අබිරහස් ඝාතනයේ සැකකරුවන් දින තුනක් ඇතුලත අත්අඩංගුවට

හංවැල්ල පොලිස් වසමේ කොස්වත්ත තුන්මෝදර ප්‍රදේශයේ පිහිටි කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට ඉකුත්  වෑන් රථයකින් කඩාවැදුණු හත් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විහාරාධිපති උඩුවිල ධම්මසිරිතිස්ස ස්වාමීන් වහන්සේට පහරදී විහාරයේ සිටි පිරිස දනගස්වා විහාරාධිපති හිමියන් පැහැරගෙන ගොස් ඝාතනය කල සිද්ධියට සම්බන්ධ  ප්‍රධාන සැකකාරිය ඇතුළු තිදෙනෙක් හා ඝාතනය සඳහා යොදාගත් යතුරුපැදියක් හා වාහන දෙකක්  අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත්  අපරාධ කොට්ඨාසය නිලධාරීන්ට හැකි වූ බව පොලීසිය පැවසීය.
මෙම අපරාධය සෙවීම සම්බන්ධයෙන්බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගෙන් ලද උපදෙස් අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂක පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් යුක්තව එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් විසින් ආරණ්‍ය සේනාසනයට ගොස් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු පොලිස් කොස්තාපල් 84762 කුමාර යන නිලධාරියාට ලද සාර්ථක තොරතුරක් මත මෙම අපරාධය සිදු කිරීමට මූලිකවූ එම විහාරස්ථානයේ පැවිදි ව සිටින වයස අවුරුදු 12ක් වූ සාමණේර හිමි නමකගේ මව වන (43) හැවිරිදි මීගස්තර, කිරලගහහේන, හොරණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ ඇයට ආධාර සහ අනුබල දුන් සම්බන්ධවූ මිල්ලනිය පොලිසියට අනුයුක්තව සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ ස්වාමිපුරුෂයෙක් වන සැනසුම් පියස, මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි සුමිත් බණ්ඩාර නැමැති (41) හැවිරිදි පුද්ගලයෙක් ජෝතිකාරාම මාවත, හෝකන්දර පාර, තලවතුගොඩ ලිපිනයේ පිහිටි දෙමහල් නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.
මෙම සැකකාරිය හා සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සාමනේර හිමිනම ගේ මව වන ප්‍රධාන සැකකාරියගේ මෙහෙයවීම මත ආරණ්‍ය සේනාසනයට ගොස් පැහැර ගෙන එන ලද ස්වාමීන් වහන්සේ අංක 357/9 උද්‍යාන මාවත, මාකොළ උතුර ලිපිනයේ පිහිටි දෙමහල් නිවසක සඟවා තබාගෙන උන්වහන්සේට සිදුකළ පහරදීමකදී හිමිනම ඝාතනයට ලක්වී ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
මාකොළ ප්‍රදේශයේ පිහිටි නිවසේ අයිතිකරු වන (55) හැවිරිදි පුද්ගලයෙකුද මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දීම හා අයුතු ලෙස සිරකර තැබීම යන චෝදනා මත අත්අඩංගුවටගත් බවද පොලීසිය පැවසීය.
මෙම පුද්ගලයින් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී එම නිවසේ ඝාතනයට ලක්වූ ස්වාමීන් වහන්සේගේ සිරුර පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග නිවසේ තිබූ ඇඳ ඇතිරිල්ලක් මත ඔතා ත්‍රිරෝද රථයකින් කුරුණෑගල ප්‍රදේශයේ  කොටදෙණියාව පොලිස් වසමට අයත් නාවාන සුසාන භූමියට රැගෙන ගොස් සිරුරක් මිහිදන් කර තිබූ තරමක් ගිලා බැස ඇති වලක් මතුපිට තබා පෙට්රල් වත්කර ගිනි තබා ඇති බවද අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පැවැසීය.
ස්වාමීන් වහන්සේගේ මළ සිරුර කොටදෙණියාව ප්‍රදේශයට රැගෙන යන අතරතුර ඉන්ධන හලකින් රුපියල් දහසක පෙට්රල් ඉන්ධන ලබාගත් බවත් සිරුර රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනා ත්‍රිරෝද රථයේ ගමන් කරන විට ප්‍රධාන සැකකාරිය ඇයට අයත් ඉස්කුටි වර්ගයේ යතුරු පැදියෙන් එම ත්‍රිරෝද රථය පිටුපසින් කොටදෙනියාව ප්‍රදේශයට ගමන් කර ඇති බවද මූලික පරීක්ෂණවලදී  සැකකරුවන් ප්‍රකාශ කල බව පොලීසිය පැවසීය.
ඒ අනුව කාන්තාව විසින් අපරාධයට යොදාගත් සැකකාරියට අයත් යතුරුපැදිය හා ස්වාමීන් වහන්සේ පැහැරගෙන ඒමට ගිය වෑන් රථයත් ඝාතනයවු ස්වාමීන් වහන්සේගේ සිරුර රැගෙන ගිය ත්‍රිරෝද රථයද පොලිස් භාරයටගත් බවද  පොලීසිය පැවසීය.
කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයේ තිබී සැකකාරිය විසින් රැගෙන එන ලද උඩුවිල ධම්මසිරි  ස්වාමීන් වහන්සේට අයත් 2008 වර්ෂයේ දින පොතක්, ආරණ්‍ය සේනාසනයට ලබාදී ලබාදී ඇති පූජාභූමි ඔප්පුව, බැංකු පාස් පොත, සාමනේර හිමිනම ගේ විස්තර ඇතුළත් ලිපිගොනුවක් ස්වාමීන් වහන්සේ පැහැරගෙන ගොස් ඝාතනය කළ නිවසේ අයිතිකරුට ලබාදී තිබියදී සොයාගත් බවත් පොලීසිය පැවසීය.
තමාගේ එකම පුතු වන සාමනේර හිමිනම පැවිදි දිවියට පත්වීමෙන් අනතුරුව විහාරයේ වැඩ වාසය කිරීමේදී නායක ස්වාමීන් වහන්සේගෙන් සිදුවූ ලිංගික හිංසන හා නොයෙකුත් අඩම් තේට්ටම්  මත කවදා හෝ දිනක නායක ස්වාමීන් වහන්සේගෙන් එම පලිගන්නා ගන්නා බවට කාන්තාවගේ සිත තුළ තිබූ වෛරයේ ප්‍රතිඵලයක් හා තම පුතු ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේලෙස සිටිනු දැකීමට අපේක්ෂාවෙන් මෙම ඝාතනය සිදුකළ සිදු කළ බවත් අනෙක් පුද්ගලයින් විහාරස්ථානයට අයත් මුදල් හා පෞරාණික භාණ්ඩ සොරකම් කිරීමේ අදිටනින් මෙම අපරාධ සිදුකළ බවත් කාන්තාව විසින් පොලිසියට සිදු කළ පාපොච්චාරණයේ දී සඳහන් කළ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
මෙම ඝාතනයට සම්බන්ධ අත්අඩංගුවට පත්ව සිටින එම විහාරස්ථානය පැවිදිව සිටින සාමනේර හිමිනම ගේ මව සහ පියා මෙන්ම අත්අඩංගුවට ගෙන සිටින අනෙක් සැකකරුවන් දෙදෙනාද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ඝාතනයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් තිදෙනාද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් මේ සම්බන්ධයෙන් විහාරස්ථානයේ සිටින අනෙකුත් ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් පොලිසිය පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය යන මහත්වරුන්ගේ ඍජු අධීක්ෂණය මත බස්නාහිර පළාත් අපරාධ  කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂක පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් මත බස්නාහිර පලාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර පොලිස් සැරයන්වරුන් වන 40248 ප්‍රසන්න, 21284 බණ්ඩාර, පොලිස් කොස්තාපල් 72338 ලලන්ත, 81600 සමීර, 84762 කුමාර, 69598 අනිල්, 77688 අමිල, කාන්තා පොලිස් කොස්තාපල් 10684 කෞශල්‍යයා, 11297 ලක්ෂානී පොලිස් කොස්තාපල් රියදුරු 18818 තිලකසිරි,29545 හරේන්ද්‍ර, 20462 රණවීර යන නිලධාරින් විසින් පවත්වනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….