ළමා අයිතිවාසිකම් රකින පොලීසියේ හැසීරිම

නිකවැරටිය ප්‍රදේශයේදි බාල වයස්කාර දැරියකට අමානුෂික ලෙස පහර දිමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරිම පැහැර හැරි උප පොලිස් පරික්ෂිකාවන් දෙදෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් වුයේ  සිටය.

දහතුන් හැවිරිදි මෙම දැරියගේ දෙමාපියන් නීතියෙන් වෙන්ව සිටින අතර ඇයගේ මිත්තණිය භාරයේ මෙම දැරියත් නැගණියත් ජිවත්ව ඇත. පසුව පියා විසින් මෙම දැරියව ඔහුගේ භාරයට ගෙන තිබේ. පියා වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති අතර එහිදි මෙම දැරියට විවිධ වධහිංසාවන් වලට ලක් වීමට සිදුව තිබේ.

පියා විසින් ඇයට පෙම්වතෙකු හඳුන්වා දි ඇති බවද පැවසේ. මෙම දැරිය සම්බන්ධයෙන් ඉකුත් 30 වෙනිදා මීරිගම ප්‍රදේශයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන් ඇය පිලිබඳ සෙවීමට යාමේදි ඇය හමුවී නොමැත.

මේ අතර සමාජ මාධ්‍ය වල දිගින් දිගටම මෙම දැරියට කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉතා අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩීයෝවක් සංසරණය වීමත් සමඟ මෙකී වින්දිත දැරිය පිළිබඳ නැවත වරක් සියල්ලන්ගේම අවධානය යොමු විය.

මේ අතර මෙම වීඩියෝව රැගෙන මෙම දැරියගේ මවත් , මිත්තණියත් කොටවෙහර පොලිසියට හා නිකවැරටිය පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් කිරිමට උත්සහ කළද එහි සිටි කාන්තා පොලිස් නිලධාරිනියන් පවසා ඇත්තේ දරුවට ගැහුවට මැරුවේ නැහැනේ යන්නය. එහෙයින් එහීදිද මෙම වින්දිත දැරියට සරණක් ලැබුණේ නැත.

කෙසේ නමුදු මෙම වීඩියෝව සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් සිදු කර අදාල කාන්තාවන් දෙදෙනාත් ,දැරියගේ පෙම්වතා බව කියන තරුණයාත් අත්අඩංගුවට ගෙන තිබුණි.

වීඩියෝවේ මෙම දැරියට පහර දෙන්නේ ඇගේ කුඩාම්මා හා ඇයගේ නැඟණිය වන ග්‍රාම නිලධාරිනියකි. ඔවුන් දිගින් දිගටම පවසන්නේ පරිවාස ගියද ඇයව මරන බවය.

කෙසේ නමුදු මහජනතාව වෙනුවෙන් පිහිටා ඇති නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය වැනි ආයතනයකින් මෙම බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදීම පියවර නොගැනීම කණගාටුවට කරුණකි.

දැරිය කුමනාකාරයෙන් සිටියත් ඇය බාලවයස්කාරියකි. ඇය වෙනුවෙන් පෙනී සිටිමට පෙර කී කාන්තා පොලිස් නිලධාරිනියන් හට නීතියේ ප්‍රතිපාදන තිබුණද එය නොසලකා හැර තිබුණේ දැරිය මිය ගොස් නොසිටි නිසාය. පෙර කී උප පොලිස් පරික්ෂිකාවන් දෙදෙනාගේ වැඩ තහනම් වන්නේද රාජකාරිය පැහැර ඇති බව සහකාර පොලිස් අධිකාරිවරයාගේ නිරික්ෂයට ලක් වීම හේතුවෙනි.

එසේනම් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරිමත් පොලිසියේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳවත් ඇත්තේ ගැටලුවක් නොවන්නේද?

ශානි

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….