මෙරට බිහිසුණුම ගුවන් අනතුරට වසර 47යි

aircraft

ශ්‍රි ලංකාව තුල සිදුවු බිහිසුණුම හා විශාලතම ගුවන් අනතුර වන ඩි. සි. 8 ගුවන් අනතුර සිදුව මේ මස 04වන දිනට වසර 47ක් ගතවනු ඇත.

මෙයට වසර 47කට පෙර එනම් 1974-12-04වන දින මක්කම වන්දනාවේ යන පිරිසක් රැගෙන ගමන් ගත් සි. සි. 8 ගුවන් යානය අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මස්කෙළිය නොර්ටන් ප්‍රදේශයේ කොත්තැල්ලෙන ටිබර්ටන් කදු ආශ්‍රිත සප්ත කන්‍යා කදු වැටියේ ගැටිමෙන් අනතුකට ලක් විය.

එම ගුවන් අනතුරින් එහි ගමන් ගත් මගින් හා කාර්ය මණ්ඩලයේ 191 දෙනාම මරුමුවට පත්වුයේ එකි ගුවන් අනතුරේ ප්‍රබලතාවය මුලු ලොවටම කියා පාමිනි.

මස්කෙළිය නොර්ටන් ප්‍රදේශයේ ටිබර්ටන් කදු ආශ්‍රිත කොත්තැල්ලෙන ප්‍රදේශයේ හා අවට පිරිස් එදින සුපුරුදු පරිදි නින්දට ගොස් සිටි අතර රාත්‍රියේ එම පිරිස් අවදිවුයේ එම ප්‍රදේශය දෙදරවා යන විශාල ශබ්දයක් සමගිනි.

එම සබ්දයෙන් නින්දෙන් ඇහැරුන පිරිස් එලියට පැමින අවට නරබන විට එම පිරිස් දැක ඇත්තේ සප්ත කන්‍යා කදු වැටිය ප්‍රදේශය ගිනි ජලාවක් බවට පත්ව ඇති අකාරයයි.

එම ගිනි ජලාවන් පිලිබදව විපරම් කරන විට එම පිරිසට දැන ගැනිමට හැකිව ඇත්තේ එම කදුවැටියේ ගැටිමෙන් ගුවන් යානයක් විනාශයට පත්ව ඇති බවත්ය.

පසුව දැන ගැනිමට ලැබුනේ මක්කම බලා ගමන් කරන පිරිසක් රැගත් මෙම ඩි. සි. 8 ගුවන් යානය ඉන්දුනිසියාවේ සිට පැමිනෙමින් තිබියදි මෙම අනතුර සිදුව ඇති බවටයි.

මෙම ගුවන් අනතුර පිලිබදව මතකය අවදි කරන එවකට ශ්‍රිලංකා යුධ හමුදා නිත්‍ය සේවයේ පලවන ගැමුණු හේවා බල ඇනියේ රියදුරකු ලෙස සේවය කල දැනට විශ්‍රාම ලබා ඇති ජි. එච්. නිමල් සිල්වා මහතා මෙසේ පවසන ලදි.

1974-12-04වන දින ඩි. සි. 8 ගුවන් යානය අනතුරට පත්විම පිලිබදව දැනුම් දිමකට අප රෙජිමේන්තුවේ ඉහල නිලධාරින් කිප දෙනකු සමග සෙබල කණ්ඩායමක් දියතලාව කදවුරේ සිට මෙම ප්‍රදේශයට පැමිනි අතර එවකට මේජර් ලකි අල්ගම මහතාගේ රියදුරු ලෙස මාහටද පැමිනිමට හැකි විය.

අප කණ්ඩායම මෙම ප්‍රදේශයට පැමින ලක්ෂපාන කොත්තැල්ලෙන මහා විදුහලේ නවා තැන් ගෙන එතන් සිට මෙම ගුවන් අනතුරින් මිය ගිය අයගේ දේහයන් කදු වැටියේ ඉහල සිට පහලට ගෙන ඒමේ බාරදුර කටයුතු සිදු කරන ලදි.

