සුරකිමු ගංගා පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යයි

ගංගා ද්‍රෝණී සංරක්ෂණය කිරීම නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන සුරකිමු ගංගා ජාතික වැඩසටහන මාර්තු මස 22 දින පළාත් මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගංගා ද්‍රෝණී එකසියතුනක් තුළ  මධ්‍යම පරිසර අධිකාරිය ඉකුත් වර්ෂයේදී  කරන ලද සමීක්ෂණයක් අනුව සංරක්ෂණය විය යුතු ස්ථාන තුන්සයයකට අධික ප්‍රමාණයක් හදුනා ගෙන තිබේ. ඒ අනුව එම ස්ථාන ආරක්ෂා කර ගැනීම හා මධ්‍යම කදුකරයේ ජල පෝෂක කලාප ආරක්ෂා කර ගැනීම සුරකිමු ගංගා වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව මෙම ස්ථාන සංරක්ෂණය කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ.පී.වැලිකන්නගේ මහතා  මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.

මෙරට ජන ඝනත්වය අනුව බස්නාහිර පළාතට සාපේක්ෂව මධ්‍යම පළාතේ ජන ඝනත්වය පහළ මට්ටමක පවතින නමුත් ගංගා දූෂණය අනුව මධ්‍යම පළාත සෙසු පළාත්වලට සපේක්ෂව පවතින්නේ ඉදිරියෙන් යැයි ඒ මහතා කීහ.

පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුලු ඝන අපද්‍රව්‍ය ජල මූලාශවලට මුදා හැරීම, අනවසර ඉදිකිරීම් සහ අනිසි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගංගා දූෂණය මේ වන විට මධ්‍යම පළාතේ ඉහළ තත්ත්වයක පවතින බැවින් එය කඩිනමින් පාලනය කිරීම මෙම නව වැඩසටහන තුළින් අපේක්ෂා කරන බව ද ඒ මහතා සදහන් කළේය.

ගංගා ආශ්‍රිතව පැළ රෝපණය කිරීම, ගංගා ඉවුරු සංරක්ෂණය කිරීම, ප්ලාස්ටික්, පොලීතින් හා වෙනත් අපද්‍රව්‍ය ගංගාවට මුසු වීම වැළැක්වීමට හදුනාගත් ස්ථාන සඳහා දැල් ආවරණ යෙදීම ඇතුලු වැඩසටහන් රැසක් මෙම ජාතික වැඩසටහනට සමගාමීව සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් උත්සවය ගන්නෝරුව ගන්නෝරුව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානය අසලදී ද නුවරඑළිය දිස්ත්‍රික් උත්සවය නල්ලතන්නිය සීත ගඟුල අසලදී ද මාතලේ දිස්ත්‍රක් වැඩසටහන සුදුගඟ ආශ්‍රිතව ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා ඇතුලු පිරිසක් සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….