නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන – සී.ජේ. අමරතුංග

liberal

බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම වැනි කරුණු බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්, ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් ආදීන්ගේ නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙළ සමග ක්‍රියාවට නැගීම එයට හේතුව බව සිතිය හැකි ය. ඒ අනුව එබඳු වැඩ සටහන් ක්‍රියාත්මක කරන හැම අවස්ථාවක් ම නව ලිබරල් කියා හැඳින්වීමට වාමාංශිකයෝ පෙළඹී සිටිති. මෙම ඇතැම් ප්‍රතිපත්ති සහ/ හෝ ක්‍රියාමාර්ග වෙනත් ආර්ථික දර්ශන සමග ද ක්‍රියාත්මක කළ හැකි බව ඔවුහු නොදනිති. නැතහොත් නොපිළිගනිති.

මෙරට ප්‍රකට වාමාංශික බුද්ධිමතෙකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා මාස කිහිපයකට පෙර අනිද්දා පුවත්පතට ලිපියක් ලියමින් ප්‍රකාශ කළේ නව ලිබරල්වාදය ගැන වමේ අලුත් විවේචනයක් අවශ්‍ය බව යි. ඒ මහතාට එබඳු නව විවේචනයක් ගොඩ නගා ගැනීමට හැකි වූ බවක් පෙනෙන්නට නැතත්, එම ලිපියෙන් එක් කරුණක් පිළිගෙන ඇති බව පෙනෙන්නට තිබිණි. එනම්, නව ලිබරල්වාදය පිලිබඳ වමේ විවේචනයේ කිසියම් වරදක් ඇති බව යි.

නව ලිබරල්වාදය පිලිබඳ විවේචනයේ දී , විශේෂයෙන් ම සෝවියට් ක්‍රමයේ සමාජවාදය පිළිගෙන සිටි සහ සිටින වාමාංශිකයින් එයට ප්‍රවිෂ්ට වුයේ විරෝධයක් සහිතව ය. සාමාන්‍ය භාෂාවෙන් කිවහොත් ඇරියස් එකක් ඇතිව ය. එයට හේතුව සෝවියට් සමාජවාදය ඇත්ත සමාජවාදයක් නොව සර්වාධිපතිවාදී (Totalitarian ) සහ මහජන නිදහස් අහිමි කරන වහල් ක්‍රමයක් ලෙස නව ලිබරල්වාදීන් විසින් හඳුන්වනු ලැබීම යි. මෙම න්‍යායේ ප්‍රධාන ප්‍රකාශකයා සහ නිර්මාතෘ වන ෆෙඩ්රික් හයෙක් 1944 දී ලියු මේ පිලිබඳ ප්‍රථම ග්‍රන්ථය වුයේ “ වහල්භාවයේ මාවත “ (Road to Serfdom) යන්න යි. එයින් ඔහු පෙන්වා දුන්නේ ජර්මනියේ ජාතික සමාජවාදය හෙවත් නාසිවාදයත්, සෝවියට් සමාජවාදයත් දෙක ම සර්වාධිපතිවාදී සමාජයන් බව යි.

නව ලිබරල්වාදය පිලිබඳ විවේචනයේ දී , විශේෂයෙන් ම සෝවියට් ක්‍රමයේ සමාජවාදය පිළිගෙන සිටි සහ සිටින වාමාංශිකයින් එයට ප්‍රවිෂ්ට වුයේ විරෝධයක් සහිතව ය. සාමාන්‍ය භාෂාවෙන් කිවහොත් ඇරියස් එකක් ඇතිව ය. එයට හේතුව සෝවියට් සමාජවාදය ඇත්ත සමාජවාදයක් නොව සර්වාධිපතිවාදී (Totalitarian ) සහ මහජන නිදහස් අහිමි කරන වහල් ක්‍රමයක් ලෙස නව ලිබරල්වාදීන් විසින් හඳුන්වනු ලැබීම යි. මෙම න්‍යායේ ප්‍රධාන ප්‍රකාශකයා සහ නිර්මාතෘ වන ෆෙඩ්රික් හයෙක් 1944 දී ලියු මේ පිලිබඳ ප්‍රථම ග්‍රන්ථය වුයේ “ වහල්භාවයේ මාවත “ (Road to Serfdom) යන්න යි. එයින් ඔහු පෙන්වා දුන්නේ ජර්මනියේ ජාතික සමාජවාදය හෙවත් නාසිවාදයත්, සෝවියට් සමාජවාදයත් දෙක ම සර්වාධිපතිවාදී සමාජයන් බව යි.
වසර පනහකට හැටකට පසු අපට පෙනෙන්නේ ඔහු නිවැරදි බව යි. අද වාමාංශිකයින් සහ මාක්ස්වාදීන් පවා මෙය අඩු වැඩි වශයෙන් පිළිගන්නා බව අපි දනිමු. එසේ වුව ද, එදා ගොඩනැගුනු විරෝධාකල්පය තවමත් තුරන් වී නැත.

දියුණු රටවල වාමාංශික ව්‍යාපාරවලට නව ලිබරල්වාදය සමග ගැටුමක් වුයේ ඔවුන් සමාජවාදී දේපළ ලෙස සැලකූ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය යි. එම විරෝධය මතු වුණේ වෘත්තීය සමිති හරහා ය.

දියුණු රටවල වාමාංශිකයින්ට නව ලිබරල්වාදය පිලිබඳ තවත් බරපතළ ප්‍රශ්නයක් වුයේ එය නිදහස් ලෝක වෙළෙඳපොළක් වෙනුවෙන් පෙනී සිටීම යි. එනම් ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම යි. එයට හේතුව එමගින් තම රටවල ප්‍රාග්ධනය තුන්වන ලෝකයට ගලායාම යි.

දියුණු රටවල වාමාංශිකයින්ට නව ලිබරල්වාදය පිලිබඳ තවත් බරපතළ ප්‍රශ්නයක් වුයේ එය නිදහස් ලෝක වෙළෙඳපොළක් වෙනුවෙන් පෙනී සිටීම යි. එනම් ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම යි. එයට හේතුව එමගින් තම රටවල ප්‍රාග්ධනය තුන්වන ලෝකයට ගලායාම යි
කලක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන එහි පුරවැසියකු වී සිටින ශ්‍රී ලාංකිකයකු මෙම ලියුම්කරු සමග කීවේ ඔහු වෙත පැමිණි එරට වාමාංශිකයකු ගෝලීයකරණය විරුද්ධ වන ලෙස ඔහුට කරුණු දැක්වූ බවයි. එම ඕස්ට්‍රේලියානු වාමාංශිකයා අපගේ මිත්‍රයාට කියා ඇත්තේ ගෝලීයකරණය නිසා එරට කර්මාන්ත තුන්වන ලෝකයට යන නිසා එරට රැකියා විරහිතභාවය වැඩි වන බැවින් එයට විරුද්ධ විය යුතු බවයි.

මෙහි තේරුම නම් ගෝලීයකරණය තුන්වන ලෝකයට වාසිදායක බව යි. නමුත් පුදුමයට කරුණ නම් තෙවැනි ලෝකයේ වාමාංශිකයින් ද දියුණු රටවල වාමාංශිකයින් අනුකරණය කරමින් ගෝලීයකරණයට විරුද්ධ වීම යි.

කාල් මාක්ස් කීවේ ‘කම්කරුවාට රටක් නැත’ කියා ය. මේ කියන වාමාංශිකයින් කතා කරන්නේ රට ගැන පමණකි. ඔවුන්ට නැත්තේ ලෝකයකි. මෙය වාම දර්ශනයක් ද ? නැතහොත් සමාජ ජාතිවාදයක් ද ? කියා ප්‍රශ්න කළ යුතුව ඇත.

නව ලිබරල්වාදයට එරෙහි වන වාමාංශිකයින් කියන එක ඇත්තක් නම් එය දැන් ලොව කිසි තැනක ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නැති බව යි. එය පොතට සීමා වුවක් බව යි. එය ඇත්තකි. එසේ වීමට හේතුව නම් බලවත් රටවල පාලකයින් තම රටවල වෙළෙඳපොළ විවෘත කිරීමට විරුද්ධ වීම යි. යුරෝපයේ සහ ඇමෙරිකාවේ කෘෂි ක්ෂේත්‍රයට දෙන සහනාධාර නවතා එය විවෘත කළහොත් එම කෘෂිකාර්මික නිෂ්පාදනයේ අවස්ථාව හිමි වනු ඇත්තේ අප්‍රිකා සහ දකුණු ආසියානු රටවලට ය. බලවත් ජාතීන් විසින් එම අවස්ථාව තුන්වන ලෝකයට අහිමි කොට ඇත. ලෝක වෙළෙඳ සංවිධානයේ වොෂින්ටන් සම්මුතිය බිඳ වැටීමේ ඇත්ත කතාන්දරය ඒක ය.

