මට්ටෙන් ගොඩ යන අපේ කාලයේ තරුණයන්ට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක්

තුරුණු තරුණයන් ව්‍යාපාරික ලෝකයට එක් කරන්නට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක් සකස් කරන්ට මධ්‍යම ආන්ඩුව පියවර ගන්නා බැව්, වේවැල්  පිත්තල  මැටි ලි බඩු සහ ග්‍රාමීය කර්මාන්ත  ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසංන්න රණවිර මහතා පවසයි.

තරුණ ප්‍රජාව  දේශිය කර්මාන්ත  සඳහා නැඹුරු කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ගාල්ල දිස්ත්‍රික්  දේශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවට පසුගියදා එක්වෙමින් වේවැල්  පිත්තල  මැටි ලි බඩු සහ ග්‍රාමීය කර්මාන්ත  ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසංන්න රණවිර මහතා ප්‍රකාශ කළේය.

සම්ප්‍රදායික කර්මාන්තවල  නියැළිමට තරුණ පිරිස් වැඩි වශයෙන් නැඹුරු නොවීම හේතුවෙන් තරුණ පිරිස් ආකර්ශනය කර ගැනීමට වැඩපිලිවෙළක් මේ යටතේ අවශ්‍ය වේ.

තරුණ පිරිස් ආකර්ශනය කර ගැනීමට නම් මෙම කර්මාන්ත තාක්ෂණය සමග බද්ධ විය යුතුය. විදාතා නිලධාරින් සමබන්ධ කර ගනිමින්  ක්ෂේත්‍ර 81ක් යටතේ  හඳුනාගත් කර්මාන්තකරුවන්  ව්‍යවසායකයින් දක්වා  පරිවර්තනය කිරීමට  කටයුතු කරන බව මෙහිදි සඳහන් කෙරිනි.මෙහි අනෙකුත් වැඩසටහන් වශයෙන් අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර සහ  තාක්ෂණික   දැනුම ලබා දීම  සිදු කෙරේ.

මැටි වැඩි දියුණු කිරිම (process) මඟින් අමුද්‍රව්‍ය  ගබඩා කිරීමට කටයුතු කිරීම හරහා  මැටි ආශ්‍රිත නිෂ්පාදන අමුද්‍රව්‍ය ලබා ගැනිමේ දුෂ්කරනා අවම කෙරේ.

විවිධ ආයතන උපයෝගි කර ගනිමින්  නිෂ්පාදකයින්ට අවශ්‍ය  සහය ලබා දිමට  කටයුතු කරන බවත් ගාල්ල සිප්නාරා  ආයතනය හරහා  ව්‍යාපාර අවස්ථා දියුණු කිරීමට අවස්ථාව සලසා දිම සිදුකෙරේ.

ජාතික ශිල්ප සභාව  සභාව නිෂ්පාදන වැඩි දියුණු කිරීමට අවශ්‍ය සහය ලබා දෙයි.තරුණ ප්‍රජාවට ව්‍යාපාරිකයෙක් වශයෙන් නැඟි සිටීමට අවශ්‍ය  දිරිය ලබා දීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන මිලට ගැනීම පහසු කරවීමේ ව්‍යාපෘතියක්ද මෙහිදී ක්‍රියාත්මක කෙරෙන අතර මේ සියලු ව්‍යපෘති  හරහා කර්මාන්තකරුවන්ට නව ජීවයක් ලබා දී ඔවුන්ගේ අතමිට සරු කිරීම අපේක්ෂා කෙරේ.

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….