දෙවොලකට ගොඩ වූ කතක් අණසක පතුරුවයි

නිවැසියන්ට බලපාන අපල උපද්‍රවවලට දේව පිහිට ඉල්ලා දෙවොලකට ගොඩ වූ කතක් එහි අණසක පතුරුවා ගනිමින් කපුවා තම භාරයට ගැනීමේ පුවතක් රත්නපුරයෙන් දැනගන්නට ඇත. සිද්ධියට පාදක වනුයේ රත්නපුරේ ගම්මානයක දේවාලයකි.

කලක සිට තම නිවසේ උදවිය මුහුණපාන, රෝග පීඩා, අවාසිදායක සිදුවීම් සමනය කර ගැනීමටත්, කවුරුන් හෝ තම නිවසට යම් අණවිනයක් කර ඇත්නම් ඒවා දුරුකර පිහිට ලබා ගැනීමටත් සිතූ ගෙහිමි කාන්තාව එයට සුදුසු ස්ථානයක් ගැන කල්තියාම විපරමේ යෙදුණාය.

මිතුරියකගේ ආරංචියෙන් එක්තරා දේවාලයක් ගැන දැනගත් ඇය එයට ගොඩවුණේ බලාපොරොත්තු සහගතවය.

කපුවාගේ උපදෙස් අනුව කෙම්මුර දිනවලට බාරහාර වීම, පුදපූජා පැවැත්වීම සිදු කෙරිණි. මේ කටයුතු නිසා පවුලේ උදවියට යම් පිහිටක් ලැබෙන බව ඇය කල්පනා කළාය. නිරන්තරයෙන් දේවාලයට පැමිණීමත්, ආවතේව කටයුතුවලට සහභාගි වීමත්, කපුවා හා ඇය අතර සමීප සබැඳියාවේ වර්ධනයට රුකුලක් විය.

දේවාලයට ලැබෙන පලතුරු වට්ටි ඇතුළු අනෙකුත් ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ඇගේ නිවසට ගියේ කපුවාගේ කැමැත්ත පරිදිය. එහෙත් කල්යද්දී පුදපඬුරුවලටද ඇය අත තිබ්බේ කපුවාගේ අනුදැනුමකින් තොරවය.

මේ අතර ඇය සමග අමනාපව සිටි පුද්ගලයකුගේ දියුණුව අවහිර වන පරිදි යමක් කරන්නැයි ඇය කපුවාට යෝජනා කළේය. හුදෙක්ම එය යෝජනාවක් නොව අණකි. ඔහුට එය ඉටු කිරීමට සිදු විය.

එහෙත් නොබෝ දිනකින් එම පුද්ගලයාට ලොතරැයි දිනුමක් හිමිවීමත් සමග කපුවාත්, පෙර කී කාන්තාවත් අතර ගැටුම්ද හට ගැනිණි. කෙසේ හෝ දැන් දෙවොලේ සියලු රාජකාරි ඇය භාරයේය. කපුවා දැන් එහි සේවකයකු පමණි.

උපුටා ගැනීම

ශ්‍රියන්ති බණ්ඩාර – අරුණ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….