍රි කාලයෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ආපදා සහන සේවා ඒකක ,ආපදා කළමනාකරණ ඒකක විවෘතව තබන්න කියලා.

නිවාස හානි සිදුවෙන්න පුළුවන් ස්ථාන හා ප්‍රදේශ හඳුනාගන්න ග්‍රාම නිලධාරීන් හරහා කටයුතු කළා.ඒ වගේම අද සවස් වීමට පෙර අවදානම් ස්ථානවල තිබෙන අනාරක්ෂිත ගස් කපා ඉවත් කරන්නත් දැව සංස්ථාවට හා ආපදා කළමනාකරණ ඒකකයට උපදෙස් දුන්නා.

පොලිසිය,සිවිල් ආරක්ෂක බලකාය,ත්‍රිවිධ හමුදාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.මිලි මීරට් 200කට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බැවින් සියලුම ජලාශවල තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කර තිබෙනවා.

අඹන්ග‍ඟෙන් පරාක්‍රම සමුද්‍රයට එන ජලය ලබා ගැනීම තාවකාලිකව නවතා දැමුවා.මොරගහකන්දෙන් ඇළහැර හරහා එන ජලයද තාවකාලිකව නවතා දැමුවා.

ඒවා මහවැලිගඟට මුදා හැරෙනවා.ගොවිජනසේවා දෙපාර්තමේන්තුව ලොකු ක්ඩුආ වැව්වල තත්ත්වය පරික්ෂා කර බලා කඩාගෙන යන වැව් තිබේ දැයි හඳුනාගෙන හදිසි තත්ත්වයක දි වැලිකොට්ට ගැසීමට හා අනෙකුත් අවශ්‍යතා සඳහා සූදානම්.

ඒ වගේම මේ සුළං ප්‍රවාහයෙන් වැඩි බලපෑමක් එල්ල වෙයි කියලා අනුමාන කරන මැදිරිගිරිය,ලංකාපුර හා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල අවතැන් වුවහොත් ජනතාව තාවකාලිකව ‍රැදවීම සඳහා ආරක්ෂිත ස්ථාන 3 බැගින් ස්ථාන 09ක් සූදානම් කර තිබෙනවා.

ඊට අවස්‍ය සියලු පහසුකම් සූදානම්.පිසූ ආහාර, වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු පහසුකම් සලසන්න උපදෙස් දීලා තියෙනවා.අපට නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය අවශ්‍ය සහයෝගය ලබා දෙනවා,දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 7 ම රාත්‍රි කාලයේත් විවෘත කර තබන්න උපදෙස් දුන්නා.

ආපදා සහන සේවා හා ආපදා කළමනාකරණ ඒකක ඕනෑම තත්ත්වයකට සූදානම්” යැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

මේ අතර පොලොන්නරුව දිස්ත්‍රි ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානි සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 7 හිම හදිසි ආපදා අනුකණ්ඩ 07ක් ස්ථානගත කොට ඇති බවයි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….