threweel

තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05 ප්‍රමාණවත් නොවන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට අසරණ තත්වයන්ට පත්ව ඇති බවත්  ත්‍රිරෝධ රථ රියදුරන් කිප දෙනකුම පවසති.

වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ තමන් තම පවුල් ජිවත් කරවනුයේ ත්‍රිරෝධ රථ ධාවනයෙන් වුවත් තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05කට සිමා කිරිමෙන් නිසි ලෙස කුලි ගමන් යාමට නොහැකි බවත්ය.

තම ත්‍රිරෝධ රථ ලබා ගැනිමට ගත් ණය ගෙවිමටත් තම පවුල් නඩත්තු කිරිමටත් නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර තමන්ට අඩු තරමින් සතියකට පෙට්‍රල් ලිටර් 10ක් හෝ ලබා දිමට පියවර ගන්නා ලෙස අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts