කොස් ගසෙන් ඩොලර් මවන උදය ලොකු මිනි­සෙක් වූ අයුරු

jack fruit benefits jack fruit images jack fruit curry jack fruit nutrients

නිට්ට­ඹුව වතු­පි­ටි­වල පාරේ මාඉ­ඹුල නම් සුන්දර ගම්මා­නයේ පිහිටි ‘ඉරස’ කාබ­නික ආහාර නිෂ්පා­දන අාය­ත­නය (IRASA Organic Food Products PVT Limited) හිමි ඉන්දික උදය නිශ්ශංක, වරකා මෙන්ම කොස් ආශ්‍රිත නිෂ්පා­ද­න­ය­න්ගෙන් සල්ලි මවන තරුණ ව්‍යාපා­රි­ක­යෙකි. රන්පො­කු­ණ­ගම මධ්‍ය මහා විද්‍යා­ල­යෙන් විද්‍යා අංශ­යෙන් උසස් පෙළ සම­ත්වන උදය Food Science ඩිප්ලෝ­මා­වක් හදාරා තත්ව සහ­තික විග­ණන නිල­ධා­රි­යකු ලෙසද පුහු­ණු­වක් ලබා ගන්නේ තම අනා­ග­තය ආහාර නිෂ්පා­දන අංශ­යෙන් ඉදි­රි­ය­ටම ගෙන යාමේ නැවුම් බලා­පො­රොත්තු පොදි බැඳ­ගෙ­නයි. මුලින්ම පොල් ආශ්‍රිත නිෂ්පා­දන සිදු කරන ප්‍රකට සමා­ග­මක තත්ත්ව සහ­තික අංශයේ සේව­යට එක්වන ඔහු එයින් ලබා ගන්නා දැනු­මද සමඟ තම­න්ගේම ව්‍යාපා­ර­යක් ගොඩ­නඟා ගන්නට මුල­පු­රන්නේ කොස් ගසෙන්ය. මේ අර­මුණ ඇතිව අත්ත­න­ගල්ල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ කුඩා ව්‍යාපාර අංශ­යට එක්වී උප­දෙස් හා මග­පෙ­න්වීම ලබා­ගන්නා උද­යට මේ ව්‍යාපා­රය තව­ත­වත් පුළුල්ව ඉදි­රි­යට ගෙන යාමට මහෝ­ප­කාරි වන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යයි.

මෙසේ නිසි උප­දේ­ශ­න­යෙන් ව්‍යාපාර ලොවට එක්වන උදය ‘වරකා ගෙඩි­යට’ අත තබන්නේ තනි­ව­මය. වරකා ගෙඩි රැස්ක­ර­න්නේත්, කපා මදුලු ඉවත් කර­න්නේත්, විජ­ල­නය කර පැකට් කර ඇසු­රුම් කර­න්නේත් ඔහු­මය. එසේ කුඩා­වට ගොඩ නගා දිනෙන් දින වස­රින් වසර දියුණු කළ මේ ව්‍යාපා­රය පස්වන වසර සම­රයි. උද­යගේ ඉරස නිෂ්පා­දන කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ පර්චස් 20ක පමණ ඉඩ­ක­ඩ­කය.

