රජරට අලි මන්තර පැරණි පුස්කොළ පිටපතක් ඇසුරින්

ලංකාවේ අලි ඇතුන්ගේ ආදිතම සාධක ප්ල්යිස්ටෝසීන (Pleistocene) යුගය තෙක් දිවයන බව පී.ඊ.පී. දැරණියගල මහත්මා සඳහන් කරයි. මොවුන්ගේ පාෂාණීභූත කොටස් (පොසිල – Fossil) සබරගමුවෙන් ලැබී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

රත්නපුර, පැල්මඩුල්ල සහ කුරුවිට ප්‍රදේශවල මැණික් පතල් ආශ්‍රයෙන් ලැබී ඇති ඉපැරණි පාෂාණීභූත සාධක අතර අලියාට ද අයත් අස්ථි ඇතැයි පැවසේ. පොළොව මට්ටමෙන් අඩි 30-40 ගැඹුරේ දී ලැබී ඇති මේ සත්ත්ව ශේෂ වසර දස දහස් ගණනක් පැරණි ඒවා වෙයි. ශ්‍රී ලංකාවේ ඓතිහාසික වෘත්තාන්ත අනුව ඇතුන් හා  අලියන් පිළිබඳ වංශකතානුගත තොරතුරු බහුල ය.

ඇතැම් විදේශිකයන්ගේ වාර්තා තුළින් ලැබෙන ප්‍රවෘත්ති අනුව ද එකල ශ්‍රී ලංකාවේ අලි ඇතුන් විදේශීය රටවල් වෙත අලෙවිකර ඇත. එමෙන්ම බහු උපයෝගිතා කාරණා සම්බන්ධයෙන් අලි ඇතුන් අල්ලා හීලෑකරගත් බව ද වාර්තා වෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙන අලි ඇතුන් විශේෂ ගණයේලා සැලකෙන සත්ත්ව කොට්ඨාශයකි. ජාතික, ආගමික, සංස්කෘතික, වාණිජ හා වෙනත් කරුණුවලට අදාළව මෙම සත්ත්ව විශේෂය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික පසුබිම අනුව මෙම දිවයිනේ අලි – ඇතුන් සම්බන්ධව විවිධ පුවත් දක්නා ලැබේ. මෙගස්තිනිස්, ඔනසි ක්‍රීිටස්, ප්ලිනි, ඊලියන්, හර්පෝට්, රොබට් නොක්ස් සහ තවත් විදේශික පුද්ගලයින් විසින් වාර්තාකරනු ලැබ ඇති අලි ඇතුන් හා සම්බන්ධ විස්තරය බොහෝය. අතීතයේදී බහු කාර්යය උපයෝගීතා සඳහා යොදාගත් බවට සාධක පවති.

අලි ඇතුන් ඇල්ලීම, ගාල් කිරීම, පළවා හැරීම, ශ්‍රමය ගැනීම වැනි කරුණු වෙනුවෙන් අලි ඇතුන් මෙහෙයවා ගෙන තිබේ. අලි ඇතුන්ගෙන් ඇතිවන උපද්‍රව පාලනය කර ගැනීම සඳහා මන්තර භාවිතයෙන් විවිධ කෙම් ක්‍රම සිදුකළ බවට සාධක පවතී. අනුරාධපුර පිහිඹියගොල්ලෑව ගමෙන් අලි මන්තර පොතක් පසුගිය දිනක ලැබිණ. පැරණි අලි මන්තර පොත් ඉතා දුර්ලභ ය.

අලිමන්තරවල උපයෝගිතා කුමක් සඳහා ද? තමන්ගේ ආරක්ෂාව කෘෂි නිෂ්පාදනවල ආරක්ෂාව ඒ අතර ප්‍රධාන වෙයි. එමෙන්ම අලි ඇතුන් හීලැ කර ගැනිම සඳහා ද මන්තර වුවමනා කරයි. අලි මන්තර දන්නා ගොවියෝ අද ද රජරට සිටිනවා විය හැකිය. ගොවි ජනතාවගේ ආරක්ෂාවටත් භවභෝගවල ආරක්ෂාවටත් විවිධ උපක්‍රම යොදමින් වන අලි පලවා හැරීමට උතත්සාහ කරන බව වර්තමානයේදී දක්නා ලැබේ. ඇතැම් උපක්‍රම හිංසාකාරි වෙයි. පැරැන්නෝ හිංසාකාරි නොවන ක්‍රම භාවිතයෙන් අලි ඇත්තු පලවා හළ බවට ඇති සාධකයක් වශයෙන් පිහිඹියගොල්ලෑවෙ අලි මන්තර පොතේ අන්තර්ගතය පැහැදිලි කිරීම මෙහි අරමුණ වන්නේය.
එක් නිදර්ශනයක් මෙසේය.

නමඃ ශ්‍රී ඝණාය

ඕන් මහාමායදේවීඟන සද්ධර්ම දිෂ්ටි මහවිෂ්ණු නාරායනේ නමෝ නමඃ. මහාමායා උග්‍රතේජේන නාරායනේ නමෝ
නමඃ අලියට හා ඇතාටය ඇතින්නියට මා සරවන පවස මුඛායා ඕං උද්දංඩ බහිරවයා සිවායා
නමඃ රත්හදුන් හෙලහදුන් දෙක එක්කොට අටෝරාසියක් මතුරා තිලක දී අඬගසනු එත්.

මුඛ්‍ය පද ; රජ රට, පිහිඹියගොල්ලෑව, වන අලි, අලි මන්තර

උපුටා ගැනීම – කැලණිය විශ්වවිද්‍යාලය

http://repository.kln.ac.lk/handle/123456789/14372

වයි.කේ. තිස්ස බණ්ඩාර

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….