mask

කොවිඩ් වසංගතයෙන් බේරිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ සමහර පිරිස් මාර්ගයේ හා විවිධ ස්ථානවල දැමිමෙන්  කොවිඩ් වසංගතය මෙන්ම විවිධ රෝග ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බාලචන්ද්‍රන් මහතා පවසනුයේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ නගරයේ මාර්ගවල මෙන්ම විවිධ ස්ථානවල දමා යැම සුලබ දර්ණයක් බවට පත්ව ඇති බවත් මෙම තත්වය මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට විශාල තර්ජනයක් බවට පත්ව ඇති බවත්ය.

මෙසේ තැන තැන දමා යන භාවිතා කරන ලද මුඛ ආවරණ ඉවත් කිරිමට නගර සභාවේ කම්කරුවන්ද මැලි කමක් දක්වනුයේ මෙයින් එම කම්කරුවන්ගේ සෞඛ්‍යටද තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බැවින් බවත් නගර සභාවේ සේවය කරන කම්කරුවන්ද මනුෂයන් බැවින් ඔවුන්ටද විවිධ සෞඛ්‍ය තර්ජන පවතින බැවින් එම කම්කරුවන් එසේ  කටයුතු කිරිම සාධරන බවද ඔහු පවසන ලදි.

කොවිඩ් ආසාදනයෙන් බේරිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ එම පිරිස් විසින්ම පුලුස්සා දැමිමට කටයුතු කරන්නේ නම් එය මෙම ප්‍රදේශයේ සියලුම දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාවට හිතකර බැවින් මුඛ ආවරණ බාවිතා කරන සියලුම දෙනා තම තමන් විසින් ඉවත් කරනු ලබන මුඛ ආවරණ තම නිවෙස් තුලම පුලුස්සා දැමිමට කටයුතු කරන මෙන් සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද සඩයන් බාලචන්ද්‍රන් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts