diwiya

හැටන් ඇන්ෆිල්ඩ් වතුයායේ කුකුල් කුඩුවකට රිංගු දිවි පැටවකු අල්ලා වන ජිවියට බාර දිමට සුදානම් වද්දි එම දිවි පැටවා පලා ගොස් ඇත.

මේ පිලිබදව අදහස් දක්වන  ඇන්ෆිල්ඩ් වතුයායේ ක්‍රිෂ්නපුරම් ප්‍රදේශයේ නිවසක පුද්ගලයක් පවසන ලද්දේ තම නිවසේ  කුකුල් කුඩුවක සිටින කුකුලන් කැගසන සබ්දය ඇසි ඒ පිලිබදව සොයා බඅලිමට යාමේදි එම කුකුල් කුඩුව තුල දිවි පැටවකු සිටින අයුරු දුටු බවත්ය.

පසුව එහි සිටි කුකුලන් ඉවත් කර මේ පිලිබදව හැටන් පොලිසියට දැනුම් දුන් බවත් පසුව පොලිසිය විසින් වන ජිවි නිලධාරින්ද දැනුවත් කර එම දිවි පැටවා අල්ලා ගැනිමට තැත් කරන විට එම දිවි පැටවා අසල කැලයට පලා ගිය බවත්ය.

මෙම දිවි පැටවා මෙම ප්‍රදේශයේ සිටින බැවින් මහ දිවියන්ද මෙම ප්‍රදේශය තුල සිටින බවට සැකයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි බියකින් පසුවන බවද ඔහු පවසන ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

new jaffna news

Similar Posts