රාත්‍රීයේ අවස්ථා දෙකකදි සැමියා ලෙස පෙනි සිටිමින් විවාහක කාන්තාවක් කෙළසූ තරුණයෙකු ගම්මුන් විසින් අල්ලාගෙන පහරදි වැඩිදුර පරික්ෂන සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට  බාරදි තිබේ.

අනුරාධපුර පොලිස්වසමේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පමණ විවාහක කාන්තාවක අකරතැබ්බයට මුහුණපා තිබෙන අතර ඇය විසින් සැකකරු හදුනා ගැනීමෙන් පසුව සිය සැමියාට සිදුවු අකරතැබ්බය පවසා තිබෙන අතර පසුව ගම්මුන් එක්ව සිදුකළ මෙහෙයුමකින් පසුව ඔහු අල්ලාගෙන පොලිස්ථානයට බාරදි තිබේ.

අදාල කාන්තාව අඩක් නිමකළ නිවසේ සැමියා සමග පදිංචිව සිටිනා අතර සැකකරු නිවසේ ජනේල් පියන් නොමැති ස්ථානයේ සවිකර තිබූ ආවරණය කපාගෙන නිවසට ඇතුළුවි අවස්ථා දෙකකදි ඇයව කෙළෙසා ඇති බව සිදුකළ පරිකෂන වලදි තහවුරු කරගෙන තිබේ.

සැමියා වෙනම කාමරයකත් පැමිණිලිකාර කාන්තාව වෙනත් කාමරයකත් නිදනා බව දැනගත් සැකකරු රාත්‍රීයේ හොර රහසේ ඇය හමුවට පැමිණ සැමියා අන්දමින් ඇය රවටා ඇති බව පොලිසිය කියයි.

පළමු දිනයෙන් පසුව දෙවැනි දිනයෙත් සැකකරු ඇගේ නිදන කාමරයට හොර රහසේ ඇතුළුවි සැමියා අන්දමින් ඇය රවට තිබෙනා අතර ඔහු කාමරයෙන් පිටතට යද්දි පැමිණිලිකාරිය අතවූ ජංගම දුරකථනයේ බොත්තමක් තදවී ආලෝකය විහිදිම සමග තමන් සමිපයේ සැමියා අන්දමින් සිටි පුද්ගලයා සැමියා නොවන බව තහවුරු කරගෙන තිබේ.

ඒ අවස්ථාවේ ඇය කෑගැසීමට උත්සහ කර තිබුණත් ඇතිව තිබූ බිය සමග කෑගැසීමට නොහැකිවු බව පොලිසියට පවසා තිබුණාය.

පසුව සිදුවූ සිදුවිම සැමියාට පවසා තිබෙන අතර නිවසට හොර රහසේ ඇතුළුවූ පුද්ගලයාවත් හදුනාගෙන තිබේ.පසුව ගම්මුන් හා නිවෙස් හිමියා එක්ව ගම්මානය පීරා ඔහු අල්ලාගෙන තිබෙන අතර පොලිසියට බාරදීමට පෙර ගුටි ප්‍රහාරයක් එල්ල කිරීමටත් කටයුතු කර තිබෙනා බව පොලිසිය පවසයි.

සැකකරු ගම්මුන්ගේ ප්‍රහාරයට ලක්විමෙන් පසුව ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.අත්අඩංගුවටගත් වයස අවුරුදු 40ක පමණ වන සැකකරු ඊයේ (31දා) කාන්තාව කොළසීම අයුතු ඇතුල්විම ඇතුළු චෝදනා කිහිපයකට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම් සංජීව මහනාම මහතාගේ උපදෙස්මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති මහත්මිය ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts