coronavirus news

කොවිඞ් 19 වසංගත තත්ත්වය මේ වන විට එහි තුන්වන මට්ටමට ළඟා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.

කොවිඞ් වසංගතයේ අදියර 4ක් පවතින අතර පළමු මට්ටමේදී විදේශවලින් පැමිණි අය වැනි පිරිස් අතුරින් කුඩා ප්‍රමාණයක් වාර්තාවීමත්,  දෙවන මටට්ම රට තුළ විශාල වශයෙන් නොපැතිරුණු එක් පොකුරක් පැවතීමත්, තුන්වන මට්ටමේදී රෝගී පොකුරු කීපයක් මතුවීම හා හතරවන මට්ටම පොකුරු කිහිපයක් සමඟ සමාජ පැතිරීමක් පවතින බවත් වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.

මේ වන විට කොවිඞ් 19 වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ පවතින්නේ තුන්වන මට්ටමේ බව ද සඳහන් කළේය.

Similar Posts