ප්‍රාදේශිය ලේකම් කාර්යාලක සේවක සේවිකාවන් පැදුරු සාජ්ජයක

කොරෝනා වෛයිරසය පැතිර යමින් තිබියදි සෞඛ්‍ය අංශ ලබාදෙන සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලක සේවක සේවිකාවන් රැසකගේ සහභාගිත්වයෙන්  මත්පැන් සහිත පැදුරු සාජ්ජයක් පැවත්වුණු බව ඊට විරෝධය දැක්වු සේවකයන් පිරිසක් අනාවරණය කළහ.

අදාල ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශයේ ප්‍රධානියෙකු විසින් කොන්ත්‍රාත්කරුවන් පිරිසකගෙ අනුග්‍රහය ලබාගෙන පැදුරු සාජ්ජය පවත්වා තිබු අතර පෙරේදා (27)රාත්‍රී දහය පමණ වන තුරු මතට ලොල්වූවන් මදුවිත තොලගාමින් පැදුරු සාජ්ජය පැවත්වු අතර අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි ගොඩ නැගිල්ලක මත්පැන් සාජ්ජය සංවිධානය කර තිබුණි.

අනුරාධපුර නගරයේ කොරෝනා ව්‍යාප්තිය වැඩිවි තිබෙන හා අනුරාධපුර නගරයේ එක් කොටසක් හුදකලා කර තිබෙන අවධියක අදාල රාජ්‍ය සේවකයා සිය හිතුමතයට මෙම සාජ්ජය පවත්වා තිබු අතර කාර් යාලයේම පැදුර සාජ්ජ පවත්වමින් මත්පැන් පානය කිරිමට සැලස්වීම සේවකයන් විශාල පිරිසකගේ දැඩි අප්‍රසාදයට හේතුවි තිබුණි.

සාජ්ජය ආරම්භයට ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වන ප්‍රාදේශිය ලේකම්වරයා පැමිණ සිටි බව සේවකයන් අනාවරණය කළ අතර නමුත් ඔහු එතරම් වේලාවක් සාජ්ජයේ රැදිනොසිට නිවෙස කරා ගිය බව සේවකයන් පිරිසක් අනාවරණය කළහ.

මෙම සාජ්ජයට ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සේවකයන් විශාල පිරිසකට ඇරයුම් කර තිබුණත් ඔවුන් පවතින අවධානම් තත්වය සමග ඊට සහභාගිවි නොතිබු අතර සංවර්ධන අංශයේ සේවිකාවන් ඇතුළුව 50 දෙනෙකුට අධික පිරිසක් ඊට එක්ව සිටි බව අනාවරණය වූහ.

සංවර්ධන අංශයේ ප්‍රධානියාගේ බලපෑම් හමුවේ ඇතැම් සේවිකාවන් කුඩා දරුවන්ද රැගෙන සාජ්ජයට එක්ව සිටි බවත් එසේ නොපැමිණ පිරිස්වලට රාජ්‍ය සේවකයන්ට අනුමත නිවාඩු ලබාගැනීමේදි ඒවා අනුමත නොකිරීම ඇතුළු පළිගැනිම් වලට බියෙන් බොහෝ සේවක සේවිකාවන් නොසතුටින් ඊට එක්ව සිටි බව සිද්ධිය අනාවරණය කළ පිරිස පැවසුහ.

හතර වටෙන්ම කොරෝනා ව්‍යාප්ත වෙනවා.ආයතනවල ප්‍රධානින් බාල් නටනවා.පිරිමි නිලධාරින් විතරක් නෙමෙයි කාන්තා නිලධාරින්ටත් මත්පැන් සහිත පැදුරු සාජ්ජයට සහභාගිවන ලෙස බලකර තිබුණා.මේ පවතින තත්වයත් එක්ක මත්පැන් සජ්ජ හා වෙනත් විනෝද උත්සව පවත්වලා වෙන්නේ තවත් කොරෝනා රෝගින් වැඩිවෙන එක.

රජය උපදෙස් දෙනවා පරිස්සමින් ආරක්ෂිතව කටයුතු කරන්න කියලා.ආයතනයට රාජකාරියක් කර ගන්න එන මිනිස්සුන්ට දහ අට නීති. නමුත් මේ උසස් නිලධාරින් අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් අවධානමේ දමලා මත්පැන් සාද පවත්වනවා.

ප්‍රාදේශිය ලේකම්වරයා කියන නිලධාරියාට තිබ්බා මේවගේ අවධානම් කටයුතු මේ දිනවල පවත්වන්න එපා කියලා නවත්වන්න නමුත් එයත් ඇග බේරගෙන වැඩ යනුවෙන් ඊට විරෝධය එල්ල කළ පිරිසක් පැවසුහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….