මදුරු දැලේ කොක්ක දරු දෙදෙනාට මරණය ගෙන එයි

හය හැවිරිදි  සහෝදරිය සමග  සමඟ  නිවසේ සිටි  12 හැවිරිදි පාසල් සිසුවෙකුගේ  සිරුර කුඩා රෙදි කැබලි දෙකකින් (නැප්කින්) සාදාගත් පටියක් මගින් මදුරු දැල එල්ලීම සඳහා  උපයෝගි කරගන්නා කොක්ක මත එල්ලෙමින් තිබෙන දුටු  දෙවෙනි මව  දරුවා එයින් ගලවාගෙන රෝහලට ඇතුළත් කරනවිටත්  මියගොස් සිටි බව  පිළියන්දල පොලීසිය පැවසීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැස්බෑව  තානායම පාර  පදිංචිව සිටි  කවින් සඳරු විජේවර්ධන යන දොළොස් හැවිරිදි සිසිසුවෙක් බවද පොලිසිය පැවසීය.
මියගිය දරුවා  පියාගේ පළමු විවාහයේ දරුවෙකු බවට  මූලික පරීක්ෂණවලදී අනාවරණයවු බවත්  පියා රැකියාවටද මව වෙළඳසැලකටද  ගොස් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී ඇති බවට නිවැසියන්ගේ ප්‍රකාශවලින් අනාවරණ වූ බවද පොලිස් නිලධාරියකු පැවැසීය.
මව  වෙළඳසැලට ගොස් නිවසට පැමිණ දරුවා   පෙනෙන්නට නොසිටීම හේතුවෙන් දරුවා පිළිබඳ සොයා බැලීමේදී නිවසේ නාන කාමරයද පරික්ෂාකර ඉන් අනතුරුව දියණියගෙන්  විමසීමේදී  සිය සහෝදරයා හැංගී ඇති බවට  ඇය විසින් ප්‍රකාශ කළ බව මව ලබාදුන් ප්‍රකාශයක සඳහන් බවද පොලිසිය පැවැසීය.
කුඩා දරු දෙදෙනාට නිවසේ වෙනම වෙන්කර තිබෙන කාමරයට පැමිණි මව දරුවාට කතාකර බැලීමේදී දරුවාගේ  සිරුර  ඇඳ ඉහළ සිවිලිමේ මදුරු දැල එල්ලන යකඩ කොක්කේ  කුඩා රෙදි කැබලි එක්කර ලණුවක් ආකාරයෙන් තැනූ ( නැප්කින්)  දෙකකින්   එල්ලෙමින් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වී අවට ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව දරුවා එයින් මුදාගෙන අසල්වාසී පුද්ගලයකුට අයත් ත්‍රීරෝද  රථයකින් පිලියන්දල  දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලේදී දරුවා පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන්  දරුවා  මියගොස් සිට ඇති බව  පවසා තිබූ බව පොලිසිය පැවසීය.
දරුවාගේ සිරුර එල්ලෙමින් තිබූ ඇඳ මත කුඩා ප්ලාස්ටික්  බංකුවක් ද තිබී ඇති අතර එම බංකුව උඩුබැලි අතට  පෙරළී තිබූ බවද පොලිසිය විසින් සිදුකළ සිදුකළ පරීක්ෂණයේදී හමුවූ බවද පොලීසිය පැවසීය.
දරුවාගේ මෙම හදිසි මරණය සම්බන්ධයෙන්  සැකයක් පවතින බව දරුවාගේ පියා පවසන බව පොලීසිය සඳහන් කරයි .
මියගිය දරුවාගේ ගෙල දෙපස  කළු පැහැ ගැන්වී ඇති බවට  පරික්ෂා කිරීමේදී දැක ගත හැකි වූ බවද පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් වැඩිදුරටත් පැවසීය
සිද්ධිය වූ ස්ථානයේ ස්ථානික පරීක්ෂණය සදහා පැමිණි කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් කේශා ජයවර්ධන මහත්මිය මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස  පොලිසියට නියෝග කළේය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ,මහත්වරුන්ගේ අධීක්ෂණය මත පිලියන්දල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත  පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (87669) ජයරත්න, (91905)  දිනේශ්  මහත්වරුන්  පරීක්ෂණ පවත්වයි
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….