රැජිණ ගොස් ජනරජය එයි

law

දණ්ඩ නීති සංග්‍රහය, සාක්ෂි ආඥා පනත් කෙටුම්පත හා ඇප සංශෝදන  පනත කෙටුම්පත අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා විසින් ඊයේ පාර්ලිමේන්තුවට දෙවන වර විවාදය සදහා ඉදිරිපත් කිරීම සිදු කරන ලද අතර එය ඒකමතිකය සම්මත විය. දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පතේ සහ සාක්ෂි ආඥා පනතේ යල් පැන ගිය වචන හා යෙදුම් වෙනුවට කාලීන වචන හා යෙදුම් එක් කිරීම මෙම සංශෝධනය මගින් සිදු කෙරුණි.

මෙහි විශේෂත්වය වනුයේ යටත් විජිත සමයේ භාවිතා කළ දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පතේ සහ සාක්ෂි ආඥා පනතේ තිබු යල් පැන ගිය දැනට භාවිතා නොකරනු ලබන වචන හා යෙදුම් වෙනුවට කාලීන වචන හා යෙදුම් එක් කිරීම සිදු කිරීමයි.නිදහසින් පසුව ගතවු වසර 72 ක කාල සීමාව තුළ දී මෙවැනි සංශෝදනයක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

ඒ අනුව සාක්ෂි ආඥා පනත් කෙටුම්පතේ මෙතෙක් අන්තර්ගතව තිබු ’’ මහ රැජිණට විරුද්ධව සටන් කිරීම’’ යන වචනය වෙනුවට ‘’ජනරජයට එරෙහිව සටන් කිරීම’’ යන වචනය ආදේශ කිරීම සිදු කරනු ලැබු අතර එම පනත් වල ‘’මහ රැජිණ’’ යන වචනය ඇති ස්ථානවලට ‘’ජන රජය යන වචනය ආදේශ කිරීම සිදු කළ බව අධිකරණ අමාත්‍යාංශය සදහන් කරනවා.

මේ අතර මෙම පනත් වල තිබු ‘’ලංකාව’’ යන වචනය වෙනුවට ‘’ශ්‍රී ලංකාව’’ යන වචනය ආදේශ කිරීම සිදු කළ අතර ‘’ශ්‍රී ලංකා ආණ්ඩුව’’ යන්න වෙනුවට ‘’ශ්‍රී ලංකාවේ ආණ්ඩුව’’ යන වචන ආදේශ කිරීමත් ‘’ආණ්ඩුකාරයා’’ යන වචනය වෙනුවට ‘’ජනාධිපතිවරයා’’ යන්නත් ‘’ප්‍රඥප්තිය’’ යන වචනය වෙනුවට ‘’රීති හා නියෝග’’ යන්න ලෙසත් යාවත්කාලීන වීම සිදු විය.

යටත් විජිත සමයේ දී මෙම පනත්වලට ඇතුළත් කර තිබු’’ සිවිල් සේවය ‘’යන වචනය වෙනුවට’’ ශ්‍රී ලංකා පරිපාලන සේවය’’ යනුවෙන් ද ‘’පොලිස් විදානේ’’ යන වචනය වෙනුවට ‘’ග්‍රාම සේවා නිලධාරී’’ යන්නත් ‘’භාර්යාවගේ’’ යන වචනය ඇති තැන්වල ‘’කාලත්‍රයාගේ’’ යනුවෙනුත් සංශෝදනය විය.

එමෙන්ම ‘’ලංකාවේ හෝ එහි යම් කොටසක හෝ මහ රැජිණගේ රාජධානි හෝ දේශ භූමි මහ රැජිනට අහිමි කිරීම’’ වෙනුවට ‘’ශ්‍රී ලංකාවේ හෝ එහි යම් කොටසක හෝ ශ්‍රී ලංකා ජන රජයේ ජනතාවගේ පරමාධිපත්‍යය ඔවුන්ට අහිමි කිරීම’’ යනුවෙන් ද ‘’අග්‍රාණ්ඩුකාරයාගේ හෝ සෙනෙට් සභික’’ යන වචනය වෙනුවට ‘’ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රි’’ලෙසත් හා තවත් එසේ පැවති යල් පැන ගිය වචන කිහිපයක් වෙනස් කිරීම මෙම පනත් කෙටුම්පත් සංශෝධනයත් සමග සිදුව තිබෙනවා.

ඇප පනතට ඇතුළත් කරන ලද සංශෝධන මගින් ඇප නියෝග කඩ කිරීම සදහා නියම ව තිබු දඩ වල ප්‍රමාණය ඉහළ දැමීමත් සිදු විය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….