අප ජලය කුඹුරු යායට මුදාහැරිමෙන් ගොවින්ට සෞඛ්‍ය ගැටළු

මිහින්තලය ඒ නමය ප්‍රධාන මාර්ගයේ පිහිටි ඇති සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කදවුරේ භට නිවස්නයෙන් මල අපද්‍රව්‍ය සහිත අප ජලය අසල පිහිටි කුඹුරු යායට මුදාහැරිමෙන් ගොවින් හතලිහකට අධික පිරිසක් දැඩි සෞඛ්‍ය ගැටළු වලට මුහුණදි ඇති බව ගොවින් පිරිසක්  අනාවරණය කළහ.

සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කදවුරේ භට නිවස්නයෙන් දිනපතා අපද්‍රව්‍ය සහිත ජලය මුදාහැරිමෙන් කුඹුරු වලට බැසීමට නොහැකි බවත් කුඹුරු වලට බසිනා ගොවින්ගේ පාදවල ඇගිලි කරු විනාඩි කිහිපයක් ඇතුලත පුපුරා යන බව ගොවි මහතෙකු පැවසුවේය.අදාල භට නිවස්නයට යාබදව පිහිටි සින්නක්කර ඔප්පු සහිත කුඹුරු ඉඩමේ හිමිකරු මේවනවිට දැඩි පීඩාවකට පත්වි සිටිනා අතර ගොවින් 40 දෙනෙකු පමණ අප ජලය හේතුවෙන් පීඩාවිදිති.

සිවිල් ආරක්ෂ සෙබළ සෙබළියන් ස්නානය කරන ජලය ඇදුම් පැලදුම් සොදාන ජලය ඉදුල් සහිත ජලය සහ මළ අපද්‍රව්‍ය කොටස් සහිත අධික දුර් ගන්ධයක් සහිත අප ජලය කිසිදු ආරක්ෂිත ක්‍රමයක් උපයෝගි කර නොගනිමින් ඔවුන් පරිසයට බැහැර කරනා ආකාරය එහි ගිය දිනමිණට දැකගත හැකිවිය.

භට නිවස්නය ආසන්නයේම පිහිටි කුඹුරු ඉඩමට සෙබළුන් මාස ගණනාවක සිට හිස් මත්පැන් බෝතල් බීර බෝතල් බෝතල් කටු රේසර් කටු කම්බි ඇතුළු දිරා නොයන අපද්‍රව්‍ය තොග පිටින් වීසිකර තිබෙනා අයුරුද දැකගත හැකි විය.මිහින්තලය වැවේ ජලයෙන් කුඹුරු අක්කර 60ක පමණ ප්‍රමාණයක් අස්වැදුම් සිදුකෙරෙනා අතර එම ජලය ප්‍රවාහනය කරනා ඇල මාර් ගයට විෂ සහිත අපද්‍රව්‍ය ඝෘජුවම මුදාහැර තිබේ.

මේ හේතුවෙන් කුඹුරු අස්වද්දන ගොවින් පත්වි සිටින අපහසුතාව සම්බන්ධයෙන් ගොවියෙකු සිය අදහස් මෙසේ පලකළේය.සිවිල් ආරක්ෂක බලකා කදවුරේ භට නිවස්නයේ සිටින සෙබළ සෙබළියන් මුදාහරින සියළුම අපද්‍රව්‍ය එන්නේ අපේ කුඹුරු යායට.පුදුම දුර් ගන්ධයක් තියෙන්නේ.මල අපද්‍රව්‍ය කොටසත් ඇතැම් වෙලාවට එනවා.කුඹුරට බැහැපු මගේ කකුල් විනාඩි දහයක් ඇතුලත පුපුරලා ගියා.තාමත් මම බෙහෙත් කරනවා.

කුඹුරු අක්කර හැටක ගොවින් හතලිස් දෙනෙකු පමණ මේ අපජලය නිසා පීඩාවට පත්වෙලා ඉන්නේ.මේ මිනිස්සුන්ට කන්න දෙන්න වගා කරනා කුඹුරු වලට තමයි ජරාව එන්නේ.මගේ කුඹුරට වතුර ගහන ළිදට හිටත් මේ අප ජලය මිශ්‍රවෙලා තිබ්බා.මගේ කුඹුරු ඉඩමට මේ නිලධාරින් වීදුරු බෝතල් වීදුරු කටු රේසර් ඇතුළු සියළුම අපද්‍රව්‍ය වීසිකරනවා.ඔවුන්ගේ කදවුරු ලස්සනට පිරිසිදුවට තියාගන්නේ මේ ආකාරයටද?

මගේ කුඹුරේ පහුගිය සමයේ අඩිය තියා ගන්න බැරුව හිටියේ මත්පැන් බීර බෝතල් බිදලා කටු විසිකරලා තිබ්බ නිසා.මම පොහොර උර තුනක් එකතු කරලා කදවුරේ නිලධාරින්ට පෙන්නුවා කරන අපරාදේ ගැන.ආපහු වෙන්න දෙන්නෑ කිවුවට සින්නක්කර ඔප්පු තියෙන අපේ ඉඩම් විනාශයි.මේ පිළිබදව දැන්වූවාම තව දවස් කිහිපයක් දෙන්න කියනවා.අපි කොහොමද මේ විදියට රස්සාව කර ගන්නේ යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් කදවුර අණදෙන නිලධාරි ලුතිනන් කමාන්ඩර් කන්දේගෙදර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමකදි මෙසේ පැවසුවේය.අපි මල අපද්‍රව්‍ය මුදාහරින්නෑ.ඒවා ගලි මගින් ඉවත් කරනවා.මේ දවස්වල නිදහස් දිනය වෙනුවෙන් සෙබළුන් පිරිසක් පුහුණුව ලබනවා ඒකයි ඔය ප්‍රශ්නය.මම ගොවින්ටත් කිවුවා මට 28දා වෙනකම් කල් ලබාදෙන්න කියලා.මම කඩිනමින් ඊට පියවර ගන්නවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….