ඇස්ට්‍රාසෙනිකා දෙවැනි වටය පූජ්‍ය පක්ෂයට ලබාදිය යුතුයි

කොවිඩ් 19 වෛයිරසය මර්ධනය කිරීම සදහා ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත කොවිඩ් නිවාරණය සදහා සටන් වදින මුල්පෙල පිරිසට ලබාදිමෙන් පසුව ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට හා අන්‍ය පූජක ප්‍රසාදීන්වහන්සේලාට දෙවැනි වටයේදි ලබාදිමට රජය පියවර ගතයුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් අනුසාශනාවක් කරමින් පැවසුහ.

මේ රටේ සෑම ව්‍යසනයකදිම පෙරමුණ ගෙන සටන් කරනා ත්‍රීවිධ හමුදාව පොලිසිය මෙන්ම වසංගතයේදි සිය ජීවිත දෙවැනිකර සේවයේ නියුතුව සිටින සෞඛ්‍ය අංශවල සියළු දෙනා හට මුල්ම එන්නත ලබාදීමට රජය කටයුතු කිරීම ප්‍රසංසනීය බව නාහිමිපානන් පැවසුහ.

මෙරටට ආනයනකර තිබෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 19 මර්ධන එන්නත මහා සංඝරත්නයට ලබාදෙිමේ ඇති වැදගත්කම පිළිබව අනුශාෂනාකල නාහිමිපානන්.මුලින්ම මේ එන්නත මෙරටට මාත්‍රා ලක්ෂ පහක් ගෙන්වා ගැනීමට කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ රජයට සමස්ත රටවැසියන්ම ස්තුතිවන්ත විය යුතුයි.

ඒ වගේම සෞඛ්‍ය අංශ වලය ත්‍රිවිධ හමුදාවට පොලිසියට මුල්ම වටයෙන් එන්නත් ලබාදීමත් අගය කළ යුතුයි.ඔවුන් අපි වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා.නමුත් මහා සංඝරත්නය හා අන්‍ය ආගමික පූජකතුමන්ලා පිළිබදව අවධානයක් යොමුවුනාද නැද්ද කියන කාරනය මා හරියට දන්නෑ.

නමුත් ආගමික නායකයින් සිදුකරනා කාර්ය භාර්ය රජය හොදින්ම වටහාගෙන සංඝරත්නයට හා අන්‍ය පූජකතුමන්ලට දෙවැනි වටයේදි එන්නත අනිවාර් යෙන්ම ලබාදිය යුතුයි.

මොකද කිසිදු වැටුපක් නොලබමින් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මහා සංඝරත්නය හින්දු මුස්ලිම් ක්‍රිස්තියානී පූජකතුමන්ලා කටයුතු කරනවා.මහා සංඝරත්නය අන්‍ය ආගමික පූජකතුමන්ලා කියන්නේ සෑම කටයුත්තකටම අනිවාර්යෙන්ම සහභාගිවෙන පිරිසක්. අපට කොරෝනා කියලා සමාජ වගකිමෙන් බැහැරවෙලා කටයුතු කරන්න බෑ.

අපිට කොරෝනා කියලා පන්සලට එන ජනතාවට එන්න එපා කියන්න බෑ.අවමගුලට පාංශු කූලයට පිරිත් නූලක් බැදගන්න එන කෙනෙකු ඒවා කරන්නෑ කියලා හරවා යවන්න බෑ.

රජා දුගියා මගියා ඇතුළු ඕනම කෙනෙකු අපි පිළිගන්නවා.ඒ නිසා මේ වෛරසයෙන් බලපෑම් එල්ලවන අය අතරේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍ය පූජක ප්‍රසාදීනුත් ඉදිරියෙන්ම ඉන්නවා.ඒ නිසා රජය ඊළග වටයේ එන්නත් ලබාදිමේදි මේ පිළිබදව අවධානය අනිවාර්යෙන්ම අවධානය කළයුතු බව නාහිමිපානන් පැවසුහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….