ව්‍යාපාරයක නාමය ව්‍යාජ අන්දමින් යොදාගත් විදුහල්පතිනියක් මාට්ටු

පාසල් සදහා ගුණාත්මක යෙදුම් යටතේ ලබාදෙන මුදල් ප්‍රතිපාදන වලට ලිපි ද්‍රව්‍ය ලබාගැනීමට මිලගණන් කැදවීම සදහා සිය ව්‍යාපාරයේ නාමය ව්‍යාජ අන්දමින් යොදාගෙන තිබෙන බව පවසමින් අනුරාධපුර මහ නගරසභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ඩබ්ලිව් ප්‍රේමදාස මහතා විසින් කිරලෝගම විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

කූඨ ලේඛණ සැකසිම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වහාම පරික්ෂනයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර් ති ලංකා ගීගනගේ මහතා අනුරාධපුර කොට්ඨාශ විශේෂ අපරාධ විමර් ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගජසිංහ මහතාට උපදෙස් ලබාදි තිබේ.

නියෝජ්‍ය නගරාධිපතිවරයාට අයත් අනුරාධපුර පිහිටි ආයතන දෙකකට  ලියාපදිංචි තැපෑලෙන් කිරලෝගම මීගස්සෑගම විද්‍යාලයෙන් ලිපි දෙකක් ලැබි ඇති අතර එය කඩා විවර කිරිමෙදි හිස් කොළ දෙකක් පමණ තිබි ඇත.එම කවරවල මුද්‍රකර තිබු සිය ආයතන වල නාමයන් කිසියම් අයෙකු විසින් සැකසූ ව්‍යාජව සැකසු රබර් මුද්‍රාවකින් තැබූ ඒවා බව ප්‍රේමදාස මහතාට නිරික්ෂනයවි ඒ සම්බන්ධයෙන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලිකර තිබේ.

කිසියම් පුද්ගයෙකු විසින් කීර් තිමත් සිය වෙළද ව්‍යාපාරයන් වල නාමය භාවිතා කරමින් සිය නාමය මිලගණන් කැදවීමට භාවිතා කර ඇති බවත් සිය ආයතනවල භාණ්ඩ අධික මිල ගණන් බව ඒත්තු ගන්වා වෙනත් ආයතන වලින් ලිපිද්‍රව්‍ය මිලදිගෙන අපකීර් තියක් සිදුකර තිබෙනා බව නියෝජ්‍ය නගරාධිපතිවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සදහන්වේ.

මෙම ලිපි පැමිණි ස්ථානය සොයා ගැනීමට අනුරාධපුර ප්‍රධාන තැපල් ස්ථානයෙන් විමසීම් කර උත්සහ කළත් ලිපි පැමිණි තැපල් කාර්යාලය අනාවරණය කර ගැනීමට නොහැකිවූ බවත් කිරලෝගම මීගස්සේගම විද්‍යාලයේ විදුහල්පතිනියගේ නිල මුද්‍රාව එහි යොදා ඇති බැවින් ඇය ඒ පිළිබදව දැනුම්වත්ව ඇති බව පැමිණිල්ලේ සදහන්වේ.

තමන් කිසිදු අවස්ථාවක ඉතා අධික මිල ගණන් වලට භාණ්ඩ අලවි නොකරනා බවත් වංචනික මිල ගණන් කැදවීම සදහා තමන්ගේ ව්‍යාපාර නාමයන් යොදා ගැනීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂනයක් සිදුකරන ලෙස ඒ මහතා ඉල්ලා තිබේ.

නියෝජ්‍ය නගරාධිපති එම්.ඩබ්ලිව් ප්‍රේමදාස මහතා විසින් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අමතරව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයටත් ඒ පිළිබදව ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුර  – බී.එම්.විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….