මා රියදුරකු ලෙස සේවය කරන බැවින් එම මෙහෙයුමට කන්ද තරණය කිරිමට නොහැකිවු අතර මෙම මෙහෙයුමට එක්වු සෙබලුන්ගෙන් නිරන්තරයේන් දැන ගැනිමට ලැබුනේ එම ගුවන් යානයේ ගමන් ගත් මගින්ගේ සිරුරුවල කොටස් මෙන්ම ඔවුන් ඇද සිටි ඇදුම්වල කොටස්ද එම කදු වැටියේ තැන තැන වැටි තිබුන බවත්ය.

මෙම කණ්ඩායම කාණ්ඩ කිපයකට බේදි කටයුතු කල අතර මෙම අතුරින් මිය ගිය අයගේ දේහයන් පහලට රැගෙන ඒම මෙන්ම මෙම ගුවන් යානයේ කලු පෙට්ටිය සොයා ගැනිමේ බාර දුර කාර්යද මෙහි ප්‍රධාන අරමුණක් බවට පත්ව තිබුනා.

එවකට ලුතිනන් බොතේජු මහතාගේ කණ්ඩායම මෙහෙයුම් සිදුකරන විට එම ගුවන් යානයේ කලු පෙට්ටියේ ටෙප් පටයේ කොටසක් හමුවු අතර එය ඇලුමිනියම් කඩදාසියක් ලෙසද දැක ගැනිමට හැකි වුනා.

අනතුරට ලක්වු මෙම ගුවන් යානයේ ටයර් දෙකක්ද හමුවු අතර එහි එක් ටයරයක් නොර්ජන් බ්‍රිජ් පොලිසිය ඉදිරි පිටද අනෙක් ටයරය ගැමුණු හේවා බල කායේ දියතලාව කදවුරේ සිහි වටන ලෙස තබා ගැනිමටද පියවර ගත්තා.

මෙම ගුවන් අනතුර නැරබිම සදහා දේශිය මෙන්ම විදේශීය විශාල පිරිසක් පැමිනි අතර එම පිරිස් පාලන කිරිමද යුධ හමුදාවට මෙන්ම පොලිසියට පැවරි තිබුනද එම පිරිස් පාලනය කිරිම ලෙහෙසි පහසු වුනේ නැහැ මොකද මෙසේ පැමිනෙන පිරිස් ගුවන් අනතුර සිදුවු කන්ද තරණය කිරිමට පියවර ගැනිමත් සමග එම අයද විවිධ අනතුරුවලට ලක්විමේ අවදානමක්ද තිබුනා.

යුද හමුදාව හා පොලිසිය එක්ව මෙහි පැමිනි විශාල පිරිස්වලට කන්ද තරණය කිරිමට ඉඩ නොදිමට පියවර ගත්තද සමහර පිරිස් එම කන්ද තරණය කිරිමට යාමෙන් එයින් කිප දෙනකුම විවිධ ඇනතුරුවලටද ලක්වුනා.

එමෙන්ම මෙසේ මෙම අනතුර නැරබිමට පැමිනි සමහර පිරිස් අනතුරට පත්වු මෙම ගුවන් යානයේ කොටස් කැබලි රැගෙන යාමට පියවර ගැනිම පාලනය කිරිමටද හමුදා නිලධාරින්ට මෙන්ම පොලිස් නිලධාරින්ය දැඩි වෙහෙසක් ගැනිමට සිදුවු අතර සමහර පිරිස් කෙසේ හෝ එම කොටස් රැගෙන ගොස් තිබුන බවද පසුව දැන ගැනිමට ලැබුනා.

මෙම ඩි. සි. 8 ගුවන් අනතුර ශ්‍රිලංකාව තුල සිදුවු විශාලතම හා බිහිසුනුම ගුවන් අනතුර වන බවද නිමල් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….