galle

ගෘහ ආර්ථිකය සහ   පෝෂණය කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය තුළ වඩාත් විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා මුලික  කාර්යභාරය සියල්ල  ඉටු කර ඇති බවත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල මඟින් ලබා ගන්නා සියලු තොරතුරු  අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන්  ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය  තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය වෙත යොමු කර ඇති බවත් ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම පසුගියදා පැවති කමිටුවට එක්වෙමින් පැවසිය.

මෙම වැඩසටහන යටතේ කෘෂිකාර්මික අංශයේ ගෙවතු වගාව සඳහා පමණක් විශේෂිත නොවී ගෘහාශ්‍රිතව සිදු කළ හැකි සත්ත්ව පාලන , ජලජීවි වගාව, ගෘහස්ථ ව්‍යවසාය සංවර්ධනය,  පරිසර සංරක්ෂණය  තුළින් ජීවනෝපාය සංවර්ධනයට යොමු කිරීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වේ.

අංශ 06ක් යටතේ  ගෘහ ඒකක  සවි බල ගැන්වීමට මේ තුළින් බලාපොරොත්තු වන අතර ගෙවතු සඳහා අපනයන කෘෂි බෝග වගාව, එළවළු පැළ  බෙදා දීම , මත්ස්‍ය  වගාව, පුහුණු  ඖෂධ පැළ  වගාව ,ගෘහස්ථ කුකුළු පාලනය සඳහා කිකිළි පැටවුන් ලබා දීම  වැනි ක්‍රියාකාරකම් අතරින් තෝරා ගත්  ක්‍රමවේදයක් ඔස්සේ පවුල් සවිබල ගැන්වීමට අවශ්‍ය  පහසුකම් ලබා දෙන බවත් ඒ මහතා එහිදි ප්‍රකාශ කළේය.

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Similar Posts