twitter

ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් අවසන් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන ඇති බවය.

එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු Elon Musk විසින් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Similar Posts