කොරෝනා ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක්

ධීවර සංස්ථා නිලධාරින් 07ක්  මින්නේරියේ නිවාඩු නිකේතනයට  හොර රහසේ ම පැමිණ සැගව සිටීමෙන් හා ඒ අතර ආසාධිතයන් සිටිමෙන්  කොරෝනා වෛරසය පොලොන්නරුව දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැකයක් මතුව ඇතැයි පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ චෝදනා කරයි.

ඉකුත් (05) දා සවස 4.30 ට පමණ  මෝදර ප්‍රදේශයෙන් පිටත්ව එදින රාත්‍රී වන විට මින්නේරිය ධීවර සංස්ථා නිවාඩු නිකේතනයට පැමිණි පුද්ගලයින් 07 කු පිළිබඳව ඉකුත් (06) දා ප්‍රදේශවාසීන් විසින් සෞඛ්‍ය අංශ වෙත පැමිණිලි කිරීමෙන් පසු වෛද්‍යවරුන් ,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම ස්ථානයට ගොස් පරික්ෂා කොට ඇත.

ඒ අනුව මෙම පුද්ගලයින් මොදර ප්‍රදේශයේ දී ඉකුත් 04 දා  පී.සී.ආර්.පරික්ෂණ සිදු කර ඇතත් නිවෙස්වලට යාම ප්‍රතික්ෂේප කොට ඇති බවත් ධීවර සංස්ථාවේ ඉහළම නිලධාරියෙකුගේ උපදෙස් මත ධීවර සංස්ථාවේ වාහනයකින් ම මින්නේරියට පැමිණ ඇති බවත් අනාවරණය වී තිබේ.

මොවුන්ගේ ජෛව සාම්පල පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු එම පුද්ගලයින් 07 දෙනාගෙන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.

පසුව ඔවුන් වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ ක්‍රියා කර ඇත.අනෙක් තිදෙනා එම ස්ථානයේම නිරෝධායනයට ලක් කර තිබේ.

මෙසේ මින්නේරිය ධීවර සංස්ථා නිවාඩු නිකේතනයට පැමිණ ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් පුත්තලම,මෝදර,සුදුවැල්ල,පෑළියගොඩ,කෑගල්ල,ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද අනාවරණය වී ඇත.

මොවුන් පැමිණියේ කුමන හේතුවක් නිසා දැයි දීර්ග ලෙස විමර්ශන සිදු කළ යුතු බවත් කාගේ හෝ අනුදැනුම මත පොලොන්නරුව දිස්ත්‍රික්කයට කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරීමට අනුබල දීමක් සිදුව ඇත්නම් ඒ පිළිබදව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

මේ වන විටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොරෝනා වෛරසය ආසාධිතයින් වැඩිම ප්‍රමාණයකට රෝගී සත්කාරක සේවා සිදු කරමින් සිටිය දීත් මෙවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියා සිදු වීම කණගා‍ටුදායක බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳව කඩිනමින් පරික්ෂණයක් සිදු කර එවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් සිදු වන්නේ නම් ඔවුන් රටට හෙළි කිරීමත් රෝග ව්‍යාප්තිය පාළනයට එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….