අයිතිය උදෙසා මාධ්‍යවේදින්ගෙන් මාධ්‍ය නිවේදනයක්

සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බවත්  ඒ අතරම, සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා දඩමීමා කරගනිමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් හා සමාජය බියවැද්දීම සඳහා කටයුතු කිරීම නවත්වන ලෙසද ඒම සංවිධානය  බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ව්‍යාජ පුවත් හා වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සංවිධානය සහාය පළකරන නමුත් එහිදී, තෝරාගැනීමකින් තොරව, පොදුභාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කර සිටියි. විශේෂීකරණයකින් තොරව නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් බවද අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි.

එම සංවිධනයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් මාධ්‍යවේදි, නිතිඥ දුලාන් දසනායක හා මාධ්‍යවේදි කේ. සංජීව මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් මේ බව කියා ඇත.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

සියලු පුරවැසියන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට හා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේදී අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳ පුරවැසියන් දැනුවත් කිරීමටද රජය කටයුතු කළ යුතුය.

අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කිරීම නොකරන ලෙස අපි බලධාරීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙම කිසිදු කාර්යයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට හා මාධ්‍ය නිදහසට බලපෑමක් සිදු නොවිය යුතු අතර, ආචාරධර්මවලට අනුකූලව හා නීත්‍යානුකූලව තොරතුරු හා අදහස් සන්නිවේදනයේ යෙදෙන මාධ්‍යකරුවන් හා පුරවැසියන් දිරිගැන්වෙන පරිදි කටයුතු කිරීම ප්‍රජාතාන්ත්‍රික රජයක වගකීම බවද අපි අවධාරණය කරන්නෙමු.

සම්පූර්ණ නිවේදනය පහතින්…

SINHALA

ENGLISH

TAMIL

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….