හොරවල තොටුපලේ පාලම් පාරුවේ ගමන මිනිස් ජිවිත අවධානමේ – බළධාරීන්ගේ අවධානය පිණිසයි

බස්නාහිර – දකුණු පලාත වෙන්කෙරෙන හොරවල තොටුපලේ පාලම් පාරුවේ ගමන මිනිස් ජිවිත අමාරුවේ දමන තත්වයක් උදාවී ඇතැයි පාලම් පාරුවෙන් මාරුවෙන ප්‍රදේශවාසින් කියති.

1994 වර්ෂයට පෙර ඔරුවෙන් ගමන් බිමන් ගිය ජනතාවට 94 වර්ෂයේදි පාලම් පාරුව ලැබුණු බව ඉත්තෑපාන ජනතාව කියති.එතැන් සිට අද දක්වා පාලමක සිහින දකිමින් බෙන්තර ගග හරහා පාරුවෙන් මාරුවෙන බව දකුණු පලාතේ බෙන්තර,  ඇලකාක, ජනතාව කියති.

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවෙන් පාලනය වන පාලම් පාරුව මේ වනවිට සභාවේ විශාලම ආදායම් මාර්ගය බව සභාවට බදු ගෙවන ඉත්තෑපාන ජනතාව කියති.වාර්ෂිකව ටෙන්ඩර් මගින් බදු දෙන පාලම් පාරුව අවස්ථා ගණනකදි අනතුරට ලක්ව ජීවිත ගණනක් ගගට බිළිවු බව තොටුපල අසල පදිංචිකරුවන් කියති.

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සනත් අධිකාරම් මහතා

මේක වීදිය බණ්ඩාර සෙනෙවියාගෙ පාලන සමයේ පටන් ගමනා ගමන සිදුකළ තොටුපලක් බව ඉතිහාසයේ සදහන් වෙනවා. එදා ඉදල තවමත් මිනිස්සු ජිවිතේ පරදුවට තියල එගොඩ – මෙගොඩ වෙනවා. පාලම් හදනව කියල දුන්න පොරොන්දු සේරම ගගේ ගිහිල්ලා.

මෙතන පාලමක් හදනව නම් හොදයි. මොකද දකුණු පලාත සංචාරක පුරවරයක්, බස්නාහිර , ඉත්තපාන දියුණුවට ඒක හේතු වෙනවා.

නමුත් ඊට පෙර මේ පාලම් පාරුවෙ අඩුපාඩු සපුරා දියයුතුයි. පාරුව නිසිවෙලාවට නඩත්තු කරන්නෙනෑ. පාරුවෙන් ගමන් කරන මිනිස්සු ගග මැද දි වැසි වලට ගොදුරු වෙනවා. වැස්සට, සුළගට ඔරොත්තු දෙන වහලයක් ඉදිකර දෙන්න පුළුවන්.

පාලම් පාරුවෙන් ගමන් කරන මගීන්ට ආරක්ෂක කබා නැහැ. මෙතනට පාලමක් අවශ්‍යයි. නමුත් පසුගිය කාලය පුරාම පාලම් පොරොන්දු දුන්නා. ඉටුවුනේ නැහැ.

ඉත්තැපාන ජයනන්ද කන්නංගර මහතා

ඉත්තෑපාන ධම්මාලංකාර නායක හාමුදුරුවො මෙතනට පාලමක් හදල දෙන්න කියල ඉල්ලීම් කළා. දේශපාලකයින් පොරොන්දුවුණා. ඉටුවුනේ නැහැ. ඉත්තපාන රෝහල තිබුනට එගෙඩහ පැත්තෙන් රෝගියෙකු ගේන්න බැහැ. මෙගොඩ වලල්ලාවිට ප්‍රාදේශීය සභාව සතුයි. එගොඩ දකුණු පලාත් සභාවට නමුත් දෙගොඩම වැස්සකට මගියෙකුට නොතෙමි ඉන්න හරි හැටි තැනක් නැහැ.

ලී පාරු දෙකක්ම දිරාපත් වුණා. ඒව ගං ඉවුරෙ ගොඩ ඇදල තියෙනව. දවසකට රුපියල් 12.500 ක් සභාවට ගෙවනවා. ඒ කියන්නෙ දිනකට මිනිස්සු දහස් ගණනක් එගොඩ මෙගොඩ වෙනව කියන එකයි. අනෙක ටෙන්ඩර් ක්‍රමයට බදු මුදල ඉහළ ගිහිල්ල නිසා බදු කරුවන් අමාරුවෙ වැටෙනව.

උදේ හතේ ඉදල රාත්‍රි හත විතර වෙනතුරු පාලම් පාරුව ක්‍රියාත්මකයි. ඊට පස්සෙ ගමනා ගමන නැහැ. මෙතනින් නොගියොත් කිලෝමිටර් තිහක් විතර අමතර දුරක් ගෙවන්න වෙනව. අධිවේගී මාර්ගයට ළගයි.

පාසල් ළමයි, වෙළෙන්දො, වගේම දිනපතා ගමන් කරන විශාල පිරිසක් මෙතනින් ගමන් තරනවා. තොටුපලට එන පාර හදන්නෙම නෑ. පාරුවෙන් විශාල මුදලක් උපයා ගත්තද පාර දෙපැත්තෙ කැලෑව වත් කපන්නෙනෑ. පාලමක් හදල දෙන්න කියල විරෝධතා පවා කළා.

පසුගිය රජය මේ ඉඩම් කුරුළු පාරාදීසයකට කියල පවරා ගත්ත. මිනිස්සුන්ට ඉඩම් ටිකත් නැතුව ගියා. හදපු පාරාදීසයක් නැහැ. හොරවල තොටුපලේ පාලම් පාරුව මිනිස් ජීවිත ගණනාවක් බිළිගෙන තව දුරටත් මේ තොටුපල මාරයාට අත වනන තැනක් වෙලා තියෙනවා.

වලල්ලාවිට පදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා

පාලම් පාරුව සභාවෙන් පාලනය වෙනවා. මේ ස්ථානයේ පාලමක් තැනීමට පසුගිය කාලය පුරා අපි රජයට යෝජනා කළා. නමුත් කෙරුනෙ නෑ. පාලම් පාරුවෙ අඩු පාඩු සකස් කිරිමට පියවර ගන්නවා.

මෙතන මගින්ට මගි ආවරණයක් වගේම කුඩා වෙළද සලකට ස්ථානයක් සකසා රැකියා අවස්ථාවක් වගේම ජනතාවට තේ ටිකක් බොන්න , කිරල , කෑර දලු ටිකක් වගේ දේශිය දේවල් අලෙවියට පහසුකම් සලසා දෙනවා.

ස්ථිර පාලමක් තැනිමට අගලවත්තට මන්ත්‍රි ප්‍රතිපාදන ගන්න තිබුණු අවස්ථාව අහිමිකර ගත්තද අපි මේ ජනතා ප්‍රශ්න අමතක කරන්නෙ නැහැ.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….