මිලකළ නොහැකි නිධානයක් ප්‍රවාහනය කල අය රක්ෂිත බන්ධනාගාරගත කරයි

aresst

මිලකළ නොහැකි නිධානයකින් ලබාගත් බව කියන නිල් මැණිකක් හා දියමන්ති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දමිළ ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන වසරේ ජනවාරි මස (05දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඊයේ (29දා) සවස නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පම්පමඩු වව්නියාව පදිංචි සන්දන රාජ් ධර්ම රාජා හා වීරපුරම් නෙරියකුළම පදිංචි නටේෂන්කේෂල් රාජ් යන දෙදෙනායි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කළ මැදවච්චිය පොලිසියේ අපරාධ නඩුමෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් අශෝක ධර්ම රත්න මහතා කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කැබිතිගොල්ලෑව කදවුරේ සෙබළුන් මැදවච්චිය යකාවැව හංදියේ ස්ථාපිත කළ හදිසි මාර්ග බාධකයකදි සැකකරුවන් දෙදෙනා යතුරු පැදි දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පරික්ෂා කිරිමේදි නිල් පැහැති ග්‍රෑම් 89 මිලිග්‍රෑම් 700ක් බර මැණික හා ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 250ක් බර දියමන්ති කැබලි 75ක් අත්අඩංගුවට ගෙන තිබෙනා බව සැරයන්වරයා අධිකරණයට දැන්වුවේය.

අත්අඩංගුවට ගෙන තිබෙන මැණික් හා දියමන්ති සත්‍ය ඒවා බව තහවුරුවි තිබෙනා බවත් ඒවා සැකකරුවන් විසින් නිධානයක් කඩා ලබාගෙන ඇති ඒවා බවට තහවුරුවි තිබෙනා බවත් සැරයන් ධර්මරත්න මහතා අධිකරණයට දැන්වූවේය.

සැකකරුවන් දෙදෙනා එම මැණික් හා දියමන්ති කිසිවෙකුට අලවිකිරීමට රැගෙන යන අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්වි ඇති බවට සැකකරනා බව සැරයන්වරයා අධිකරණයට තවදුරටත් දැන්වූවේය.

අත්අඩංගුවටගත් මැණික් හා දියමන්ති කොළඹ පිහිටි ජාතික ස්වර්ණාභරන අධිකාරියට හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට යොමුකර වාර්ථා ලබාගැනීමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම වාර්ථා ලබාගැනීමට නඩු භාණ්ඩ අදාල ආයතන වලට යොමු කිරීමට විනිසුරුවරයා පොලිසියට නියෝක කළේය.

අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස් මත මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අශෝක ධර්මරත්න 7959 මහතා අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….