කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන යළි විවෘත වෙයි

පොලොන්නරුව කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකින් ඉකුත් සතියේ කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමග කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිතව සිදු කළ ජෛව සාම්පල් පරික්ෂාවන් 375 ම සෘණාත්මක තත්ත්වයේ තිබීම නිසා වසා දැමූ වෙළදසැල් විවෘත කිරීමට අවසර දුන් බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි ගුවන් හමුදා නිලධාරින් 71 දෙනෙකුගෙන් 39 දෙනෙකු කොරෝඅනා ආසාධිතයින් බවට තහවුරු වීමත් සමග ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බවයි.

“කදුරුවෙළ නගරයේ වෙළදසැල්කිහිපයකින් පසුගිය සතියේ කොවිඩ් වෛරසය ආසාධිතයින් 4ක්  මුළින් හඳුනාගත්තා අහඹු පී.සී.ආර්.පරික්ෂණවලින්.ඊට පස්සේ අපි ඒ ආශ්‍රිත ව වෙළදසැල් කිහිපයකම ජෛව සාම්පල් ලබාගෙන පරික්ෂණවලට යැව්වා.

ඒ අනුව කදුරුවෙල නගරයේ වෙළදසැල්වලින් 10 කු කොවිඩ් ආසාධිතයින් බවට හඳුනා ගත්තා.මේ නිසා අපි නගරයේ පී.සී.ආර්.පරික්ෂණ 375ක් පමණ සිදු කළා.ඒ සියල්ල නෙගටිව් කියලා වාර්තා වුණා.

ඒ නිසා අපි වෙළදසැල් විවෘත කරන්න උපදෙස් දුන්නා.නමුත් හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි ගුවන් හමුදා නිලධාරින් 7කින් 39ක් පොසිටිව් වූ බව දැන ගන්න ලැබුණා.

මේ පිළිබඳව නිවැරදි සංඛ්‍යා ලේඛන වසංගත රෝග විද්‍යායතනයට කෙලින් ම යොමු කරන නිසා නිස්චිතව  අපට වාර්තා වෙන්නේ නෑ .” හෙතෙම වැඩි දුරටත් කීය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….