නව ලිබරල්වාදය සහ සම්භාව්‍ය මාක්ස්වාදී අදහස් අතර ඇති ගැළපීම ද මෙහි දී සඳහන් කළ යුතුව ඇත. රෝසා ලක්සම්බර්ග් , කාල් කෞට්ස්කි මෙන් ම ලෙනින් ද විශවාස කළේ ලෝකය ආර්ථික වශයෙන් ඒකාබද්ධ වීම අවශ්‍ය බව යි. ලෝක විප්ලවය ගැන අවධාරණය කළ ලියොන් ට්‍රොට්ස්කි, ගෝලීය ශ්‍රම විභජනයක අවශ්‍යතාව පෙන්වා දුන්නේ ය. නව ලිබරල්වාදය කතා කරන්නේ ද එබඳු ම ලෝක පරිමාණ ශ්‍රම විභජනයක් ගැනයි. වත්මන් ඊනියා වාමාංශිකයින් නව ලිබරල්වාදය ප්‍රතිගාමී කියන්නේ කුමන අර්ථයෙන් ද ?

ලිපියේ සීමාව තුළ ලියුම්කරුගේ අදහස ද කෙටියෙන් හෝ සඳහන් කිරීම අවශ්‍ය වෙයි. ලියුම්කරු සිතන්නේ මෙය නිරපේක්ෂ වශයෙන් ප්‍රගතිශීලී දර්ශනයක් බව යි. නිරපේක්ෂ ලෙස යැයි කීවේ එය අනාගත අරමුණක් ලෙස තබාගෙන කටයුතු කළ යුතු නමුත් වහාම ක්‍රියාවට නැගිය යුතු නොවන්නේය යන අර්ථයෙනි.

නව ලිබරල්වාදය වහා ම ක්‍රියාවට නැගීමට දරන උත්සාහයක දී දැනට පවතින ආර්ථික පද්ධති දරුණු ලෙස කම්පනයට ලක් වීමටත්, ඒවාට සම්බන්ධ විශාල ජනතාවකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමටත් සිදුවිය හැකිය. එයින් අනාගතයේ ජීවත්වන ජනතාවට විශාල ප්‍රතිලාභ අත්වන බව ඇත්ත වුවත්, ඒ සඳහා වර්තමානයේ ජීවත්වන ජනයා බිල්ලට දිය නොහැකි ය. එමෙන් ම, ඒ නිසා, පවතින ආර්ථික පද්ධති සංවර්ධනය අතහැර දැමීමෙන් ද මහජනයාට ප්‍රතිලාභ හිමිවන්නේ නැත.

නව ලිබරල්වාදය වහා ම ක්‍රියාවට නැගීමට දරන උත්සාහයක දී දැනට පවතින ආර්ථික පද්ධති දරුණු ලෙස කම්පනයට ලක් වීමටත්, ඒවාට සම්බන්ධ විශාල ජනතාවකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමටත් සිදුවිය හැකිය. එයින් අනාගතයේ ජීවත්වන ජනතාවට විශාල ප්‍රතිලාභ අත්වන බව ඇත්ත වුවත්, ඒ සඳහා වර්තමානයේ ජීවත්වන ජනයා බිල්ලට දිය නොහැකි ය. එමෙන් ම, ඒ නිසා, පවතින ආර්ථික පද්ධති සංවර්ධනය අතහැර දැමීමෙන් ද මහජනයාට ප්‍රතිලාභ හිමිවන්නේ නැත.
අපට සමාජ වෙළෙඳපොළ ආර්ථිකය වැනි අන්තර්කාලීන ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම අවශ්‍ය වන්නේ ඒ නිසා ය. ඒ සමගම වෙළෙඳ ගිවිසුම් මගින් ජාත්‍යන්තර ශ්‍රම විභජනය ප්‍රවර්ධනය ද අවශ්‍ය වෙයි.

සී.ජේ. අමරතුංග

yukthiya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….