ගාල්ලේ දරිද්‍රතාවය තුරන් කිරීමට දැවැන්ත වැඩසටහනක්

galle

ගෘහ ආර්ථිකය සහ   පෝෂණය කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය තුළ වඩාත් විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා මුලික  කාර්යභාරය සියල්ල  ඉටු කර ඇති බවත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල මඟින් ලබා ගන්නා සියලු තොරතුරු  අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන්  ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය  තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය වෙත යොමු කර ඇති බවත් ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම පසුගියදා පැවති කමිටුවට එක්වෙමින් පැවසිය.

මෙම වැඩසටහන යටතේ කෘෂිකාර්මික අංශයේ ගෙවතු වගාව සඳහා පමණක් විශේෂිත නොවී ගෘහාශ්‍රිතව සිදු කළ හැකි සත්ත්ව පාලන , ජලජීවි වගාව, ගෘහස්ථ ව්‍යවසාය සංවර්ධනය,  පරිසර සංරක්ෂණය  තුළින් ජීවනෝපාය සංවර්ධනයට යොමු කිරීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වේ.

අංශ 06ක් යටතේ  ගෘහ ඒකක  සවි බල ගැන්වීමට මේ තුළින් බලාපොරොත්තු වන අතර ගෙවතු සඳහා අපනයන කෘෂි බෝග වගාව, එළවළු පැළ  බෙදා දීම , මත්ස්‍ය  වගාව, පුහුණු  ඖෂධ පැළ  වගාව ,ගෘහස්ථ කුකුළු පාලනය සඳහා කිකිළි පැටවුන් ලබා දීම  වැනි ක්‍රියාකාරකම් අතරින් තෝරා ගත්  ක්‍රමවේදයක් ඔස්සේ පවුල් සවිබල ගැන්වීමට අවශ්‍ය  පහසුකම් ලබා දෙන බවත් ඒ මහතා එහිදි ප්‍රකාශ කළේය.

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….