දෙමාපියන් මහවිලච්චිය ගාමිණි විද්‍යාලය වටලයි

පාසලින් අස්වීම් සහතිකය ලබාගැනීමට ළමුන් දෙදෙනෙකුට ඉඩ ලබාදෙන ලෙස ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ලබාදුන් තීන්දුවකට අනුව අනුරාධපුර මහ විලච්චිය කොට්ඨාශයේ පිහිටි දුෂ්කර පාසලක් වන මහවිලච්චිය ගාමිණි විද්‍යාලයේ දරුවන් 18 දෙනෙකු වහාම ඉවත්කර ගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් ඊයේ (25දා) උදෑසන දෙමාපියන් පිරිසක් විද්‍යාලයේ විදුහල්පති කාර්යාලය වටලා තිබේ.

සිසු සිසුවියන් 136 දෙනෙකු ඉගෙනුම ලබන පාසලේ කිසිදු පහසුකමක් නැති බව කියමින් දෙමාපියන් හත්වන ශ්‍රේණියේ හා දෙවන ශ්‍රේණියේ දරුවන් දෙදෙනෙකු විද්‍යාලයෙන් අස්වීම ලබාගැනීමට දැරූ උත්සාහය විලච්චිය කොට්ඨාශ අධ්‍යක්ෂ එච්.ජී.එස් නේත්‍රාංජන මහතා විදුහල්පතිවරිය ඇතුළු නිලධාරින් විසින් පාසල වැසියාමේ අවධානම නිසා වලකා තිබු අතර ඊට එදිරිව ඔවුන් මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ අයිතිවාසිකම් ඉල්ලා පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

එම පැමිණිල්ලේ වගඋත්තර කරුවන් ලෙස අනුරාධපුර කලාප අධ්‍යපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි කොට්ඨාශ අධය්‍යාපන අධ්‍යක්ෂ එච්.ජී.එස් නේත්‍රාංජන හා විදුහල්පතිනිය නම්කර තිබුණි.

ඔවුන් පාසල වැසීයාමේ තර්ජනයෙන් මුදාවා ගැනීමට උත්සහ කළත් ඉන් ඇගබේරාගත් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය අදාල දරුවන් මුදාහැරීමට කටයුතු කරන බව දන්වමින් මානව හිමිකම් කොමිෂමට ලිපියක් ඉදිරිපත්කර තිබේ.ඒ අනුව දරුවන් දෙදෙනාට පාසලෙන් ඉවත්වීමට අවස්ථාව සැලසි තිබුණි.

ඒ සමගම සිය දරුවන් ඉල්ලා අස්කර ගැනීමට මානබලමින් සිටි දෙමාපියන් 18 දෙනෙකු ඊයේ (25දා) දිනයේ විදුහල්පති කාර්යාලය වටලා සිය දරුවන්ට අස්වීම ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

මේ පාසලේ දරුවන්ට උගන්වන්න ගුරුවරු නෑ.ශිෂ්‍යත්ව පන්තියට උගන්වන්න ගුරුවරු හිටියේ නෑ.අපේ දරුවෝ මෝඩයෝ බවට පත්වෙනවා මේ හේතුව නිසා.ජනාධිපතිතුමා පසුගියදා කිවුවා වහාම ගුරුවරු 30ක් මේ පළාතට එවන්න කියලා.

ජනාධිපතිතුමාට වඩා ඉහලින් තමයි උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරින් ඉන්නේ.මේවනකම් ඒ නියෝගය ක්‍රියාත්මක කරලා නෑ. කොට්ඨාශයට පත්කරපු ගුරුවරු තිහ තාම වැඩ බාර අරගෙන නෑ.අපිට පාසල වැහුනට කමක් නෑ.අපිට අපේ දරුවන්ට උගන්ව ගන්න ඕන.ඒ නිසා අපි දරුවන් අස්කර ගන්නවා වෙනත් පාසලකට ඇතුල් කරන්න.තවත් 22ක් අස්වෙන්න බලාගෙන ඉන්නවා යනුවෙන් දෙමාපියන් පැවසූහ.

මෙම පාසලේ දරුවන් 136 දෙනෙකු 1සිට 11ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන අතර විශයන් ආවරණය කිරීම සදහා සේවය කරන්නේ ගුරුවරුන් නම දෙනෙකු පමණි.

ගණිතය සිංහල බුද්ධාගම තොරතුරු තාක්ෂනය ඇතුළු විෂයන් සියල්ලකට ගුරුවරුන් නොමැති අතර තොරතුරු තාක්ෂන විෂය ඉගැන්වීමට පැමිණි ගුරුවරයා පත්වීම් ලබා සති කිහිපයකින් තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයට මාරුවීම් ලැබු බව අසරණ දෙමාපියන් පිරිසක් පැවසූහ.

මේ පාසල හෙට අනිද්දා වෙද්දි වැහිලා යයි.අපි දුප්පත් ගොවියෝ.අපි මේ පාසලට දරුවන් එවන්නෙත් හැතැප්ම දෙක තුනක් පයින්. ඉස්කොලේ වැහුවාම කොහොමද අපේ දරුවෝ ඉගන ගන්නේ යනුවෙන් ඔවුන් විමසූහ.

මීට පිළියම් නෙයෙදීම පිළිබදව විලච්චිය කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ජී.එස් නේත්‍රාංජන මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදි ඔහු මෙසේ කීවේය.

බලධාරින් දැනුම්වත් කරලා තියෙන්නේ ගුරුවරුන්ගේ හිගය පිළිබදව.තන්තිරිමලය රජමහා විහාරාධිපති තන්තිරිමලයේ චන්ද්‍රරථන නාහිමිපානන් ජනාධිපතිතුමා විහාරස්ථානයට ආපු අවස්තාවේ මේ ගැටළුව කියලා තිබ්බා.

වහාම ගුරුවරු තිහක් පළාතට දෙන්න කියලා එතුමා කිවුවා.නමුත් ඒක මේවෙනකම් සිදුවෙලා නෑ.ගුරුවරු 30ක් නම් කරලා තියනවා.ඔවුන් සේවයට වාර් ථා කරන් නැතුවා නගරයේ පාසල්වල ඉන්නවා.

ගුරු මාරු මණ්ඩලවල තියන දුර් වලතා නිසාත් මේ ප්‍රශ්න සිදුවෙලා තියෙන්නේ.කන්න නැති අසරණ දෙමාපියන්ගේ දරුවෝ අන්ත අසරණ වෙලා අනාතවෙනවා මේ පාසල වැහුනාම.මේක දිගු ඉතිහාසයක් තියන.හොදින් අධ්‍යාපනය ලැබු දරුවන් හිටපු පාසලක් යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….