මෙවර ඉදිරිපත්කර තිබෙන අය වැය ව්‍යවසායක අය වැයක්

budget 2021 sri lanka

මෙවර ඉදිරිපත්කර තිබෙන අය වැය ව්‍යවසායක අය වැයක්.මෙම අය වැය සෞභාග්‍යදැක්ම අනුව ව්‍යවසායකයන්ට දොර විවෘත්තකර රට ගොඩ නගන්නට මග සලසන,කෘෂිකර්මාන්ත,කර්මාන්ත සදහා පෙරළියක් කරමින් රටේ අනාගතය පිළිබද දුර දැක්මක් ඇතිව ඉදිරිපත්කළ එකක් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනූප පස්කුවල් මහතා  මතුගමදි කීවේය.

ග්‍රාමීය මාර්ග කිලෝමිටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 25.8 ක් වැයකර මතුගම බණ්ඩාරනායක මාවත කාපට් අතුරා සංවර්ධනය කිරිම ආරම්භකිරිමේ උත්සවය අමතා අනුප පස්කුවල් මහතා මේ අදහස් පළ කළේය.

සෞභාග්‍ය දැක්ම මේ මහ පොලවේ යථාර්ථයක් කිරිම සදහා ඉදිරිපත් කළ ඉතාම කාලෝචිත අය වැයක් බව සියළු දෙනා පිළිගන්නවා.මේ අය වැය මගින් මේ රටේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත පමණක් නෙමෙයි තාක්ෂණික විශ්ව විද්‍යාල, වෘත්තිය පුහුණුව ආදි අංශ සදහා මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

මේ රටේ රැකියා වියුක්තියට විසදුමක්ලෙස වෘත්තිය පුහුණුව ලබන කාලයේ රුපියල් 4000 ක දිමනාවක් ලබා දෙනවා පමණක් නෙමෙයි එම පුහුණුවෙන් පසු කර්මාන්ත ආරම්භ කිරිමට ආයෝජන ණයක් ලබාදිමට මුදල් වෙන්කර තිබෙනවා.මේවා රටකඅනාගතය වෙනුවෙන් කලයුතු දේවල් නෙමෙයි කියල කාටවත් තර්ක කරන්න බැහැ.

රටේ ආරක්ෂාව පැත්තෙන් වගකිමෙන් කටයුතුකර තිබෙනවා. අනෙත් අතට ගත්තම රටේ ජනතාවගේ සෞඛ්‍ය වගේම වාර්ෂිකව පිටි කිරි ගෙන්වීමට වැය වන රුපියල් මිලියන ගණනක් ඉතිරි කර ගැනීම සදහා දේශිය කිරි නිෂ්පාදනය වෙනුවෙන් ලංකාව පුරා කිරි නිෂ්පාදනාගාර 15 ක් ආරම්භ කිරිමට කටයුතු කරනවා. කිරි නිෂ්පාදනය දැවැන්ත ලෙස ප්‍රවර්ධනය සදහා මුදල් වෙන්කර තිබෙනවා.

මෙතෙක් කල් සිදුකෙරුනේ නැහැ. අපේ සම්ප්‍රදායික බෝගයක්වු කිතුල් සදහා වෙනම අධිකාරියක් පිහිටුවන්න කටයුතු කරනවා. එමගින් අපේ මැතිවරණ ප්‍රකාශනය යථාවත් කර තිබෙනවා.මේවා ග්‍රාමීය ආර්ථිකය සවිමත් කරනව වගේම අපට අළුත් නිෂ්පාදන හරහා රට ලෝකයට ගෙනයන වැඩපිළිවලක් වෙනවා.

මෙවැනි දැවැන්ත වැඩ පිළිවලක් මේ අය වැය තුළ තියෙනවා. මහාමාර්ග, අධ්‍යාපන, සෞඛ්‍ය,කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ඇතුළු සෑම අංශයක්ම නියෝජනය වන පරිදි රට ණය බරින් ගලවා ගැනීමේ අඩිතාලමක් සහිත අය වැයක් ලෙස හදුන්වන්න පුළුවණි.මෙතෙක්කල් නොතිණු නිෂ්පාදන සදහාම වෙන්කෙරණු රාජ්‍ය අමාත්‍යවරුන් පත්කර තිබෙනවා. මේ රටේ අති බහුතරයක් ජනතාව පීඩාවිදින පිරිසිදු පානීය ජලය ලබාදිම සදහා බිලියන දාහක් වෙන්කර තිබෙනවා.

රටේ සංවර්ධනය මුවාවෙන් හොරාකෑම හොදටම හුරු පුරුදු ඔය දැන් විපක්ෂයේ ඉන්න අයට බව පසුගිය කාලයේ කල මහ බැංකු මංකොල්ලය වගේ ඒවයෙන් ඉතා පැහැදිළියි.

මේ අය වැයෙන් සංවර්ධන ව්‍යාපෘති සදහා වැඩි වශයෙන් මුදල් වෙන්කිරිම රටේ ජනතා දේපල හොරාකාපු අයට පේන්නෙ හොරාකන්න මුදල් වෙන්කරල කියල වෙන්න පුළුවණි. නමුත් ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ මේ නව රජය එහෙම ජනතා දේපල හොරා කන්න ලැස්ති නෑ.ජනතා දේපල හොරාකාපු අයට ජනතාව මොකද කළේ කියල පසුගිය මැතිවරණ වලදි පැහැදිළි වුණා.

විපක්ෂනායකතුමාට විපක්ෂය පාලනය කරගන්න බැරුව කොරෝනාවට බෙහෙත් නියම කරන්න යනවා. මෙතුමා පසුගිය කාලෙ මැලේරියාවටත් බෙහෙතක් නියම කළා. විපක්ෂනායකතුමා කියන කියන ආකාරයට බෙහෙත් ගෙන්වන්න රජය සුදානම් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන උපදෙස් අනුව රජය කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රමය පියාගෙ මාර්ගයේ යාමයි.

එතුමගෙ තාත්ත මේ රටේ හැට නමදාහකට අධික තරුණ පිරිසක් මරල දැම්මා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයත් තාත්තගෙ මාර්ගයේ යනවද කියල අපිත් බලාගන ඉන්නවා.

කොරෝනා මර්දනයෙන් ආණ්ඩුව අසමත් කියල කියන විපක්ෂය විපක්ෂයේ කාර්ය භාරය ඉටු කිරිම අතින් නම් අසමත් බව ඔප්පුකර තිබෙනවා. ලොව අනෙත් රටවල සිදුවන මරණ අනුපාතය බැලුවම අපේ සෞඛ්‍ය අංශ තවමත් ඉතාම ඉහල මට්ටමකින් කොරෝනා මැඩපවත්වාගන යමින් තියෙනවා.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….