එකම රටක අධ්‍යාපන ක්‍රමවේද දෙකක් ක්‍රියාත්මක වන්නේ ඇයි ?

education Substantial investment in education sector in Budget 2025

රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස  සමාන්‍ය පෙළ O/L  පෙනී සිටින්නේ වයස අවුරුදු 16 දී ය.

අන්තර් ජාතික පාසැල් International Schools වලින් ඉගෙන  ගන්නා සිසුන්  සාමාන්‍ය පෙළ London  O/L විභාගයට පෙනී සිටින්නේ  වයස අවුරුදු 14 දී ය.

රජයේ පාසැල්වල ඉගෙන ගන්නා සිසුන් අපොස උසස් පෙළ A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු  19  කි.

එහෙත් අන්තර් ජාතික පාසල් වල ඉගෙන ගන්නා සිසුන් උසස් පෙළ   London A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු 16 කි.

ජාතික පාසැල් පද්ධතිය තුළ ඉගෙන ගන්නා සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ වයස අවුරුදු 20  දී ය.

එහෙත් අන්තර් ජාතික පාසල්  වල  ඉගෙන ගන්නා සිසුන්   London A/L  , Edexel ,Cambridge විභාග වලට පෙනී සිට
වයස අවුරුදු 17 දී මෙරට හෝ විදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරන අතර වයස අවුරුදු 22  –  23 වන විට උපාධිධාරීන් බවට පත් වෙයි.

එහෙත් බහුතරයක් වූ   සිසුන්  රජයේ පාසල්වල අධ්‍යාපනය ලබා, විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමකර උපාධිධාරීන් බවට පත් වෙන විට වයස අවුරුදු 26  –  27  විසි හතක් පමණ වේ.

මුදල් හෝ වෙනත් වරප්‍රසාද අහිමි පවුල් වල දරුවන් නිදහස් අධ්‍යාපනයේ පිහිටින් සරසවි වරම් ලබා  උපාධිධාරීන් ලෙස පිටවනවිට ඔවුනට සම වයසේ වරප්‍රසාද ඇති පවුල්වල ශිෂ්‍යයින් අවුරුදු 3- 4  කට  කලින් උපාධිධාරීන් බවට පත්වී රැකියා අවස්ථා,උසස් වීම් සහ පශ්චාත් උපාධි අධ්‍යාපන වරම් හිමිකර ගෙන ඇත.

එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 26.1වගන්තියට අනුව උසස් අධ්‍යාපන සඳහා සදහා වන ප්‍රවේශ ක්‍රම පදනම් විය යුත්තේ කුසල තාවය  සහ සමානතාවය   ( MERIT and EQUITY)  මතයි.

එහෙත් අපේ රටේ සිදුවන්නේ ඊට ඉඳුරා ම පටහැනි ක්‍රියා මාර්ගයක් නොවේ ද ?

මුදල් සහ අනිකුත්  වරප්‍රසාද ඇති පවුල්වල දරුවන්ට  එක් අයුරකින් ද ,විවිධ දුෂ්කරතා සහ අගහිඟකම් ඇති නිදහස් අධ්‍යාපනය මත තම ජීවිතය ගොඩනඟා ගන්නා  දරුවන් ට වෙනත් අයුරකින් ද සලකන මේ ක්‍රමය වෙනස් විය යුතු නො වේ ද ?

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….