එහි බිම්ම­හලේ කොස් ගබඩා කිරීම, ඉද­වීම සහ මදුළු ගලවා සකස් කිරීම සිදු වෙයි. ‘අපි මේ කර්මාන්ත ශාලා­වට ගෙන එන්නේ හොඳට පැසුණු කොස්. ගෙන එන ඕනෑ ප්‍රමා­ණ­යක් කොස් අපි මිලදී ගන්නවා. එම කොස් අපේ ගබඩා තුළ දින 04ක් පමණ ස්වාභා­වි­ක­වම ඉදෙ­න්නට හරි­න්නට තබා පොතු රැහැලා, ඇට, ඉරි ඉව­ත්ක­රලා මදුලු ගල­ව­නවා. මේවා සිදු කරන්නේ ගමේ කාන්තා­වන්. ඒ වගේ සකසා ගන්නා වරකා මදුලු තැටි­වල අසුරා කර්මාන්ත ශාලාවේ උඩු­ම­හලේ ඇති විජ­ලන යන්ත්‍ර­ව­ලට යොමු කර­නවා. ඉන්පසු එම වරකා මදුළු පැය 12ක් පමණ විජ­ල­නය වන්නට තබ­නවා‌. තෙත­මන පරී­ක්ෂ­ණ­යක් සිදු කර ඇසු­රුම් අංශ­යට ඒවා යොමු කරන්නේ ඉන්ප­සු­වයි. ඇසු­රුම් අංශ­යේදී සෑම වරකා මදු­ලක්ම අපි පරී­ක්ෂා­වට ලක්ක­රන්නේ එහි ගුණා­ත්මක බව සුර­කි­න්න­ටයි. ඒ පරී­ක්ෂා­වෙන් පසු ඇසු­රුම් අංශ­යේදී කිලෝ­ග්‍රෑම් 2.5 ප්‍රමා­ණයේ පැකට් වශ­යෙන් මුද්‍රා තබා ‘ඉරස’ නිෂ්පා­දන නාමය යටතේ විදෙස් වෙළෙඳපොළට යොමු කර­නවා. සාමා­න්‍ය­යෙන් මාස­ය­කට වරක් අපි මෙම නිෂ්පා­ද­න­වල එක් අහඹු සාම්ප­ල­යක් අර­ගෙන ක්ෂුද්‍ර ජීවී පරී­ක්ෂ­ණ­යක්ද සිදු කර­නවා. මේ කාර්ය ඉතාම සෞඛ්‍යා­ර­ක්ෂි­තව අපේ කාර්ය මණ්ඩ­ලය විසින් සිදු කර­නවා. ඔවුන් විශේෂ ඇඳු­මක්, හිස් ආව­ර­ණ­යක්, මුඛ ආව­ර­ණ­යක් අනි­වා­ර්ය­යෙන්ම පැලඳ සිටි­නවා. මේ කර්මාන්ත ශාලා­වට ඇතුළු වන අය විෂ­බී­ජ­හ­ර­ණය කර ඇතු­ළු­වීම අනි­වා­ර්යයි. මෙසේ ඉතාම සෞඛ්‍යා­ර­ක්ෂි­තව අපේ මේ නිෂ්පා­දන සකස් කර­න්නට තවත් හේතු­වක් වන්නේ ඒවා විදේ­ශීය වෙළෙඳ පොළට ‘ශ්‍රී ලංකා’ නාමය රැගෙන යන නිසයි’ උදය පෙන්වා දෙයි.

