5000/= දිමනාව ලබා දිම ආරක්ෂ අංශ වෙත පවරන්න

කොරෝනා වසංගතය හේතුවෙන් රජය මගින් ලබා දෙන රුපියල් 5000/= දිමනාව ගෙවිම සදහා දේශපාලකයන් යොදා ගැනිමට එරෙහිව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගන්නා ලද තිරණය ඉතා හොද දෙයක් ඒ සදහා අපි පුර්ණ සහාය ඔහුට ලබා දෙනවා.

ශ්‍රිලංකා කම්කරු පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය කේ. ක්‍රිෂාන්ත් මහතා මේ බව පවසන ලද්දේ දික්ඔය පැවැති මාධ්‍ය හමුවකදිය.

දික්ඔය ඒ මහතාගේ කාර්යාලයේදි එම මාධ්‍ය හමුව පැවති අතර එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු කේ. ක්‍රිෂාන්ත් මහතා මෙම රුපියල් 5000/= දිමනාව ජනතාවට ලබා දිමේදි සමහර දේශපාලකයන්ගේ මැදිහත් විම මත එය නිසි අයුරින් ලැබිය යුතු සමහර අයට ලැබෙන්නේ නැහැ එම නිසා මෙම රුපියල් 5000/= දිමනාව ලබා දිමත් යුධ හමුදාව ඇතුළු ආරක්ෂ අංශ වෙත පවරන්න කියා අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

මොකද ලංකාවේ ආරක්ෂක හමුදාව ඉතා හොදින් රාජකාරි කරන බව අපි දන්නවා ඔවුන් මෙම කොරෝනා වසංගතයද නිසි ලෙස පාලනය කිරිමට විශාල සහයක් ලබා දුන්නා එම තත්වයන් මත මේ රුපියල් 5000/= දිමනාවද ආරක්ෂක අංශ මගින් බේදා දිමට කටයුතු කරන්නේ නම් කිසිම ප්‍රශ්නයක් නැතිව එය ඔවුන් විසින් කරනු ඇති බවයි අපගේ අදහස.

වතු කරය ගත් විට මෙහි බොහෝ දෙනකු කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියා කලා එත් මේ කොරෝනා වසංගතය හේතුවෙන් එම පිරිස් නැවත වතු කරයට පැමින සිටිනවා මේ අයගේ රැකියාවන් පිලිබදව ඉදිරියේදි දැඩි ප්‍රශ්න මතු වෙනවා එම තත්වයන් මත එම පිරිසට රැකියා අවස්ථාවන් මෙම ප්‍රදේශයේ ස්ථාපිත කල යුතුයි.

කොටගල ප්‍රදේශයේ කාර්මාන්ත පුරයක් සදහා ඉඩමක් වෙන් කර තියෙනවා එත් එහි පවතින්නේ කර්මාන්ත ශාලා කිපයක් පමනයි මෙහි විවිධ කර්මාන්ත ඇති කිරිම සදහා විවිධ පාර්ශව කැමැත්තක් දක්වනවා එත් අපේ රටේ සමහර නිලධාරින්ගේ තිබෙන විවිධ ගැටලු හේතුවෙන් එහි කාර්මාන්ත ආරම්භ කිරිම සමහර අයට එපා වෙනවා එම නිසා මෙම ඉඩමේ නව කර්මාන්ත ඇති කිරිම කෙරෙහි අවදානය යොමු කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය රජයන් කිපයක් මගින් වතුකරය නියෝජනය කරන විවිධ පාර්ලිමේන්තු මංත්‍රිවරුන්ට කාර්මාන්ත, අධ්‍යාපන, ක්‍රිඩා, නිවාස,ආර්ථික,සෞඛ්‍ය, ප්‍රවාහන, වතු යටිතල පහසුකම්, වැනි විවිධ ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, වැනි තනතුරු ලබා දුන්නත් ඔවුන් එයින් නිසි ප්‍රයෝජන මේ වතු කරයට ලබා දුන්නේ නැහැ.

කෙසල් ගෙඩියක් දිලා එය ලෙලිත් ගහාලා දෙන්න පුලුවන් එත් කවන්න බැහැ එම නිසා මේ වතුකරයේ ජනතාවත් තේරුම් ගත යුතුයි මෙවැනි අයට ඡන්දය ලබා දිමෙන් වැඩක් වෙයිද කියලා මොවුන් කරන්නේ හැමදාම අහිංසක වතු ජනතාව රැවටිමට ලක් කිරිමයි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….