රුසියානු ආරක්ෂක ලේකම් ස්පුට්නික් සමඟ මෙරටට

nikolas

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බුද්ධි සේවයේ (KGB) සහ රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ දීර්ඝ අත්දැකීම් රැසක් සහිත නිකොලායි පට්රුශෙව් මහතා 2008 වසරේ සිට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතාවට 2022 පෙබරවාරි 19 වන දිනට 65 වසරක් සපිරේ. නිකොලායි මහතාගේ මෙම සංචාරය මඟින් දෙරට අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කෙරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

නිකොලායි මහතා මෙරටට රැගෙන ආ ස්පුට්නික් එන්නත් මාත්‍ර 5,000ක ප්‍රදානය හා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට රුසියාව ලබා දුන් සහාය පිළිබඳවත්, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රුසියානු ජාතිකයින් 49,379 දෙනෙකු පසුගිය වසරේ මෙරට සංචාරය කිරීම පිළිබඳවත් ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළ කළේය.

රුසියානු ජීඑස්පී (GSP) ක්‍රමය යටතේ සිදු කරන අපනයන නිෂ්පාදන පුළුල් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ. කොළඹ වරාය නගරය, බලශක්ති, ඖෂධ නිෂ්පාදන, තොරුතුරු තාක්ෂණ, කෘෂිකර්මාන්ත සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට රුසියානු ආයෝජකයන්ට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස, දියුණු වෙමින් පවතින රටවල සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් රුසියාව වෙත ප්‍රශංසාව පළ කළ ජනාධිපතිතුමා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයන්වලදී ශ්‍රී ලංකාවට ලබාදුන් දැඩි සහයෝගයට කෘතඥතාව පළ කළේය.

ත්‍රස්තවාදයට එරෙහි ලංකාවේ සටනේදී රුසියාව ඉමහත් සහයෝගයක් දක්වන ලදී. බුද්ධි තොරතුරු හුවමාරුව, ත්‍රස්තවාදී කටයුතු වෙනුවෙන් සිදු කරන මුදල් යෙදවීම් නැවැත්වීම ඇතුළුව අන්තවාදී, ත්‍රස්තවාදී සහ සයිබර් තර්ජන කටයුතු නැවැත්වීම වෙනුවෙන් දෙරට අතර සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපතිතුමා නිකොලායි පට්රුශෙව් මහතා සමඟ පැවසීය.

මෙරට රුසියානු තානාපති යූරි මටෙරි (Yury Materiy), රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්වරුන් වන ඇලෙක්සැන්ඩර් වෙනෙඩික්ටොව් (Aleksander Venediktov), ඕලෙග් ක්රාමොව් (Oleg Khramov), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු සහ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු පිරිසක් මෙම හමුවට එක් ව සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….