කොරෝනා කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේ දී තීරණ රැසක්

කොරෝනා කොවිඩ් 19 වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය.

මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

රට තුල පවතින කොවිඩ් තත්ත්වය මත බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන, කූලී නිවාස, පාසල්, ආයෝජන ප්‍රවර්ධන කළාප (BOI) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු සිදු කරනවා ද යන්න නිරීක්ෂණයට ලක් කිරීම සෞඛ්‍ය අංශය සතු වගකීමක් බැවින් සෞඛ්‍ය නිලධාරීයෙකු මගින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වනවා ද යන්න අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක්විය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දෙන ලදි.

එමෙන්ම කොවිඩ් ප්‍රතිකාර ඇදන් සංඛ්‍යාව වැඩි කිරීම, හදිසි ප්‍රතිකාර සේවාවේ ඇදන් වැඩි කිරීමට කටයුතු කිරීම, රසායනාගාරවල සිදු කරනු ලබන PCR පරික්ෂණ නිවැරදිතාවය උපරිම පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කිරිම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා පිළිබද පුහුණුවක් ලබාදීම යන කරුණු පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.

සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද පූර්ණ අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රවාහන, නවාතැන්, ඇතුලු යටිතල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමිය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, සිසිර ජයකොඩි මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….