පොලොන්නරුවට කලා ගම්මානයක්

නව තාක්ෂණයත් සමග ඉපැරණි හෙළ කලා ශිල්ප හා සංස්කෘතිකාංග නැතිව යාම වලක්වා ගැනීම සඳහා පොලොන්නරුව ට ආවේණික හෙළ කලා ගම්මානයක් බිහි කිරීම ඉතාම විශිෂ්ට පියවරක් බවත් පොලොන්නරුව රාජධානියේ  නැතිවී යමින් තිබෙන ශිල්පීය ඥානය හා  අනන්‍යතාව යලි ගොඩනැගීමට ක්‍රියා කිරීමත් අත්‍යවශ්‍ය බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව මහ නගර සභාව විසින්  පොලොන්නරුව ඇතුමල්පිටිය මුනියන්ඩි වැව ආශ්‍රිතව සුභ ආරම්භ කළ හෙල කලා ගම්මානය ස්ථාපිත කිරීමේ මුල්ගල් තැබීමේ උළෙලට සහභාගී වෙමිණි.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

“පොලොන්නරුව ප්‍රදේශය විදිහට අලුත් අවුරුද්දේ අලුත් වැඩක් හොඳ වැඩක් ආරම්භ කරන මේ අවස්ථාව හෙළ කලා ගම්මාන කියන සංකල්පය ඉතාම වැදගත් වන්නේ අපේ ඉතිහාසයේ අපට අමතක වන අපෙන් නැතුව යන අහිමි වන අපේ දේවල් යලි ගොඩනැගීම සංචාරක කර්මාන්තයට වගේම දේශීය වශයෙන් ද ඉතාම වැදගත්.අපේ කම ‍රැක ගැනීම නිසා.

අපෙ හෙළ කර්මාන්ත දේශීයත්වය ,අපේ සංස්කෘතිය ,අපේ දේශීය කර්මාන්ත ඇතුළු සියලු දේ පිළිබඳව මෙම ස්ථානයෙන් ඕනෑම කෙනෙකුට දැනුමක් අවබෝදයක් වින්දනයක් ලබන්න පුළුවන්.

ලෝකයේ බොහෝ රටවල සංචාරක ව්‍යාපාරය දියුණු කරන වැඩසටහන් තුළ අපේ මේ හෙළ කලා ගම්මානය වගේම ඒ රටවල්වලට ආවේණික වූ, අනන්‍යවූ ,ඒ රටවල්වල ඉතිහාසය කියාපාන මෙවැනි බොහෝ ගම්මාන දකින්න පුළුවන්.මමත් ඒ ගම්මානවලට ගිහින් තියෙනවා.

අපේ රටේත් මෙවැනි හෙළ කලා ගම්මාන ස්ථාපිත කරන්න ඕන.ලෝකයේ ඉහලම බලවතා වන අමෙරිකාව ගත්තොත් අවුරුදු 500කට අඩු ඉතිහාසයක් තියෙන්නේ.

අපේ එහෙම නෙමෙයි අවුරුදු 5000ක ඉතිහාසයටත් එහා ලිඛිත සාක්ෂි තියෙන ඉතිහාසයක් තියෙන්නේ.මේ අවුරුදු 5000ක කතාවක් ගැන කතා කරන්න ව්‍යාප්ත කරන්න,ප්‍රවර්ධනය කරන්න ,දැනුවත් කරන්න,ලෝකයට බෙදා හරින්න තිබෙනවා.

ඒ තුළ පොලොන්නරුව යුගය විශේෂ යුගයක් වෙනවා.මේ රටේ රාජාවලියේ ඉතාම වැදගත් ඓතිහාසික යුගයක් පොලොන්නරුව යුගය.ආර්ථිකය ,සංස්කෘතික දියුණුව,සෞඛ්‍ය සේවාවන්,රාජ්‍ය පාලනය ඇතුළු සියලු අංශවල විශිෂ්ට දියුණුවක් තිබුණු යුගයක්.පුලස්ති සෘෂිවරයාගේ අනුශාසනා මගපෙන්වීම් අනුව ගොඩනැගුණේ.

අනිකුත් රාජධානිවලට වඩා කැපී පෙනෙන විශිෂ්ට යුගයක්.සියලු අංශවලි සංවර්ධනය වූ යුගයක් තමයි පොලොන්නරුව යුගය.ඒ ඓතිහාසික විශිෂ්ට යුගය පිළිබඳව අපට අමතක වී යන දේවල්,නැතිවෙලා යන දේවල්,නව තාක්ෂණයත් එක්ක අපේ ගෙවල්වල දැන් වංගෙඩිය මෝල් ගහ නැතුව යනවා.

පං පැදුර නැතුව යනවා.පැරනි සංගීත භාණ්ඩ නැතුව යනවා.ඒ සියලු දේවල් එක්වන තැනක් විදිහට තමයි මේ හෙළ කලා ගම්මාන කියන්නේ.පොලොන්නරුවේ සංචාරක ව්‍යාපාරයට පමණක් නෙමෙයි මේ අවට ගම්මානවලට වැදගත් වෙනවා.

පොලොන්නරුව මහ නගර සභාව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.නගරාධිපතිතුමා ඇතුළු සියලු නාගරික මන්ත්‍රීවරුන් කාර්ය මණ්ඩලය එක්වෙලා මේ කටයුත්ත සිද්ධ කරනවා.මෙවැනි ව්‍යාපෘතියක් සාර්ථක කරගන්න පුළුවන් කමක් නෑ රාජ්‍ය අනුග්‍රහය නැතුව.පළාත් පාළන ආයතනවලට තිබෙන මුල්‍ය අඩුපාඩුකම් එක්ක.

නමුත්  රොශාන් රණසිංහ රාජ්‍ය ඇමතිතුමා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරලා තිබෙනවා.මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න අවශ්‍ය ඒ සහයෝගය ලබා දෙනවා.

එතුමා සඳහන් කළා වගේම මම මගේ අවුරුදු 30ක කාලය තුළ පොලොන්නරුවේ සංවර්ධනයකට සිදු කළ වැඩ වගේම ඊළග පියවර එතුමන්ලා ඉදිරියට ගෙන යාමයි තියෙන්නේ.එක එතුමන්ලා ඉදිරියට කරගෙන යයි.පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යය සඳහා එතුමන්ලා දෙන සහයෝගය ඉතාමත් අගය කරනවා.”

මෙහි දී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද කතා කළේ ය.පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල,නගරාධිපති චානක සිතත් රණසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ හ.ඉන් අනතුරුව පොලොන්නරුව වටරවුම අභියස රුක් රෝපණ වැඩසටහනකට ද මෙම පිරිස එක් වූහ.පින්තූරවල දැක්වෙන්නේ මෙම වැඩසටහන්වල අවස්ථා කිහිපයකි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….