ඇත්ත­ටම සම­හර කාල­ව­ලට අපේ නිෂ්පා­ද­න­ව­ලට තිබෙන ඉල්ලුම සපු­රා­ල­න්නට නොහැ­කිවී තිබෙ­නවා. විජ­ල­නය කළ වරකා මෙන්ම විජ­ල­නය කළ කොස්, කොස් ඇට ආශ්‍රි­ත­වත් නිෂ්පා­දන රැසක් තම නිෂ්පා­ද­න­යක් ලෙස Made in Sri lanka නාමය යටතේ අමෙ­රි­කාව, යුරෝපා රට­වල් සහ අරාබි රට­ව­ලට අප යොමු කර­නවා. අපේ මිනි­සුන් ප්‍රයෝ­ජ­නය නොග­ත්තට ඇත්ත­ටම කොස් ගස කියන්නේ කප්රු­කක්. කොස්, වරකා, කොස් ඇට මොන තරම් ගස් යට වැටිලා විනා­ශ­වෙලා අපතේ යන­වද?. අ‍ෙමරි­කාවේ යුරෝ­පයේ වර­කා­ව­ලට විත­රක් නෙවෙයි විජ­ල­නය කළ කොස්ව­ල­ටත් හොඳ ඉල්ලු­මක් තිබෙ­නවා. කොස් ඇට තම්බා අප සමා­ගම සකස් කරන පිටි­ව­ලට අරාබි රට­ව­ලින් තිබෙන්නේ පුදුම ඉල්ලු­මක්. ඒම ජන­තාව මෙම පිටි , තෝස, පිට්ටු, රොටි වැනි ආහාර සකස් කරන්න ආදේ­ශක ලෙස භාවිත කර­නවා. රාම­සාන් උත්සව කාල­යට ඔවුන් කොස් ඇට දාලා විශේෂ ව්‍යංජ­න­යක් හද­නවා. මේ කාල­යට කොස් ඇට කිලෝ ග්‍රෑම් 1000ක් විතර සති­ය­කට අප විදෙස් රට­ව­ලට ගුවන් මඟින් යව­නවා. බොහෝ විදේ­ශි­ක­යන් කොස්, වරකා කොස් ඇට ආහා­ර­යට ගැනී­මට කැමැ­ත්තක් දක්වන්නේ කොස් ගස රසා­ය­නික පොහොර භාවිත නොකර ස්වභා­වි­කව වැඩෙන, පල­ද­රන ගසක් නිසා, කොස් ඇට­යට යන­කම් වස විස නැති ආහාර එයින් ලබා ගන්නා නිසා.’කොස්’ වසර පුරා­ව­ටම එක ලෙස පල­දාව ලැබෙන්නේ නැහැ. ඒ කාල­යට අපි අඹ, කෙසෙල්, එළ­වළු වර්ග, පලා­වර්ග විජ­ල­නය කර නිෂ්පා­දන සකස් කර­නවා. අපේ බෝතල් කළ කෙසෙල් මුව නිෂ්පා­දන ඉතාම ජන­ප්‍රි­යයි. පොලොස් බහුල කාල­යට ඒවා සකස් කර බෝතල් ඇසු­රු­ම්වල දමා විදෙස් රට­ව­ලට යැවීම අප සිදු කර­නවා. අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය හර­හාත් පෞද්ග­ලික අප­න­ය­න­ක­රු­වන් හර­හාත් අපේ ඉරස නිෂ්පා­දන විදෙස් වෙළෙ­ඳ­පොළ වෙත යව­නවා. මේ කර්මාන්ත ශාලා­වෙන් ඉවත් කරන කොස් කටු, කිරි ගව කර්මා­න්තයේ යෙදෙන මේ ගමේම පුද්ග­ල­ය­කුට ලබා­දෙ­නවා. මගේ කර්මාන්ත ශාලාවේ සේවය කරන කෙනෙක් මාසි­කව රුපි­යල් 35,000කට වඩා ආදා­යම් උප­ය­නවා. නිෂ්පා­දන ඉල්ලුම වැඩි කාල­ව­ලදි සේව­ක­යන්ට අති­කාල දීමනා ලබා­දීලා වැඩි­පුර නිෂ්පා­දන සිදු කර­නවා’ උදය පව­සන්නේ මහත් අභි­මා­න­යෙන්.

‘ඉරස’ කාබ­නික ආහාර නිෂ්පා­දන අය­ත­නය GMP-(Good Manufacturing Practices) සහ­ති­කය ලත් ආය­ත­න­යකි. උද­යගේ මීළඟ වෑයම ලබන වස­රේදී HACCP ජාත්‍ය­න්තර තත්ත්ව සහ­ති­කය තම නිෂ්පා­දන සඳහා ලබා ගැනී­ම­ටය. එය ISO සහ­ති­ක­යට පසු තිබෙන උසස්ම සහ­ති­ක­යයි. එදා පුංචි තැන­කින් තම ව්‍යාපා­රය ඇරැඹූ උදය අද රටට ඩොලර් මවන ලොකු මිනි­සෙකි. මේ ව්‍යාපා­රය පුළුල් කර­මින් තවත් 12 දෙන­කුට රැකියා අවස්ථා ලබා­දී­මට ඔහු බලා­පො­රොත්තු වෙයි.

ඒ තුළින් තම නිෂ්පා­දන වැඩි කර ශ්‍රී ලංකා­වට තව­ත­වත් ඩොලර් ගෙන ඒම උද­යගේ අපේ­ක්ෂා­වයි.

බුද්ධිකා ඉඹු­ලාන

dinamina

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….